Political

GSP + සහනය ලබාදිමට ඔබාමා අත්සන් කර නෑ – පච අජිත්ගේ පච කතා

බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරිමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු නොකිරිම නිසා අහිමිකර තිබු  GSP + සහනය යලි ලබා දීමට ඇමරිකානු ජනාධිපති අත්සන් කර ඇතැයි නියෝජ්‍ය විදේශ ඇමැති නීතිඥ අජිත් පී පෙරේරා කල ප්‍රකාශය අමුලික පට්ටපල් බොරුවක් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

අමෙරිකානු ජනාධිපතිවරයා එවැනි ලිපියකට අත්සන් කරන්නේ නම් ඒ සදහා අනුගමනය කරන ක්‍රමවේදයක් තිබේන බවත් එය අජිත්ට හෝ මංගලට අවශ්‍ය පරිදි සිදුනොවන බවද ඔහු සදහන් කළා.

උපුටා ගැන්ම පච අජිත්ගේ ප්‍රකාශය 

“ GSP + සහනය අපිට ලැබෙනවා කියලා කියන කොට අපේ ඇඟලුම් කර්මාන්තය ඇතුලු කර්මාන්ත විනාශය කරා අරන් ගිය රාජපක්ෂගේ උද්දච්ඡ ගෝල බාලයෝ කීවේ ඔය අජිත් පෙරේරලා මංගල සමරවීර ලා කියන්නේ බොරු කියලා. නමුත් දැන් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා GSP + සහනයට අත්සන් කරලා තියෙනවා.  අපේ නිෂ්පාදන වලට ඇමරිකානු වෙළඳ පොලේදි සියයට 15 ක 20 ක වාසියක් අපිට ලැබෙනවා. ලංකාවේ භාණ්ඩ වලට තිබෙන විශාලම වෙළෙඳ පොලක් තමයි ඇමරිකානු වෙළඳ පොල. ඒ නිසා මේ රටේ කර්මාන්ත දියුණු වෙනවා. සේවක සේවිකාවන්ගේ පඩි වැඩි වෙනවා. ඕක කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුවකට විතරයි.“ 

උපුටා ගැන්ම අවසන් 

GSP + සහනය යලි ලබා දීමට ඇමරිකානු රජය මග මංගල සමරවිර ඇමරිකාව ඉදිරිපිට දණගසා වැදවැටුනද උතුරේ ස්වයං පාලනය පිහිටුවිම,යුධ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම යනාදි කරුණු කිහිපයක් ඉටුවන තුරු යලිත් GSP + සහනය ලබා නොදිමට යුරෝපා සංවිධානය තිරණය කර තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.

Top