All

“ඔන්න මගේ වැඩේ මම කළා … දැන් ඔයා එයාලා ගැන බලා ගන්න”.. බැසිල්ට එරෙහි වුවන් රනිල් පාවාදෙයි!

බැසිල්-රනිල් හමුවෙන් පසුව රාජපක්ෂලාට එරෙහිව ජනාධිපතිවරයා සමග කේලාම් කී පොහොට්ටුවේ කණ්ඩායම් පාවාදීමේ මෙහෙයුම රනිල් වික්‍රමසිංහ ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.පසුගිය මාස දෙකක පමන කාලයක සිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් රහසේම රනිල් වික්‍රමසිංහ හමුවෙමින් විවිධ සාකච්ඡා පැවැත්වු අතර එහි මුලිකත්වය ගෙන කටයුතු කලේ පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙකුව සිටි නිමල් ලන්සාය.

පොහොට්ටු මන්ත්‍රීවරු 50ක් පමණ මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමග සෘජුවම සම්බන්ධ විමට කැමත්තෙන් සිටින බව පෙන්වමින් ලන්සා එක දමා ගැනිමේ මෙහෙයුමක් දියත් කර තිබු අතර ඒ වෙනුවෙන් ආණ්ඩුවේ සහ එහි හිතවාදීන්ගේ පොදු අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් කිරිම සඳහා මැතිවරණ කාර්යාලයක් පවා රහසෙම පවත්වාගෙන ගොස් තිබේ.එම මැතිවරණ කාර්යාලය කොළඹ ලේක් ඩ්‍රයිව් පාරේ අංක 118 දරණ ස්ථානයේ පිහිටුවා ඇති අතර එය ලබා ගැනීම සහ කාර්යාලය සංවිධානය කිරීමේ මූලිකයා ලෙස නිමල් ලන්සා කටයුතු කර තිබේ.

ලන්සාට අමතරව කුප්‍රකට කප්පම්කරුවෙකු ලෙස අධිකරණයෙන් වරදකරුවෙකු කර ලංකා ඉතිහාසයේ විශාලම දඩමුදලට හිම්කම් කී ප්‍රසන්න රණතුංගද මේ සම්බන්ධයෙන් විශාල කාර්යභාර්යයක් ඉටු කර තිබේ. නුදුරේදිම එම කණ්ඩායමෙන් තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් ඇමතිධුර ලබාදීමට කටයුතු කරන බවද ප්‍රසන්න අනාවරණය කර තිබුනා.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදිම පොහොට්ටුවේ නිල නොලත් නායකයා වන බැසිල් රාජපක්ෂ විවිධ අනතුරු ඇගවිම් කල තිබුනද නරියෙකු මෙන් කපටි විධායක බලය සහිත ජනපති සමග සිටිම ආරක්ෂීත බව දන්නා මෙම කණ්ඩායම දිගටම එම අනතුරු ඇගවිම් නොසලකා කටයුතු කර තිබේ.

තත්ත්වය මෙසේ තිබියදි මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාව හමුවීමට ගොස් තිබු අතර පසුගිය 30 වෙනිදා මෙම හමුව සිදු වී තිබේ. එහිදි රනිල් වික්‍රමසිංහ සදහන් කර ඇත්තේ රාජපක්ෂලාට හෝ පොහොට්ටුවට එරෙහිව තමන් කිසිදු කුමන්ත්‍රණයක් දියත් නොකල බවයි.කෙසේවෙතත් පොහොට්ටු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු තමා මුණගැසී සාකච්ඡාකල බවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් තමන්ට (රනිල් )සහය දිමට කැමත්තෙන් සිටින බව දැනුම් දුන් බවයි. ඔහුන්ගෙන් තෝරාගත් කිහිප දෙනෙකුට ප්‍රබල කැබිනට් අමාත්‍යධුර ලබාදෙන ලෙසද ඉල්ලිමක් කල බව රනිල් බැසිල්ට සදහන් කල බව බැසිල්ගේ සමිපතමයෙකු අප වාර්තාකරු සමග සදහන් කර තිබේ.

රනිල් හමුවු අදාළ මන්ත්‍රීවරුන් සහ ඔහුන් කල ඉල්ලිම් මෙන්ම සාකච්ඡාකල කරුණුද මෙහිදි රනිල් බැසිල් හමුවේ අනාවරණය කර තිබේ.”ඔන්න මගේ වැඩේ මම කළා … දැන් ඔයා එයාලා ගැන බලා ගන්න” යනුවෙන් රනිල් එහිදි බැසිල්ට අවධාරණය කර තිබේ.

තමන්ට එරෙහිව කදවුරු බදින පොහොට්ටු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න ප්‍රසිද්ධියේ අනාවරණය කිරිමටද රනිල් එහිදි එකඟතාව පලකර තිබේන අතර ඒ අනුව ඊයේ (අගෝස්තු 9)පොහොට්ටුව පත්කරගත් රනිල් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ලැබු අතර ඒ හරහා පාර්ලිමේන්තුව තුල බැසිල්ට එරෙහිව කුමන්ත්‍රණය කල පිරිස් හෙලීකිරිමට රනිල් කටයුතු කර තිබේ.

“තමුන්නාන්සේලානේ කියන්නේ, රාජපක්ෂවරුන්ට යටවෙන්න එපා කියලා. මම ඒ අනුව වැඩ කරනකොට ඒකටත් විවේචන ගේනවා. කැබිනට් එකේදි කියපු කතාව මම මේ කියන්න.”- (අගෝස්තු 9) රනිල් වික්‍රමසිංහ

රනිල් ජනපති කල බැසිල් මෙහෙයුම!

ගෝඨාභය රාජපක්ෂගේ ජවනිකාව අවසන් කිරිමත්,රාජපක්ෂලා නිරූපද්‍රිතව ආරක්ෂිත තැන්වලට ගමන් කිරිම මෙන්ම බලය ගෝඨාගේ සිට රනිල් දක්වා සියුම්ව සිරූමාරූ කිරිමේ මෙහෙයුම හිටපු මුදල් අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ හරහා සිදුවු අතර එහිදි බැසිල් -රනිල් අතර ඇතිකරගත් එකඟතාවන් රාජපක්ෂලාගේ ලේ වල ඝණකමට වඩා වැඩි බව නොරහසකී.ඒ අනුව ඊළග ජනාධිපතිවරණයේදි එජාප,සබජ සහ පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය පවතින තත්ත්වය අනුව බැසිල්ට හෝ රනිල්ට හිමිකර දිමට අවශ්‍ය සාකච්ඡා පවා අවසන් කර තිබේ.

කියවන්න – බැසිල් ජනපති කරන්න වජිර එක්ක අකිලත් යයි! සජිත් පිළ අල්ලන මෙහෙයුම සුජිවට! බැසිල් විරෝධින්ට නාමල්!

බැසිල් ජනපති කරන්න වජිර එක්ක අකිලත් යයි! සජිත් පිළ අල්ලන මෙහෙයුම සුජිවට! බැසිල් විරෝධින්ට නාමල්!

Top