Breaking
11 Sep 2025, Thu

වසන්ත නීතිය නවපු හැටි විනිසුරුවරිය කියයි! තමන්ව මාරු කල බවත් කියයි! කොළඹ වංචා කාර්යාංශයේ ඉන්න වංචාකාරයෝ මෙන්න!

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවේ උධෘත විමර්ශනය අවසන් වීමටත් පෙර නීතිපතිවරයා වෙත යැවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා  කොළඹ වංචා කාර්යාංශයේ (Colombo Fraud Bureau) නිලධාරීන්ට තරවටු කර තිබේන බව වාර්තා වේ.

විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා විමසූ අඅවස්ථාවේ අවශ්‍ය උපදෙස් සඳහා ගොනුව නීතිපතිවරයා වෙත යොමු කළ බව CFB විසින් ඇයට පවසා තිබේ. පසුව විනිසුරුවරිය විමර්ෂකයන්ට බැණ වදිමින් විමර්ශනය අවසන් කිරීමෙන් පසු නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස දැනුම් දි තිබේ.ගොනුව යැවීමට ඇති හදිසිය කුමක්දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර ඇති අතර අසම්පූර්ණ ගොනුව යැවීම නඩුව ප්‍රමාද වීමට හේතු විය හැකි බව පෙන්වා දි තිබේ.ඒ අනුව ආණ්ඩුව නීතියට බලපෑම් කරන බව මැනවින් අනාවරණය වි තිබේ.

මෙම නඩුවට ජාතික කම්කරු ආයතනය ලෙස හැඳින්වෙන භාරයකට අයත් ගොඩනැගිල්ලක් වෘත්තීය සමිති ජාතික කම්කරු කොංග්‍රසයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වත්මන් මාලීමා ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයේ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු පුද්ගලයින් විසින් රුපියල් මිලියන 3.6 කට වංචනික ලෙස බදු දී ඇති බව අධිකරණය හමුවේ මේ වනවිට අනාවරණය වි තිබේ.

මේ සම්බන්ධයෙන් අප පසුගිය ජුලි 17 දින නීතිපතිගේ අලුත්ම නැවිල්ල මෙන්න! ඇමතිට අධි චෝදනා එපා ලු! යනුවෙන් අනාවරණය කල අතර එම අනාවරණය පහතින් කියවිමට හැක.

සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසිය සිකුරාදා වැඩිදුර වාර්තාවක් හරහා අධිකරණයට දැනුම් දි ඇති අතර ඒ අනුව, අගෝස්තු 21 වන දින වංචා කාර්යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලදී. මීට පෙර අගෝස්තු 14 වන දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබුණි.

ප්‍රශ්නගත ගොඩනැගිල්ල සමරසිංහ මහතාට අයත් බව අනාවරණය වී ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසු අවස්ථාවේ  CFB නිළධාරින් එයට සaජු පිළිතුරු දිමට නොහැකිව ලතවෙමින් සිට ඇති අතර පසුව   ඊට නිෂේධාත්මකව පිළිතුරු දෙමින් සදහන් කර ඇත්තේ 2020 දී වෘත්තීය සමිතියේ මහා සභා රැස්වීමේදී ගත් තීරණයට අනුකූලව, ඔහු ගොඩනැගිල්ලේ බදුකරු ලෙස කටයුතු කළ බවත්, ගොඩනැගිල්ලේ බදු මුදලින් ලබාගත් මුදල් සංගමයේ අවශ්‍යතා සඳහා භාවිතා කළ බවත් සමරසිංහ පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් කර ඇති බවයි.

මේ අතර පැමිණි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කිසල් සේනානායක  සහ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, විමර්ශනය ප්‍රමාද කිරීමේ අරමුණින් උපදෙස් සඳහා ගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවට චෝදනා කළ අතර ප්‍රකාශ සටහන් කරගත් පුද්ගලයින් අපරාධයක් කර ඇති බවට පොලිසිය දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනටමත් පොලිසියට නියෝග කර ඇති බවත් ඔහු තර්ක කළේය. නීත්‍යානුකූල නිලධාරීන් පිරිසක් සිටියදී, සමරසිංහ මහතා වෘත්තීය සමිතියේ නිලධාරියෙකු ලෙස වංචනික ලෙස පෙනී සිටිමින් ගොඩනැගිල්ල බදු දීම අපරාධයක් බව ඔහු චෝදනා කළේය.

සමරසිංහ සහ අනෙකුත් අය නඩුවේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස අගතියට පත් පාර්ශවය කළ ඉල්ලීම මත මහේස්ත්‍රාත් ද සිල්වා  නියෝගයක් ලබා දීම සැප්තැම්බර් 26 වන දින දක්වා කල් දැමීය. ඇය වෙනත් අධිකරණයකට මාරු කිරීමට නියමිත බවත්, එම නියෝගය භාර ගන්නා මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දෙන බවත්, මෙම විශේෂිත පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු පීඩනයක් එල්ල කර නොමැති බවත් ඇය සදහන් කර සිටියා.

නීතිපතිගේ අලුත්ම නැවිල්ල මෙන්න! ඇමතිට අධි චෝදනා එපා ලු!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *