LNN SPY

මාධ්‍යවේදීන් ගොනාට ඇන්ඳවු යහපාලන මජර වැඩ

යහපාලන රජයේ දුෂණ වංචා ගෙඩි පිටින් එලියට එම ආරම්භ විමත් සමගින් ජනමාධ්‍යවේදීන් ගොනාට ඇන්දවිමට යතුරු පෑදි හා නිවස ලබාදිමට කටයුතු කරන බවට ජනමාධ්‍ය අමාත්‍යංශය පැවැත්වු සංදර්ශණය පට්ට අමුලික බොරුවක් බව අතේ මාට්ටු වි තිබේ.ජනමාධ්‍යවේදීන් සදහා යතුරු පැදි ලබාදිමට පොරොන්දු ලබාදුන්නද ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ණය ක්‍රමවේදයන් පිළිබඳව කිසිම සාකච්ඡාවක් කර නැති බව අමාත්‍යංශ්‍ය අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

දැනට වාර්තාවන අන්දමට යතුරු පැදියක් ලබාගැනිම සදහා එකවර එක්ලක්ෂ විසිදහසක් (120,000)ගෙවිය යුතු අතර ඉතිරිය අමාත්‍යංශය හරහා ගෙවිමට ඇමතිවරයා තිරණය කර තිබේ.නමුත් ජනමාධ්‍යවේදීන් සදහා කලින් පොරොන්දු ලබාදි තිබුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලබාදුන් ආකරයට රුපියල් 50,000ක මුදලකට යතුරු පැදි ලබාදෙන බවටයි.ජනාධිපතිවරණ සමයේ පසුගිය ආණ්ඩුව ගත් 50,000 ආපසු දෙන බවටද ආණ්ඩුව අමු පචයක් කියා තිබේ.මන්ද තවමත් එම මුදල් කිසිවෙකුටවත් ලැබි නෑ 
මේ අතර පසුගියදා ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මාධ්‍යවේදීන්ට නිවාස ව්‍යාපෘතියක් කඩිනමින් ආරම්භ කරන බව කියමින් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් යැයි කියමින් අක්කර 120කට ආසන්න භූමිභාගයකට මාධ්‍යවේදීන් එක්කගෙන් ගොස් ගොනාට අන්දවා තිබේ.
එම ඉඩම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට තනිකරම අයත් එකක් නොවන අතර එම ඉඩම රුපවාහිණි හා ගුවන් විදුලි ගම්මානයක් ඉදිකිරිම සදහා තින්දු කල ඉඩමක් බවද අනාවරණය වි තිබේ.
මේ වනවිටත් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් ප්‍රශ්ණ කර ඇති අතර ඇමතිවරයා එම ප්‍රශ්ණ වලට පිළිතුරු දිමෙන් වැලකි සිටින බවද වාර්තා වේ.
Top