LNN SPY

ජෝන් බාස්ලා ඉදිරියේ දෙකට නැමුණු මෛත්‍රීලා අමෙරිකාවට ගුවන් පථයක් සහිත කඳවුරක් රහසෙම දෙයි

ඉරණවිල හෝ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ දෙකෙන් එකක ඇමරිකානු ආරක්ෂක අංශයට අයත් ගුවන් පථයක් සහිත කඳවුරක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට රහසිගත අන්දමින් කටයුතු සූදානම් කරමින් සිටීන බව වාර්තා වේ.
භූමිය නිශ්චිතව තහවුරු කර නොගත්තද මෙයින් බලාපොරොත්තු වන්නේ දකුණු ආසියාව තුල ඇමරිකානු යුධ බලය ව්‍යාප්ත කිරීමයි.

මේ සදහා මෛත්‍රීපාල සිරිසේන ජනපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා කර තිබෙන අතර එහි ප්‍රථිපලයක් ලෙස අමරිකානු ජනපති බැරක් ඔබාමා ලංකාවේ සංචාරයක නිරත විමටද සුදානමින් සිටින බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදි ඇමරිකාව ශ්‍රීලංකාවේ ආණ්ඩු පෙරලියට කෙලින්ම ඇමරිකානු රාජ්‍ය මැදිහත් විමේ රහස මේ බව දැන් අනාවරණ වි තිබේ.පසුගියදා  ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරීලා ලංකාවේ රවුම් ගැසුවේ නිකමට නොවන බව දැන් පැහැදිලිය.යහපාලනය යනු බෙදුම්වාදීන්ට,ජාත්‍යන්තරයට  කප්පම් දෙන් කණ්ඩායමක් බව අප අවස්ථා ගණනාවකදි අනවරණය කලා.පසුගිය කාලසිමාවේ විදේශ අමාත්‍ය මංගල සමරවිරලා කොලු ගැටවු අරගෙන ඇමරිකාවේ හොටල් වලට  වි කලේ මොනවාද යන්න දැන් ඉතා පැහැදිලිය.

මේ රට දෙකඩ් කිරිම සදහා  ජාත්‍යන්තර බලවෙග මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජය කිරිමට උත්සහ දරණ බවට ගෙවුනු වසර ගණනාවක් මේ රටේ දේශප්‍රේමීහු කෑ මොර දි කියද්දි ඇතැම් ගවපාලකයින්ට එය විහිළුවක් බවට පත්විය.නමුත් දැන් අමෙරිකානු කාරයෝ එලිපිටම පසුගියදා පිළිගත්තා.

“I see more democracy in places where it was non-existent or troubled – big changes in Sri Lanka and other countries. We can run the list. But I hope you will sense that it is not all doom and gloom that we are looking at. Tough issues? Yes. But enormous opportunities for transformation if we will do our job and continue to be steady and put on the table the resources necessary to take advantage of this moment of transformation,” 

Top