LNN SPY

මාතර එජාප ප්‍රතිශතය 22% බසී…මංගල පින්සිරි ජාතික ලැයිස්තුවට ඔබන්න සාගල පොරකයි…උදාර,මරික්කාර්ට නාම යොජනා නෑ

තමන් වැඩි ඡන්දයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් දිනවිම සදහා මංගල සමරවිරට එජාප ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්‍යාල මණ්ඩල ප්‍රධාණි සාගල රත්නායක නොහොත් රනිල්ගේ කොලු ගැටයා රනිල් වික්‍රමසිංහට බලපෑම් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු පවසයි.

අවස්ථා ගණනාවකදි තමන් පරාජයට පත්වු බවත් පසුගිය දින 25ක ය තුල මාතර දිස්ත්‍රික්කය කල සමික්ෂණයට අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසාදය සියයට 40 කින් පමණ තවත් පහල බැස ඇති බවත් දැනුම් දි ඇති සාගල පවසා ඇත්තේ මේ පාරත් තමන් පැරදුණු හොත් එය තමන්ගේ දේශපාලන ගමනට අහිතකර බවයි. ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ මෛත්‍රී සමග සන්ධාන ගත විම හරහා එක්සත් ජාතික පක්ෂ පාවා සහ  යුද්ධය අවසන් කල නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම බවද එම සමික්ෂණ වාර්තා පෙන්වා දි තිබේ.

අග්‍රාමාත්‍ය කාර්‍යාල මණ්ඩල ප්‍රධාණි සාගල රත්නායකගේ මෙහෙය විම යටතේ රුහුණු විශ්වවිද්‍යාල සිසුන් සහ එජාප යොවුන් පෙරමුණේ තරුණයන් භාවිතාකරමින් මෙම සමික්ෂණය සිදුකර තිබේ.

අවසන් වරට පැවති 2010 මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ඡන්ද 91,114 ලබගත් අතර එය ප්‍රථිශතයක් ලෙස 27.81 පමණි.නමුත් මේ වන විට එම අගය සියයට 22ක දක්වා පහත බැස තිබෙන බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

එම මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 213,937 ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 65.31ක්.

එම මැතිවරණයේ මාතර විශේෂත්වය වුයේ ලාංකික දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සි‍ටි පිල්මාරු කල මංගල සමරවීර වැනි පලපුරුදු දේශපාලකයකු අබිභවා නවක දේශපාලන තරුණ නායකයකු වන බුද්ධික පතිරණ මහතා මනාප ලයිස්තුවේ පළමු තැනට පැමිණීමයි.

මාතර දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී ධූර ගණන 6 යි,සනත් ජයසූරිය – 74,352,මහින්ද යාපා අබේවර්ධන – 70,439,ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන – 67,510,චන්ද්‍රසිරි ගජදීර – 51,742,හේමාල් ගුණසේකර – 51,013,විජය දහනායක – 44,463

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 2 යි

අකලංක බුද්ධික පතිරණ – 62,499,මංගල පින්සිරි සමරවීර – 59,836

මේ අතර මැතිවරණයක් සම්බන්ධයෙන් ඉඟියක් ලැබිමත් සමගම පළාත් සභාවන් නියෝජනය කරන එජාප මන්ත්‍රිවරුන් රැසක් පෝස්ටර් අලවමින් මහා මැතිවරණයට ඉදිරිපත් විමට උත්සහ කළද ඔහුන්ගෙන් රැසකට අපේක්ෂකත්වය ලබාදිමට නොහැකි වන බව එජාප මහා ලේකම් කබීර් හෂිම් දන්වා තිබේන අතර මේ වන විටත් එම හෙතුවෙන් එජාප නාම යෝජනා මණ්ඩලයට විරෝධය එල්ල වෙමින් තිබේ.

අපේක්ෂකත්වය ලබාදිමට නොහැකි වන බව පැවසු අය අතර උදාර රත්නායක හා එස්.එම්.මරික්කාර්ද ඉටින බව වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top