Breaking
28 Jan 2026, Wed

Dark Room තහනම් කරයි! ආණ්ඩුව කරන ‘වැඩ’, ‘බලු වැඩ’ ගානට වැටේ නම් ආණ්ඩුව බල්ලගේ ගානට වැටීම වැලැක්විය නොහැක!

වත්මන් මාලිමා ආණ්ඩුවේ අසමත්කම් විවිධ පැතිකඩයන් ඔස්සේ රටේ ජනතාව වෙත ගෙන ආ Dark Room නැමති You tube නාලිකාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට ආණ්ඩුව මැදිහත් වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අප දේශපාලන වාර්තාකරු  Dark Room කණ්ඩායම සමග කල සාකච්ඡාව්කදි ඔහුන් අනාවරණය කර ඇත්තේ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් කල අනාවරණයන්ට අදාළව එම වංචාවට සම්බන්ධ දේශිය නියෝජිතයන් සහ වත්මන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සම්බන්ධයෙන් සිදුකල වංචා කිහිපයක් පිළිබඳව කල අනාවරණයන්ට අදාළව සිදුකර ඇති මැදිහත්විම් මෙම තහනමට හේතු වි ඇති බවයි.

Dark Room යූ ටියුබ් නාලිකාව තහනම් කිරිම සම්බන්ධයෙන් එම නාලිකාව සිය Facebook පිටුවේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ජනතාවගේ තොරතුරු දැන ගැනිමේ අයිතියට අත තැබිමට එරෙහිව සමස්ථ ආණ්ඩු විරෝධය ජනතාව,වෘත්තීකයින් මෙන්ම දේශපාලන පක්ෂ සහ ක්‍රියාධරයින් මැදිහත් විය යුතු බවයි.ඒ නිසාම ආණ්ඩුව වසන් කරන තොරතුරු අනාවරණය කරන ජනමාධ්‍යවේදීන්ගේ ජිවිත ආරක්ෂා කිරීමටත්, ජනමාධ්‍ය නිදහස රැකීමටත් ඒ හරහා රටේ පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම් රැකගැනීමටත් එකතු වනලෙස සිවිල් සංවිධාන හා ප්‍ර‍ගතිශීලී දේශපාලන සංවිධාන වෙත Dark Room ආයාචනා කර සිටි.

Dark Room යූ ටියුබ් නාලිකාව තහනම් කිරිම සම්බන්ධයෙන් එම නාලිකාව සිය Facebook පිටුවේ සටහන

වසරකට මදක් වැඩි අනුර දිසානායකගේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා ආණ්ඩුව අද Dark Room යූ ටියුබ් නාලිකාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට කටයුතු කර ඇති බව තොරතුරු දැන ගැනිම සදහා පැමිණෙන ඔබට දැනුම් දිමට සිදුව තිබේ.
පසුගිය කාලය පුරාම වත්මන් සමාජවාදී,මාක්ස්වාදි සහ “අමු ප්‍රජාතන්ත්‍රවාදී” යැයි කියා ගනිමින් ජනතාව රවටමින් ගෙන ගිය අසම්මත දුෂිත පාලනය සම්බන්ධයෙන් අප 24 පැය පුරාම ඔබව දැනුවත් කිරිම, නාලිකාව ඉවත් කිරිමට හේතුව වි තිබේන බව අප අමුතුවෙන් සදහන් කල යුතුව නැත.

මෑතකදි ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව අකුරෙන් අකුර අනාවරණය කිරිම , ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ 159 දෙනාටම මෙන්න ඔවුන් සමග ගනුදෙනු කරන කුප්‍රකට චෞර වළල්ලටම , අප මහත් හිසරදයක් වි තිබු අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් අපගේ සමාජ ජාලා හරහා අපට තර්ජනයක් කර තිබු බව අද සටහන් කිරිමට කැමැත්තෙමු.අනිත් අතට ආණ්ඩුවේ ඩෝබි බලකාය අපට නිරන්තරයෙන් පහර ගැසුවේ අප මඩ ගසනවා කියාය. මඩ ගැසීම Dark Room අපද අනුමත කරන්නේද නැත.

ආණ්ඩුව පැලවත්තේ සුදු පිරුවටයෙන් වසා සිටින විටදි ඒ තුලින් විනිවිඳ දැකිමට හැකියාවන් ඇති ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පවත්වා ගෙන යන පුවත් වෙබ් අඩවි හෝ Youtube නාලිකා වලින් තමාට හෝ තම කුප්‍රකට හොරුන්ට හෝ මඩ ගසනවා යැයි වත්මන් ආණ්ඩුව කියන්නෙම ඒ කිසිවක් ‘අසත්‍ය නොවන’ නිසා මිසක, මඩ නොවන බැවින් යන්න රටේ ජනතාව පිලිගන්නවා නොඅනුමානය.

අපට කිමට ඇත්තේ මේ ටිකය. රටේ ජනතාවට කප්පරකට බොරු නොකියා සිටියේ නම්,කරන්න බැරි දේවල් කට උල්කරමින් නොකියා සිටියේ නම්,හොරු සමග හෙළුවෙන් නොසිටියේ නම්, කෙටියෙන් කිවහොත් තමන් හරියට සිටී නම් , තමන්ගේ වරිගයා හරියට සිටී නම් , තමන්ගේ සහචරයන්, හෙංචයියන් හරියට සිටීනම් මේ ප්‍රශ්නය ජනාධිපතිවරයාට හෝ මාලිමාවේ 159 දෙනාට මෙන්ම චෞරයන්ටද පැන නගින්නට හේතුවක් නැත.ආණ්ඩුව කරන ‘වැඩ’, ‘බලු වැඩ’ ගානට වැටේ නම් ආණ්ඩුව බල්ලගේ ගානට වැටීම වැලැක්විය නොහැක. එවිට මහජනතාව ‘රට බල්ලට ගොස් ඇතැයි’ කීමෙහි ඇති වරද කුමක්ද ? එහි වරදක් නැත.රටේ සර්ව බලධාරී විධායකයා ‘ජනාධිපතිවරයා’ බව සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහිය. ඒ අනුව විධායකය, “බල්ලා’ බවට පත්වීම ව්‍යස්ථාවේ වරදක් මිස රටේ ජනතාවගේ වරදක් නොවේ.

අද වනවිට ලංකාවේ සෑම ප්‍ර‍දේශයකම සිදුවන පැහැරගැනීම් හා මරාදැමීම් දේශපාලන අරමුණක් සහිත බව පැහැදිලි වෙමින් තිබේ. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය වෙනුවට මිලිටරිවාදය පවත්වාගෙන යන මාලිමා පාලනය කල්පනා කරන්නේ ජනමාධ්‍ය විවිධ කාරණා හරහා බැලන්ස් කලද සමාජ ජාලා හරහා සත්‍ය හෙළිවීම තර්ජනයක් බවයි.ඒ නිසාම ජනමාධයකරුවන් මෙන්ම සත්‍යය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින හා අයිතීන් ඉල්ලා සටන් කරන ජනතාව මර්දනයට ලක් කෙරෙන අවස්ථා කිසිදු ආණ්ඩුවක මේ තරම් ඉක්මනින් අප දැක තිබුනේ නැත.නමුත් වසරකදි නොහැකියාවේ කෙලවරටම පැමිණි මාලිමා ආණ්ඩුව ජනතාවට තර්ජනය කරමින් තම බලය පත්වාගෙන යැමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන අතර එහි දිගුවක් ලෙස Dark Room නාලිකාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

සමස්තයක් ලෙස රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය හා අදහස් ප්‍ර‍කාශකිරිමේ නිදහස Dark Room හරහා අහුරනු ලැබ තිබේ. වසර පුරාම ඉතා පැහැදිලිවම කැමැති ආගමක් ඇදහීමේ හා කැමැති දේශපාලන මතයක් දැරීමේ හා සංවිධානයවීමේ නිදහස ඇතුළු මූලික පුරවැසි අයිතිවාසිකම් අහිමි කෙරෙමින් තිබේ.ඒ අනුව නාසි පාලනයට සමාන මර්ධනකාරී අත්තනොමතිකත්වයක් අප සමාජය ගිලගෙන තිබේන බව ඉතා පැහැදිලිය.එසේනම් සමස්ත ජනමාධ්‍ය වෘත්තිකයන් අවධානයට ගතයුතු කරුණක් තිබේ. එනම්, මේ රටේ සමාජයීය නිදහස හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් හඩනැගීම තවදුරටත් ජනමාධ්‍යකරුවන්ට සීමා නොවී සෙසු වෘත්තිකයන් හා දේශපාලන සංවිධාන සතු වගකීමක් ලෙස ගත යුතු වන බවයි.

ඒ නිසාම ආණ්ඩුව වසන් කරන තොරතුරු අනාවරණය කරන ජනමාධ්‍යවේදීන්ගේ ජිවිත ආරක්ෂා කිරීමටත්, ජනමාධ්‍ය නිදහස රැකීමටත් ඒ හරහා රටේ පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම් රැකගැනීමටත් එකතු වනලෙස සිවිල් සංවිධාන හා ප්‍ර‍ගතිශීලී දේශපාලන සංවිධාන වෙත Dark Room අපි ආයාචනා කර සිටිමු.

අප සටන අත්නොහරිමු. මේ සදහා මැදිහත් වූ ප්‍රබල ඇමතිවරයාගේ විස්තර සමග සම්පූර්ණ හෙලිදරව්ව අගහරුවාදා උදෑසන 7 අපගේ
Darkroom0094 ෆේස්බුක් පිටුවෙන් සම්පූර්ණ විස්තරය බලාපෙරොත්තු වන්න.
ස්තුතියි.
Dark Room කණ්ඩායම
25.01.2026

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *