කොළඹ මහේස්ත්‍රාත්වරයා ලෙස වත්මන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ ජුනියර්වරයෙකු ලෙස කටයුතු කල අයෙකු ශ්‍රී ලංකාවේ අධිකරණ ධූරාවලියට පිටින් පත්කිරිමට ගන්නා උත්සහයක් හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රය තුල අර්බුදයක් හටගැනිමේ තත්ත්වයක් මතුව ඇති බව අප කොළඹ විශේෂ වාර්තාකරු අනාවරණය කරනවා.
අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ ජුනියර්වරයෙකු ලෙස කටයුතු කල දැනට කැස්බෑව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන අසංක බෝදරගම යන අය කොළඹ මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කිරිමට මෙහෙයුමක් දියත් කර ඇති අතර මහේස්ත්‍රාත්වරුන් ජ්‍යෙෂ්ඨත්වය ලෙස සකස් කල විට බෝදරගම ඇත්තේ 58 වන ස්ථානයේය. විනිසුරුවරුන්ගෙන් 58 වන ස්ථානයේ සිටින්නෙකු කොළඹ මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කිරිමට අමාත්‍යවරයා කටයුතු කරමින් සිටිනේ මන්ද යන්න ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් මේ වනවිට ප්‍රශ්ණ කරමින් සිටි.
අධිකරණ පද්ධතිය උඩු යටිකුරු කරන රහස් සාකච්ඡාව!
මේ අතර ශ්‍රී ලංකාවේ අධිකරන කේෂත්‍රය උඩි යටිකුරුවන තීරණ රැසක් ගත් සාකච්ඡාවක් පෙරේදා රාත්‍රියේ පවත්වා ඇති බවත් කොළඹ ඇපීල් කෝට් සියල්ලේම විනිශ්චයකාරවරුන් මාරු කිරීමට මෙහිදී තීරණය වී තිබෙන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.එම සාකච්ඡාවේදි කොළඹ එක් විනිසුරුවරියකට චෝදනා එල්ල වි ඇති අතර ඇය යටතේ විනිශ්චය වන නඩුවල සාක්ෂි විභාගයේදී චූදිත පාර්ශ්වයට වැඩි වේලාවක් ලබා දෙන බව පවසමින් එම චෝදනා එල්ලකර තිබේ.එමෙන්ම ඉතා වැදගත් නඩු කීපයක් විභාගවන කොළඹ උසාවි කිහිපයක සහ ගල්කිස්ස උසාවියේ විනිශ්චයකාරවරුන් මාරු කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත.
අධිකරණ ධූරාවලියට පිටින් යමින් අධිකරණ අමාත්‍යවරයා පුමුඛ රජය අධිකරණ බලය සියතට ගැනිම සදහා පසුගිය කාලසීමාව තුල විවිධ මාරුකිරිම් සිදුකර ඇති අතර ඇතැම් මාරුකිරිම් සහ පත්කිරිම් ප්‍රතික්ෂප කිරිමට විනිසුරුවරුන් පවා කටයුතු කර තිබේන බව ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් පෙන්වා දෙනවා.
අම්පාර මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කල ශශිකලා නැමති අය කොටුව මහේස්ත්‍රාත්වරිය ලෙස මාරුකර එවිම සහ ඇය විසින් එම තනතුර දැරිමට ප්‍රමාණවත් ක්ෂේත්‍ර දැනුමක් නැති බවට අධිකරණ කොමිසමට ලිපියක් මගින් දන්වා යැවිමත් මගින් වත්මන් අධිකරණ අමාත්‍යවරයා අධිකරණ ක්ෂේත්‍රයට කර ඇති අතපෙවිමේ ප්‍රමාණය හොදින් හදුනා ගත හැක.
ශ්‍රීලංකාවේ අධිකරණ කේෂ්ත්‍රය පිලිබද ජනතාව තුල ඉතා ඉහල විශ්වාසයක් ඇති අවස්ථාවක මෙවැනි මාරුවීම් රැසක් එකවර සිදුවීම පිලිබඳව ඉතා විමසීමෙන් බලා සිටිය යුතුය මක්නිසාද වත්මන් ආණ්ඩුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 200 වැනි පිටුව දැන් ගැලවි ගොස් තිබිමට පුලුවන් නිසාය.