LNN SPY

පිං අගමැති රැක ගන්න ඇමතිකම් දන්සල් අදත් විවෘතයි-අනේ දෙවියෝ පාර්ලිමේන්තුව නම් විසුරුවන්න එපා

පිං අගමැති රනිල් වික්‍රමසිංහ තවදුරටත් ගමැති කමේ තබා ගැනිමේ අසිමාන්තික මන්ද ආශාවකින් පෙලෙන පිංගුත්තර ජනපති  මෛත්‍රීපාල සිරිසේන අද සවස තවත් ශ්‍රි ලනිපයේ බත් බැලයන් පිරිසකට ඇමතිකම් ලබාදිමට සුදානම් වන බව වාර්තා වේ.ඒ අනුව අද සවස නව ඇමති හා නියෝජ්‍ය ඇමති හා රාජ්‍ය ඇමති යනුවෙන් 8 දෙනෙකු දිවුරුම් දිමට නියමිතයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන නතර කර බෙදුම්වාදීන් සමග රට කැලිවලට කඩා තමන්ගේ බලය පවත්වාගෙන යන රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුවක් සෑදිමේදි රටේ ජනතාවට දුන් පොරොන්දු සියල්ලම දැන් කඩා බිද දමා අවසන්‍ ය. ඉස්සර මහින්දලා ඇමතිකමක් දෙන විට හතර අතේ කෑ ගැසු….මඩ ගැසු මාධ්‍ය ගොබිලන්ට දැන් කට උත්තර නැත.උත්තර දෙන්න විදියක්ද නැත…මන්ද දැන් උන් ඔක්කොම ඉන්නේ රනිල්ගේ ඔඩොක්කුවේ නිසාය.
ඊයේ කථානායකවරයා ඇතුලු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 3/2කටත් වඩා පාර්ලිමේන්තුව විසුරුවාලීමට කටයුතු කරන ලෙසට බලපෑම් කලද හැමදාම රැට රැට රනිල් වික්‍රමසිංහ මෛත්‍රීට සත්තම දමන්නේ අනේ දෙවියෝ පාර්ලිමේන්තුව නම් විසුරුවන්න එපා කියාය.
මෛත්‍රී හෝ රනිල් කල යුත්තේ නිකන් කටින් බතල සිටුවිම නොවේ.එදා පොරොන්දු වු ලෙසම වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිමය…..ඊට පස්සේ පුලුවන්නම් ආණ්ඩුවක් සාදා පෙන්විමයි….
Top