LNN SPY

මහින්ද හම්බන්තොටදි වෙඩි තියනවා මම දැක්කා -සිරිසේන අලුත් නාඩගම… ගොන්ජා කඩේ යැවිම

මහින්ද රාජපක්ෂ මහතා මුල්කිරිගලදි මිට අවුරුදු 20කට පෙර වෙඩි තැබිමක් සිදුකල බවත් ඒ අවස්තාවේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන වන තමන් එම ස්ථානයේ සිටි බවත් තමන්ට පැවසු බව  රන්ජන් රාමනායක නොහොත් ගොන්ජා ප්‍රකාශයක් කර තිබේ.

රාජපක්ෂලාගේ වංචා දුෂණ සොයන්නට ගිහින් ගලේ පැහැරු බළලා මෙන් ඉල්ලන් කෑ රන්ජන් රාමනායක නොහොත් ගොන්ජා ඊයේ ගුවන් විදුලි නාලිකාවකට විත් තවත් ගොන් කතාවක් කියා තිබේ.ගොන් කතාවක් වගේම ඒ කතාවේ බරපත්ල කමක්ද තිබේ.එපමණක් නොව එම කතාව හරහා ගොන්ජා මෛත්‍රීපාල සිරිසේන වද අමාරුවේ දමා තිබේ.

ගොන්ජා කියන අකාරයට මෛත්‍රීපාල සිරිසේන මේ කතාව කිව්වාද? නැද්ද? යන්න පලමුව අනිවාර්යයෙන් ප්‍රකාශයක් කල යුතුය. මිට අවුරුදු 20කට 21 එකකට කලින් කිසියම් සිද්ධියක් සිදුවු බව රටම දනී නමුත් රටේ අධිකරණය හරහා එදා ඒ පිළිබඳව නීතිමය කටයුතු කර තිබේ. එවකට මේ රටේ ක්‍රියාතමක් වෙමින් තිබු ප්‍රේමදාස ත්‍රස්තවාදී යුගයේ සිදුවු එම සිද්ධිය ගැන මෛත්‍රීපාල සිරිසේන මේ හදිසියේ මතක් කරන්නේ ඇයිද යන්න රටේ ජනතාවට අමුතුවෙන් කියා දියයුතු නැත.

සිරිසේන මේ උත්සහ කරන්නේ රාජපක්ෂලා ට්‍රිලියන් ගණන් මුදල් කොල්ල කෑ බවත්,අමෙරිකාවේ බකිංන්හැම් මාලිගාවෙන් ගෙන ආ කිව්ව අශ්වයින්,හෙලිකොප්ටර සහ ලැම්බොගිනී සොයා ගැනිමට නොහැකි වු විට තවත් බොරුවක් කියා ජනතාව ගොනාට ඇන්දවිමටය.

සිරිසේන එදා එතන සිටියානම් ඇත්ත නොකිව්වේ ඇයිදැයි අප අසන්නේ නැත.මන්ද ග්‍රාම සේවකයන්ගේ සමාන්‍ය පුරුද්ද ඔය විදිය බව ග්‍රාම සේවකයන් සිටින ඔනෑම ගමක මිනිස්සු හොදින්ම දනී.නමුත් රටේම මිනිස්සු ග්‍රාම සේවකයන් හෝ සිරිසේනගේ ඇබේනීය මෙන් ළිද ලග සංගමයේ යෙදෙන අය බව සිතා රටට ප්‍රකාශයන් නිකුත් කිරිම අමන ගොන් බුරු තකතීරු කමක් බව පමණක් සිරිසේන දැන සිටිම අනාගතයට වැදගත්‍ ය.

කොහොම නමුත් ගොන්ජා මේදා පොටේ සිරිසේනව අමාරුවේ දමා තිබේ.ඒ මහින්ද රාජපක්ෂ යම් අපරාධයක් කල කෙනෙකු ලෙස තමන් ඇසින් දුටුවේ නම් දැන් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කල යුතුය.එසේ නැත්නම් ජනතාව හමුවේ තමන් කල බොරු ප්‍රකාශය පිළිබඳව සමාව ඉල්ලා සිටිය යුතුය.

ගොන්ජා කල ප්‍රකාශය අහන්න 

Top