LNN SPY

ඌවේ සටනට යෝෂිත කැදවයි….. නියත විවරණ ගෝඨාභයගෙන්! “ඌට විතරයි Army Attentions තියෙන්නේ…” යෝෂිතගේ ආගමනයෙන් වියතුන්, මහින්දවාදින් අන්දොස් වෙයි…! 

Published on: Feb 14, 2020 – මහා මැතිවරණයේදි බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් මැතිවරණය මෙහෙයවන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

යෝෂීත ඉන්දිය සංචාරයට එක්විමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදුකර තිබේන අතර එයට මේ දක්වා යහපත් ප්‍රතිචාර දක්වා නැති වුවත් එයට අකමැත්තක් පලකර නොමැති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.තම පියා(මහින්ද ) සමග සාකච්ඡා කර බාප්පාට (ගෝඨාභයට) උත්තරයක් ලබාදිමට කටයුතු කරන බවද් යෝෂිත එහිදි පොරොන්දු දි තිබේ.

ඌවේ සටනට යෝෂිත කැදවිම සම්බන්ධයෙන් වියත්මග වියතුන් මෙන්ම රාජපක්ෂ කදවුරේ ඇතැම් පාර්ශ්වයන් අතරද විවිධ සාකච්ඡා සිදුව ඇති අතර යෝෂිත ඉන්දියා සංචාරයේ යෙදෙන අතරතුර කිහිප දෙනෙකුම මේ පිළිබඳව ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදි ගෝඨාභය පවසා ඇත්තේ තමන්ට පසුව  Army Attentions තියෙන්නේ යෝෂිතට පමණක් බවයි. මහින්දගෙන් පසුව රාජපක්ෂ පවුලේ එකම බලවත් කේන්ද්‍රයට හිමිකම් කියා ඇත්තේද යෝෂිත රාජපක්ෂ පමණී.

කෙසේවෙතත් යෝෂිතගේ හදිසි කැදවිමත් සමග දැඩි ලෙස කලබලයට පත්ව ඇත්තේ ව්‍යාඝ්‍ර වංශ හෙවත් විමල් විරවංශ බව අප දේශපාලන වාර්තාකරු සදහන්කළා. මෙවර කොළඹ,ගම්පහ,කලුතර ඇතුලු දිස්ත්‍රික් ගණනාවක විමල්ගේ කණ්ඩායම් ඇතුල් කලද ජයග්‍රහණය ලබා ගැනිමට තරම් එම දිස්ත්‍රික්ක වල හැකියාවක් ඔමැති හේයින් බදුල්ල දිස්ත්‍රික්කයේ තමන්ගේ මන්ත්‍රී ගොඩ වැඩි කර ගැනිම සදහා ඉතා සියුම් මෙහෙයුම් දියත් කර තිබිම ඊට හෙතුවයි.ඒ සදහාවිමල් පිලේ  මොහොමඩ් මුසාමිල් බදුල්ලෙන් ඉදිරිපත් කිරිමට විමල් කටයුතු සිදුකරමින් සිට තිබේ.යෝෂිත කැදවිමත් සමග එම අවස්ථාවද විමල්ගෙන් ගිලිහි යන අතර ඌවෙත් රාජපක්ෂලාම බලය තහවුරු කර ගැනිම සිදුකරනු ඇති බවයි විමල්ගේ අදහස වි ඇත්තේ.

මේ වනවිටත් යෝෂිතගේ ඌවේ ගමන නතර කිරිම සදහා විමල් කුමන්ත්‍රණයක් දියත් කර ඇති අතර ඒ සදහා ඌවේ බල සහිත  ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුලු කදවුර ඇවිසිම සදහා සිය වෙබ් මඩ බලකාය සුදානම් කරමින් සිටින බවද මේ වනවිට අනාවරණය වි තිබේ.මහින්දගේ ඉන්දිය සංචාර සදහා යෝෂිත එක්කරනු ලැබුවේ ගෝඨාභයගේ ඔත්තුකරුවෙකු ලෙස බවයි විමල් සිය මඩ බලකායට දන්වා ඇත්තේ.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top