LNN SPY

පිං අගමැති බේරා ගන්න පිංගුත්තර ජනපති ඇමතිකම් වෙන්දේසියේ….

පිං අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර ගැනිම සදහා යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇමතිකම් වෙන්දේසියේ දමා තිබෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙකු lnw.today ස්කයිප් හරහා එකතු වෙමින් කියා සිටියා. 

මහින්ද රාජපක්ෂ සමග මේ මොහෙතේ එකතු වෙමින් රට බෙදුම්වාදීන්ගෙන් මුදවා ගැනිම සදහා කරන සටන කරන මන්ත්‍රිවරුන් වෙනුවෙන් ඉතා ඉහල පෙලේ ඇමතිකම් ලබාදිමට තමන් සුදානම් බව මෛත්‍රීපාල එම මන්ත්‍රිවරුන්ට පණිවිඩ එවා තිබෙන බවද ඔහු සදහන් කළා.දැනට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දරණ ඇමතිකම්ද එහි සදහන්ව ඇති බවයි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයා සදහන් කළේ.

ඉදිරි මහ මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකර එක්සත් ජාතික පක්ෂයම සමග එකට එකතුව තරග කිරිමට රනිල්-මෛත්‍රී කුමන්ත්‍රණය කරමින් සිටින බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ රට පාවාදෙමින් මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ඇමතිකම් ලබා ගැනිමට බොහෝදුරට ඉඅඩ ඇති බවත් එසේ වුවහොත් ඔහුන්ව පරාජය කිරිමට රටේම ගෙන යන ශක්තිමත්ව ජනතාව එකතු කරගනිමින් ගෙනයන බවද ඔහු අවධාරණය කළා.

ඇමතිකම්එකක් නොවේ 100ක් ලබාදුන්නද මහින්ද රජපක්ෂ වෙනුවෙන් නැගි සිටි ජනතා බලවේගය කිසිදිනක යටකල නොහැකි බව යමපාලකයන් මතක තබා ගතයුතු බවද ඔහු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top