Breaking
14 Jan 2026, Wed

Super Muslim, තහනම්! අනුගාමිකයින් සහ ඔහුන්ගේ ක්‍රියාකාරකම් අවසන්ද?

2019 ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව තුල 2021 අප්‍රේල් මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තහනම් කළ නමුත්, පසුව එම තහනම ඉවත් කරන ලද සුපර් මුස්ලිම් සංවිධානය පසුගියදා යලි තහනමට ලක්කර තිබේ. කෙසේවෙතත් අදාළ සුපර් මුස්ලිම් සංවිධානය සහ ඔහුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් LNN 2025 මාර්තුවේ Super Muslim, Tablighi ජමාත් සහ බැටළු ඇඳුමින් සැරසුණු වෘකයා! අනාවරණයක් කල අතර අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ TID (ත්‍රස්ත පරීක්ෂණ දෙපාර්තමේන්තුව) සහ CID (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) SIS (රාජ්‍ය බුද්ධි අංශය) කල්මුණේ Dr. Raeesගේ Super Muslim කණ්ඩායම නොමඟ යවා ඇති බවයි. අදාළ සම්පූර්ණ වාර්තාව පහලින් කියවිමට ඔබට හැකියාව ඇත.

පසුගියදා මෙරට තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුවට මුස්ලිම් අන්තවාදී සංවිධානයක් ලෙස පිලිගනිමින් ‘සුපර් මුස්ලිම්’ (Super Muslim) හෙවත් ‘සහබි තාරිකා’ (Sahabi Thariqa) ලෙස හැඳින්වෙන සංවිධානයද එක් කරමින්  ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.එහි සදහන් කර ඇත්තේ මෙම සංවිධානය 2018 වසරේදී ඉන්දියාවේදී පිහිටුවා ඇති අතර, 2019 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී ඇති බවයි.

කෙසේවෙතත් එම සංවිධානයේ අනුගාමිකයින් සහ ඔහුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ දක්වා බුද්ධි අංශ වලට නිශ්චිත තොරතුරු අනාවරණය වි නොමැති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ. Super Muslim කණ්ඩායමේ ඇතැමුන් මේ වනවිට රාජ්‍ය සේවයේ කටයුතුවල යෙදිමින් සිටින බවත් එම සංවිධාන සදහා සම්පත් දායකයින් වත්මන් ආණ්ඩුවේ සමීපතමයන් බවට පත්ව ඇති බවද ඔහු අනාවරණය කර සිටි. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

ආචාර්ය රායීස් සටනට!

මේ අතර රජයේ තහනම් කිරීම් සහ ත්‍රස්තවාදී ලැයිස්තුවට අභියෝග කිරීමට එම සංවිධානය මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව අම්පාරේ කල්මුණේ හි පිහිටි “සුපිරි මුස්ලිම්”  සංවිධානයේ නායක ආචාර්ය කේ.එල්.එම්. රායීස්, ත්‍රස්තවාදයට අදාළ රෙගුලාසි යටතේ තමා සහ ඔහුගේ සංවිධානය ලැයිස්තුගත කළ මෑත කාලීන රජයේ ගැසට් පත්‍රයකට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදහස් කරන බව නිවේදනය කර ඇත.

ආචාර්ය රායීස් සදහන් කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය, අන්තවාදය හෝ නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම නිශ්චිතවම තමන් ප්‍රතික්ෂේප කළ අතර, ඔහු කිසි විටෙකත් ත්‍රස්තවාදයට අදාළ චෝදනා හෝ වරදකරුවන්ට මුහුණ දී නොමැති බවද සදහන් කර තිබේ.රජයේ නිවේදනයේ ඇති සැලකිය යුතු කරුණු දෝෂ කිහිපයක් ඔහු ඉස්මතු කළ අතර, “සුපර් මුස්ලිම්” යන නමින් කිසිදු සංවිධානයක් ශ්‍රී ලංකාවේ සැබවින්ම නොපවතින බවත් වාර්තාවේ සඳහන් “සහබි තාරිකා” යන යෙදුම අනාගතවක්තෘවරයාගේ සහචරයින්ගේ සාම්ප්‍රදායික මාර්ගයට යොමු වන බවත් සටන්කාමී කණ්ඩායමක් හෝ විධිමත් සංවිධානයකට වඩා සාමාන්‍ය ඉස්ලාමීය විශ්වාසයක් නියෝජනය කරන බවත් සදහන් කර තිබේ.ගැසට් පත්‍රයේ ඔහුට ආරෝපණය කර ඇති දුරකථන අංකයක් සහ වෙබ් අඩවි සබැඳියක් ඇතුළු සම්බන්ධතා තොරතුරු වැරදි බවත් ඒවා ඔහුට අයත් නොවන බවත් එම සංවිධානය පෙන්වා දි තිබේ.

ජනවාරි 06 වැනි දින නිකුත් කල අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, කල්මුණකුඩි ප්‍රදේශයේ ලිපිනයක් සහිතව ලියාපදිංචි වී ඇති මෙම කණ්ඩායම ප්‍රධාන වශයෙන්ම ‘ටෙලිග්‍රෑම්’ (Telegram) නාලිකාවක් ඔස්සේ සිය ක්‍රියාකාරකම් මෙහෙයවා තිබේන බවද සදහන්.2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියාමන පනතේ 4(7) වගන්තිය ප්‍රකාරව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා නිකුත් ක ගැසට් නිවේදනයට අනුව  ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වීම සහ අරමුදල් සැපයීම යන චෝදනා මත දෙමළ ඩයස්පෝරා සංවිධාන සහ තවත් මුස්ලිම් සංවිධාන කිහිපයකට පනවා තිබූ තහනම ද තවදුරටත් දීර්ඝ කර තිබේ.ගැසට් පත්‍රය මෙම ලැයිස්තුගත ආයතන සඳහා දැඩි තහනම් පනවා ඇති අතර, සාමාජිකත්වය, අරමුදල් රැස් කිරීම, නායකත්වය සහ ඒ ආශ්‍රිත සංකේත හෝ නිල ඇඳුම් ප්‍රදර්ශනය කිරීම තහනම් කරයි.

මෙම ලැයිස්තුවට අනුව තහනම තවදුරටත් ක්‍රියාත්මක වන ප්‍රධාන සංවිධාන කිහිපයක් පහත දැක්වේ.
දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE)
ජාතික තව්හීද් ජමාත් (NTJ)
ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් (JMI)
විලයාත් අස් සෙයිලානි (WAS)
ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය (SLISM)
දෙමළ පුනරුත්ථාපන සංවිධානය (TRO)
ලෝක දෙමළ ව්‍යාපාරය (WTM)
දෙමළ ඊලාම් අන්තර්ජාතික රජය (TGTE)

Super Muslim, Tablighi ජමාත් සහ බැටළු ඇඳුමින් සැරසුණු වෘකයා!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *