All

“අම්මා ඕනි නම් තාත්තාව ගස් බැද හෝ ගෙනියනවා…” රනිල්ගේ ජෙම්ස් බොන්ඩ් ශානි හත්පොලේ ගාගෙන ….. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම අලුත් පාරක!

Published on: Aug 25, 2020- මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ  පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම , එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව සිදුකළ බව පවසන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් තමාට බලපෑම් කල බව  කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කර තිබේ.

සාක්ෂි ලබා දෙමින් ඔහු සදහන් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර එක් අවස්ථාවක තමාව කාමරයකට කැදවා , බදුල්ල පොලිසියේ නිලධාරියෙකුට දුරකථනයෙන් සම්බන්ධ කළ බවයි.

“එහිදී එම නිලධාරියා ” ශානි මහත්තයා කියන දේ කරන්න බයවෙන්න එපා. ඒ හැමදේම ශානි මහත්තයා කරල දෙයි ” යනුවෙන් තමාට පැවසූ බව කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන අනාවරණය කර තිබේ.

ඔහු පැවසුවේ ඊට පසු දින පොලිස් පරීක්ෂක ඉරෝෂන් විල්ලවආරච්චි නැමැත්තෙකු තමාට දුරකථන ඇමතුමක් ලබා දී , ශානි අබේසේකර දුරකථනයෙන් සම්බන්ධ කළ බදුල්ල පොලිසියේ නිලධාරියා තමා යැයි ප්‍රකාශ කළ බවයි.

එම දුරකථන ඇමතුම කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන පටිගත කර ඇති අතර එය කොමිසම හමුවේ ඇසිමට සලස්වා තිබේ.එහි සදහන් වූයේ, “ශානි අබේසේකර යනු අම්මා ඕනි නම් තාත්තාව ගස් බැද හෝ ගෙනියන” ආකරයේ පුද්ගලයෙකු බවයි.

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ , අවි ආයුධ සගවා තැබීම සම්බන්ධයෙන් සාක්ෂි ලබදුන්නේ ශානි අබේසේකරගේ උපදෙස් මත බව එම ඇමතුමේදී අදාළ පොලිස් නිලධාරියා අනාවරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට වුවද තම සූදානම් බව එම නිලධාරීයා පවසා තිබීම නිසා , ඔහුවද කොමිසම හමුවට කැදවන ලෙසට සිතාසි නිකුත් කෙරුණ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරයන් මෙන්ඩිස් යන අයට ලබන 10 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනි සිටින්නැයි සිතාසි නිකුත් කර තිබේ.

#Shani #Abeysekera #Gotabaya #Rajapaksa


Top