සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීමේදී කාලාන්තරයක් තිස්සේ මිල කමිටු දෙකක් භාවිතා කිරීම හේතුවෙන් රජයට සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රමේශ් පතිරණ අමාත්‍යවරයා විසින් ගත් ක්‍රියාමාර්ග නැවත ආපස්සට හැරවීමට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වෙනවා.
දේශීය ඖෂධ නිෂ්පාදකයෙන් කොටස් දෙකකට බෙදමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ‘සුපිරි මිල කමිටුවක්’ සහ සාමාන්‍ය ‘මිල කමිටුවක්’ පවත්වාගෙන යාම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාශය විසින් මිලදී ගන්නා ඖෂධ සඳහා නිවැරදි මිල තරඟයක් ඇති නොවීම හරහා බිලියන ගණනක පාඩුවක් සිදුව තිබිණි. ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාරවල යෙදෙන සමාගම් මගින් ලබා ගන්නා ඖෂධ සඳහා වැඩි මිලක් ගෙවීම හරහා මෙම පාඩුව වසර ගණනාවක් තිස්සේ රජයට සිදුවු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සාක්ෂී සහිතව මේ සම්බන්ධයෙන් අනාවරණය කර සිටි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගන්නා සාමාන්‍ය ඖෂධ කිහිපයක් සඳහා ගෙවන ලද මිල දළ වශයෙන් පහත පරිදි වේ.
*පැරසිටමෝල්*
පැරමෝල් ඖෂධයේ පෙත්තක් සඳහා සුපිරි මිල කමිටුව විසින් රුපියල් තුනයි සත අනූවක (3.90/-) මිලක් ගෙවීමට තීරණය කරන විටදී, සාමාන්‍ය මිල කමිටුව ඒ සඳහා ගෙවන ලද්දේ රුපියල් දෙකයි සත හැත්තෑවක (2.70/-) පමණ අඩු මුදලකි. සාමාන්‍යයෙන් වසරකට පැරසිටමෝල් පෙති මිලියන 700ක පමණ ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගන්නා බැවින්, මෙකී මිල කමිටු විජ්ජාව හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාශයට අහිමි වූ මුදල රුපියල් මිලියන 300 කට වැඩිය.
*ඇස්ප්‍රින්*
ඇස්ප්‍රින් ඖෂධයේ පෙත්තක් සඳහා සුපිරි මිලමිටුව ගෙවීමට තීරණය කර තිබූ මිල දළ වශයෙන් රුපියල් හතරයි සත පනහක් (459/-) පමණ වන අතර එය සාමාන්‍ය මිල කමිටුවේදී රුපියල් තුනයි සත අනූවක (3.90/-) පමණ අඩු මුදලකි. සාමාන්‍යයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වසරකට මිලියන 400ක පමණ ඇස්ප්‍රින්ට් පෙති මිලදී ගන්නා බැවින්, එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හානි වූ මුදල රුපියල් මිලියන 200කට වැඩිය.
*ඇටොවාස්ටටින්*
ඇටොවාස්ටටින් පෙත්තක් සඳහා දළ වශයෙන් රුපියල් තුනයි පනහක (3.50/-) වැනි ඉහළ මිලක් සුපිරි මිල කමිටුව තීරණය කරන ලද අතර, සාමාන්‍ය මිල කමිටුව ඒ සඳහා ලබා දී තිබුණේ රුපියල් දෙකයි සත අනූවක (2.90/-) පමණ අඩු මුදලකි. ඇටොවාස්ටටින් පෙති මිලියන 600ක පමණ ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වසරකට මිලදී ගන්නා බැවින්, එමගින් රජයට හානි වන මුදල රුපියල් මිලියන 300කට වැඩිය.
සමස්තයක් වශයෙන් ඉහත ඖෂධ තුන මිලදී ගැනීමේදී පමණක්, එකී මිලකමිටු විජ්ජාව හරහා, වසරකට රුපියල් බිලියනයක පමණ ගසා කෑමක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කර තිබුණි. මෙවැනි ඖෂධ තුන්සියයකට වැඩි ප්‍රමාණයක් මීට අදාල දේශීය සැපයුම්කරුවන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගන්නා බැවින් ඒ හරහා හානිවූ මුදල අති විශාලය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන හිටපු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඇමතිවරයා විසින් මෙම මිල කමිටු දෙක ඒකාබද්ධ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී. ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිට එක් මිල කමිටුවක් හරහා මිල තීරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් තිබුණද පසුගිය සතියේදී එම තීරණය ආපසු හැරවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පාර්ශව කටයුතු කරමින් තිබේ.
ඒ අනූව 2025.06.12. දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වීමට නියමිතව තිබූ මිල කමිටුව සඳහා සියලු දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට ආරාධනය කර තිබුණද කිසියම් හේතුවක් නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම තීරණය පසුව වෙනස් කර තිබුණි. ඒ අනුව එම මිල කමිටුව නියෝජනය වන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග බද්ධ ව්‍යාපාරවල යෙදී සිටින සමාගම් පමණක් වන බැවින්, නැවත වතාවක් සුපිරි මිල කමිටුවක් නිර්මාණය වීම වළක්වා ගත නොහැකිය.
මිල කමිටු දෙකක් නොපවත්වා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් තිබියදී පවා, ඉතාම සූක්ෂම ලෙස සියළු ඖෂධ සමාගම් අතර තරගය වළක්වමින්, කොටස් වශයෙන් මිල කැඳවීම හරහා වැඩි මිලක් නිර්දේශ කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති බව පෙනෙන්නට තිබෙන බැවින්, මේ පිළිබඳව වහාම අවධානය යොමු කිරීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීමකි.
එසේ නොවුනහොත්, නැවත වතාවක් ඖෂධ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල් වලින් බිලියන ගණනක් හොර පාරේ පිල්ලි ගැසීම නොවැළැක්විය හැකිය.