Political

බැදුම්කර හොරු,රාජපක්ෂලා හුරතල් කල අය නිදැල්ලේ… අවනීතියට එරෙහිව අවිචාරවත් සටනක් කල රංජන් පක්ෂයෙන් දොට්ට…. ජනතාවනි, මේ ඔබේ අවධානය පිණිසයි…

Published on: Jan 14, 2020-පක්ෂ,පාට,ජාති,ආගම්, භේදයකින් තොරව,හොරුන්, මිනීමරුවන්, අපරාධකරුවන්, නීතියට කොටු කරන්න,සදාචාරාත්මක නොවූ හුදකලා සටනක් සිදුකල රංජන් රාමනායක එක්සත් ජාතික පක්ෂයෙන් එළවා දැමිමට පක්ෂ නායකත්වය තිරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එජාපය තීරණය කර තිබේ.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව එම අත්හිටුවිමේ ලිපිය යොමුකර ඇති අතර දින් 7ක් තුල එම චොදනා සදහා පිළිතුරු දෙන ලෙසද දැනුම් දි තිබේ.

දුරකථන සංවාද පටිගත කිරීම ඔස්සේ ඔහු පක්ෂය අපකීර්තියට පත්කර ඇති බවත් එකී කරුණ හේතුවෙන් ඉදිරි මැතිවරණයකදි එය පක්ෂයේ මැතිවර ව්‍යාපාරයට දැඩි බලපැමක් එල්ල කරනු ඇති බව එම ලිපිය මගින් දිගින් දිගටම අවධාරණය කර තිබේ.

රාජපක්ෂ කළු දශකය අවසන් කරමින් 2015 යහපාලන ආණ්ඩුවක් පිහිටුව මහමැතිවරණයක් එන්නට කලින් මහා
බැංකු බැදුම්කර වංචාව සිදුවු අතර ඉන්පසු පැවැති සෑම මැතිවරණයකදිම බැදුම්කර වංචාව එජාපයේ පරාජයට
මුලික හේතුවක් වු අතර 2019 පැවැති ජනාධිපතිවරණයේද එය මුලික හේතුවක් විය.නමුත් පක්ෂයේ පරාජයට
මෙන්ම අපකිර්තියට හේතුවු කිසිවෙකුගෙත් පක්ෂ සමාජිකත්වය හෝ අඩුමතරමින් පාක්ෂිකයින් පැත්තෙන් සලකා
ලිපියක් යොමුකිරිමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන්ට කිරිමට නොහැකි විම පාක්ෂිකයින්
තවදුරටත් සලකා බැලිය යුතුය.

රාජපක්ෂලාගේ හොරකම්,මැරකම්,වංච සියල්ලම වසා දමමින් රටේ ජනතාවගේ අපේක්ෂා භංග කල යහාපලන බැදුම්කර හොරුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

ජනතාවනි, මේ ඔබේ අවධානය පිණිසයි…


Loading…


Top