Breaking
23 Jan 2025, Thu

NPP ක්‍රීඩා ඇමති, ෂම්මි සිල්වා ඉදිරියේ දණ ගැහුවාද? Video

ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලංවත්ම එම ආයතනයට අරක් ගෙන සිටිනා ෂම්මි සිල්වා ඇතුළු හොර නඩය ව්‍යවස්ථාව වෙනස් කරගෙන නැවත එම තනතුරුවලට පත්වීමට සූදානමක් ඇතැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන  (22) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

කෝප් කමිටුවෙන් හෙළි කරගත් වැරදි සහිත, විගණනයේදී හෙළි දරවු වුන හොරකම් සහිත, අන්ත දූෂිත හොරුන්ගෙන් යුතු බව සහතික වූ ක්‍රිකට් ආයතනය සම්බන්ධව ජාතික ජන බලවේග ආණ්ඩුව පුදුම හිතෙන ආකාරයේ නිහඬ තාවයක් රැකීම සම්බන්ධව තමන් මවිතවන බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන අද (22) පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කර සිටියා.

ෂම්මි ඇතුළු හොර නඩය ව්‍යවස්ථාව වෙනස් කරගෙන මේ පාරත් ක්‍රිකට් ආයතනයේ බලය අල්ලන්න හදනවා… ඒක නවත්වන්න බැරිනම් විනිවිද පෙනෙන වැඩ කරන බව කියන මේ ආණ්ඩුවෙ ජනාධිපතිවරයාගෙන්වත් ක්‍රීඩා ඇමතිගෙන්වත් වැඩක් නෑ… මේ ආණ්ඩුවෙයි රාජපක්ෂ ආණ්ඩුවෙයි වෙනසක් නෑ… හේෂා විතානගේ

පාර්ලිමේන්තුව තුළ දින දෙකක් විවාද කර මුළු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළ නව ක්‍රිකට් ව්‍යවස්ථාව රැගෙන ඒම පිළිබඳ යෝජනාවත්, චිත්‍රසිරි කමිටු වාර්තාවෙන් කළ නිර්දේශත් පසෙක තබා මේ ක්‍රීඩා ඇමතිවරයාත් පෙර ක්‍රීඩා ඇමතිවරුන් සේම ෂම්මි සිල්වා ඉදිරියේ දණ ගසා ඇති බවටද මන්ත්‍රීවරයා චෝදනා කර සිටියා.

ෂම්මි සිල්වා ඇතුළු මේ හොර නඩය ව්‍යවස්ථාව වෙනස් කරගෙන යළි ක්‍රිකට් ආයතනයේ පාලන බලය ලබා ගන්නට කරන උත්සාහ වැළැක්වීමට මේ ආණ්ඩුවට නොහැකි නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සහ රාජපක්ෂ ආණ්ඩුව අතර වෙනසක් නැති බවයි ඔහු සදහන් කළේ.

“කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මාත් හිටියා. අපේ වත්මන් ජනාධිපතිතුමත් හිටියා. කෝප් කමිටුව තුළ දිගින් දිගටම කතා කළා මේ රටේ ක්ලීන් කරන්න තියෙන ආයතනයක් ගැන. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන.මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ අපේ රටේ තියන ආයතනවලින් වෙන ග්‍රහලෝකයක් කියලා හිතන් ඉන්න ආයතනයක්. ඇමතිත් හිතන්නේ එහෙමයි.”

“නමුත් ක්‍රිකට් ආයතනය කරලා තියන හොරකම් සහ වංචාවන් ගැන අපි එකින් එක පාර්ලිමේන්තුවෙ කතා කළා. පාර්ලිමේන්තුවෙ දින දෙකක විවාදයකට ආවා. ඒ දින දෙකේ විවාදයෙන් පස්සේ අපි එකඟතාවයකට ආවා මේ ව්‍යවස්ථාව වෙනස් කරමු කියලා. මේ කෝප් කමිටුවේ දී ක්‍රිකට් ආයතනයේ හොරකම් වංචා සහ දූෂණ ටික මම එදා පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරයෙක් ලෙස අරගෙන එනකොට අනුර කුමාර දිසානායක මහත්තයා වචනයක්වත් කතා කළේ නෑ. හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ සහයෝගය ලැබුණෙ නෑ. හැබැයි අද වෙනකොට වත්මන් ක්‍රීඩා ඇමති තුමත් ගිහිල්ලා දණ ගහලා කියනවා ඔයාලගේ සල්ලි ගොඩක් තියනවා. ඔයාල අපේ අනෙක් ක්‍රීඩාවලට උදවු කරන්න කියලා. මොකක් ද මේ. ආයේ එයා මේ ජාවාරම්කාරයො ටිකට අවශ්‍ය හයියනේ දෙන්නේ.”

“අපි හිතුවා මේ ඇමතිතුමා ආවම අනුර කුමා ජනාධිපතිතුමාගේ ඒ විනිවිදව වැඩ කරනවා කියන ප්‍රතිපත්තිය ඇතුළේ ඒ හයිය අරන් ඉස්සරින්ම මේ රටේ මේ ජවාරම් කාරයින්ට නායකත්වය දෙන ෂම්මි සිල්වා ගෙන් පටන් ගන්න ඕන. අද ෂම්මි සිල්වා ගැන වචනයක් කතා කරන්නේ නෑ. අද ෂම්මි සිල්වා ලඟ දණ ගහලා කියනවා අපට අනෙක් ඒවට උදවු කරන්න කියලා. ඒකට තමයි අමාත්‍යාංශයක් දීලා තියෙන්නේ. ඒකට තමයි ඇමතිතුමාට බලය තියෙන්නේ.”

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ ක්‍රීඩා පනත යටතේ පිහිටුවා තිබෙන ආයතනයක්. ඒක අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ විගණකාධිපතිවරයාගේ මූල්‍ය විගණනයට යටත්ව තියන ආයතනයක්. මේ ආයතනයේ දූෂණ වංචා ගැන ඇති තරම් පසුගිය කාලේ කිව්වා. ඒ කියපු කරුණු කරණා එක්ක දැන් අර චිත්‍රසිරි වාර්තාව අනුව අලුත් ව්‍යවස්ථාවක් හදනාවා කියලා සහතික වෙලා පාර්ලිමේන්තු ගියා. නමුත් පහුගිය කාලේ හිටපු ක්‍රීඩා ඇමතිවරු කළේ වෙන දේවල්.”

“අපි දැක්කා මොකක්ද ෂෝ එකක් යනවා ස්මාට් යූත් කියලා. ක්‍රිකට් ආයතනයේ සල්ලි ටික දාලා දේශපාලනික සැනකෙළියක් කළා. ජන බල මන්ත්‍රීවරු කතා කරන්න ඕන ඒවා ගැන. ස්මාට් යූත් කියලා මෙච්චර මුදල් වෙන් කළා. මේවට අපි දෙනවා වැඩේ කියලා කියන්න එපායැ. නෑ ඒවා කියන්න කට අරින්නේ නෑ.”

“ඒ නිසා ක්‍රිකට් ආයතනය ඉස්සරහා මේ වත්මන් ආණ්ඩුව නිශ්ශබ්දව ඉන්නේ ඇයි කියලා අපි අහනවා. මේ ආණ්ඩුවට නිශ්ශබ්දව ඉන්න බෑ. මේක හොර ගුහාවක් කියන එක ඇති තරම් අපි ඔප්පු කරලා තියනවා.ඒ වගේම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෑතක දී ඡන්ද ප්‍රමාණය නිල වරණය ලංවෙලා තියන වෙලාවේ 2024 .12. 24 සම්ම්ත කරගත් යෝජනා අතර තියනවා අමුතු යෝජනාවයක්. මේ යෝජනාව ගැන අධිකරණ ඇමති තුමාට කියනවා. පසුගිය ආණ්ඩුවේ හැමොම විකිණිලා ඉද්දි අපිට කතා කරන්න හිටියේ අධිකරණ ඇමති අලි සබ්‍රි මැතිතුමා විතරයි. ඒ නිසා දැන් නව අධිකරණ ඇමතිතුමාට මම මේක කියනවා.”

“මේ පනත සංශෝධනය කරන් තියනවා ඉන්න හොරුන්ට විතරක් නැවත එන්න. පසුගිය අවුරුදු 15ක කාලය තුළ විධායක කමිටුවේ හෝ විශේෂ කමිටුවක අවුරුදු දෙකක නියෝජනයක් හිටියේ නැතිනම් ක්‍රිකට් ආයතනයට නිල වරණයට සම්බන්ධ වෙන්න බෑ. එතකොට මේ හොරු කියලා චෝදනා ලැබිලා හොරු කියලා විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙලා තියන පිරිස හැර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැවත වතාවක් පාලන බලය ගන්න බෑ කියලා නීති හැදෙනවා නම් ඇති වැඩේ මොකක්ද?”

ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගේ බලය පාවිච්චි කරලා හරි කරුණාකරලා මේ නිලවරණය නතර කරලා දාන්න. මේ නිලවරණයට ඉස්සර වෙලා මේ රටේ සුදුසු මිනිස්සු ටිකක් ක්‍රිකට් ආයතනය බාරගන්න පුලුවන් විධිමත් ආයතනයක් විදිහිට පවත්වා ගන්න පුලුවන් පිරිසක් පත් කරන්න.

“අපි දන්නවා මේ දවස්වල ඇමතිතුමාලට, නියෝජ්‍ය ඇමති තුමාලට පුදුමාකාර විදිහේ යෝජනාවල් එනවා කියලා. ඒ යෝජනා එක්ක ඉස්සරහට ගිහිල්ලා මේ රටේ ක්‍රිකට් විනාශ කරනවා නම් මෙච්චරකල් පහුගිය කාලේ රාජපක්ෂලා කරපු දේම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින්තු වෙනවා නම් අපි තවදුරටත් බලා ඉන්න සූදානමක් නෑ.මේ ෂම්මි සිල්වගේ සාක්කුවට වත්මන් ක්‍රීඩා ඇමතිතුමටයි නියෝජ්‍ය ඇමතිතුමටයි වැටෙන්න එපා කියලා කියනවා අපි. ඒ වැටිලා පහුගිය දෙන්නම විනාශ වුනා. ඔබතුමාල විනාශ වුනත් කමක් නෑ. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙන්න දෙන්න එපා. හරියට ක්ලීන් කරනවා නම් මෙන්න ක්ලින් කරන්න හොඳ තැනක්.”

මෙම දිර්ඝ ප්‍රකාශය අවසානයේ ක්‍රිඩා අමාත්‍යවරයා එයට පිලිතුරු දෙමින් සදහන් කළේ සියලුම ක්‍රිඩා සම් බන්ධයෙන්මේ වනවිට අමාත්‍යාංශය පරික්ෂණ සිදුකරමින් සිටින බවයි. “තමන් කිසිවෙකුගේ සාක්කුවට නොවැටෙන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *