LNN SPY

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරයි! ජනමතවිචාරණයක් නැති 19ය තවමත් නීතියක් නොවේ.. 19ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්!

Published on: Feb 3, 2020 – 2002 දී පාර්ලිමේන්තුවට ගෙන එන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5වන වගන්තිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ව්‍යවස්ථාවක් ගෙන එමින් වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබුණි.

එකී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් මස 19වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇත.

එම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින්ශ්‍ රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල්(වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එහි තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය නීතියක් බවට පත් කිරීම සදහා අවශ්‍ය වන නීතිමය තත්ත්වය එම විනිසුරුරු 7දෙනා විසින් දීර්ඝව විස්තර කර ඇත. වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5වන වගන්තිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවත් එය නීතියක් වන්නේ ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුරු 7දෙනෙකු විසින් තීරණය කර ඇත. 2

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට එකගව කටුයුතු කරන්නේ නම් වසරකට පසු පාර්ලිමේන්තුව විසරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සදහන් සටහනක් තබා ජනමතවිචාරණයකදී තමන්ගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව එළඹෙන තෙක් ජනතාව බලා සිටින අතර මේ වන තෙක් ජනාධිපතිවරයා විසින් ඒ අවස්ථාව ජනතාවට ලබා දී නැත. මෙය ජනාධිපතිවරයා විසින් සිදුකරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනි තත්ත්වයකි.

2015 ගෙන එන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය කියා ඇති පරිදි ජනතාවගේ කැමැත්ත විමසීමට ජනමතවිචාරණය නොපැවැත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කිරීම සහ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක යෙදීම…..

අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත්‍රයේ 11 වන කොටස අතිරේකය   (2015.03.16 දින නිකුත් කරන ලද) 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 19වගන්තිය මගින් පාර්ලිමේන්තුව විසරවීමට අදාල ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව එකී ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අනු ව්‍යවස්ථාව ආදේශ කිරිම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1)    ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය:

එසේ වුවද, පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුතු බව දක්වා ඇත.

ඒ අනුව 2005 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින්ද 2002දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මෙන්ම ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම සීමා කරන විධිවිධාන ඇතුළත් කර ඇත.

2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර එනම් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 7දෙනෙකු විසින් තීරණය කළ පරිදි  පාර්ලිමේන්තුව විසිරවීමෙන් ජනාධිපති වළක්වන විධිවිධානය නීතියක් බවට පත් කිරීමට පෙර ජනතාවගේ මතය විමසන ජනමතවිචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරවයා කටයුතු කර නැති අතර පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය පමණක් මේ වන විට හිමි වී ඇත. නමුත් එය නීතියක් වීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පැවැත්විය යුතු ජනමතවිචාරණය පැවැත්විය යුතු අතර වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව විසින් බලයට පත් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කිරීමට නොව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට අනුව රට පාලනය කිරීමටය.

පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්ම්ත වී ඇති 2005දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව නීතියක් බවට පත්කිරීමේ ඉදිරි පියවර ගැනීම ජනාධිපතිවරයා විසින් කළ යුතු වේ.

මෙහිදී යම් අයෙකු හෝ කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අයුතු ලෙස හා අන්තනෝමතික ලෙස යොදා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව කටයුතු නොකරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරන ආකාරයට 2015දී ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා නීති විරෝධීව නීතිමය තත්ත්වයක් ආරෝපණය කරමින් සිටින හෙයින් ඒ සම්බන්ධව දැඩිව ක්‍රියා කිරීමද ජනාධිපතිවරයාට අයත් කාර්යයක් වේ.

ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්කරනු ලැබූයේ නීතියට අනුව රට පාලනය කිරීමට හෙයින් මේ වැරදි තත්ත්වය නිවැරදි කිරීමේ පූර්ණ වගකීම ඔහු විසින් දැරිය යුතු අතර මෙහිදී කිහිප දෙනෙකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්  සිදු කර ඇති බවත් පැහැදිලිවන හෙයින් ඒ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදුකර වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමද සිදු කළ යුතු වේ.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

ආශ්‍රිත මූලාශ්‍ර

  1. 2002 දී පාර්ලිමේන්තුවට ගෙන එන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5වන වගන්තිය.
  2. ශ්‍රී ලංකා වාසී ජනතාව තවම ව්‍යවස්ථානුකූලව සම්මත නොකළ එම නිසා තවම නීතියක් වී නැති 19වන ව්‍යවස්ථාකෙටුම්පත සහ කළු සුදු කිරීමේ 21 සහ 22 

(හර්ෂ කුමාර සූරියආරච්චි)

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top