Breaking
7 Mar 2026, Sat

IRIS Dena සහ IRIS Booshehr ගැන ඇමරිකාවෙන් ලංකාවට බලපෑම්! රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කේබල් පනිවිඩයකින් අනාවරණය වෙයි!

IRIS Dena සහ IRIS Booshehr යන ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කර තිබේන බව අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් පනිවිඩයකින් අනාවරණය වි තිබේ.

වොෂින්ටන් අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් පනිවිඩයකට අනුව, ගිලී ගිය ඉරාන යුද නෞකාවෙන් දිවි ගලවා ගත් අය මෙන්ම ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන දෙවන ඉරාන නෞකාවක කාර්ය මණ්ඩලය ද ආපසු රටින් පිට නොකරන ලෙසටයි එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට බලපෑම් කර ඇත්තේ.

IRISBooshehr කාර්ය මණ්ඩලය හෝ IRISDena නෞකාවේ දිවි ගලවා ගත් 32 දෙනා ඉරානයට ආපසු නොයවන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා – කොළඹ එක්සත් ජනපද තානාපති ජේන් හොවෙල්

මේ අතර IRIS Dena නෞකාවේ දිවි ගලවා ගත් ඉරාන නාවිකයින් පලා යාමට දිරිමත් කිරීමට උත්සාහ කරන්නේ දැයි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් විමසූ බවද ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. මේ වනවිට ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතාන්ත්‍රික ගණුදෙනු ඉතාම සමීපව සිදුවිම මිට හේතුව බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

මාර්තු 4 වන දින ශ්‍රී ලංකාවේ දකුණු වරාය නගරය වන ගාල්ලේ සිට නාවික සැතපුම් 19 ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේ දී එක්සත් ජනපද සබ්මැරීනයක් IRIS Dena යුද නෞකාව ගිල්වා දැමූ අතර, එමඟින් නාවිකයින් සියයකට ආසන්න ප්‍රමාණයක් මියගිය අතර තවත් 30කට අධික සංඛ්‍යාවක් ගලවා ගැනිමට ශ්‍රි ලංකා නාවික හමුදාව කටයුතු කර තිබුනා.

මාර්තු 5 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නිවේදනය කළේ, ඉරාන සහායක නෞකාවක් වන IRINS Bushehr (A 422) සහ එහි කාර්ය මණ්ඩලය ලංකාව භාරයට ගන්නා බවයි.

ඒ අනුව මාර්තු 5 වන දින, ශ්‍රී ලංකාව දෙවන ඉරාන නෞකාවක් වන නාවික සහායක නෞකාවක් වන IRIS Booshehr වෙතින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 208 දෙනෙකු පිටතට ගැනීම ආරම්භ කළ අතර, එය ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපයේ නමුත් එහි සමුද්‍ර සීමාවෙන් පිටත සිරවී තිබුණි.

රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් පනිවිඩයට අනුව අදාළ මැදිහත් විම පෙන්වා තිබුනේ

Sri Lanka is holding the IRIS Bushehr and its crew, with the US discouraging their use for Iranian propaganda.

කේබල් පනිවිඩයේ සඳහන් වූයේ “ශ්‍රී ලංකා බලධාරීන් රැඳවියන් ප්‍රචාරණය සඳහා යොදා ගැනීමට ඉරාන උත්සාහයන් අවම කළ යුතුය” යනුවෙනි.

පෙබරවාරි 26 වන දින, ඉන්ධන පිරවුම් නෞකාව වන IRIS Bushehr, IRIS Dena නෞකාව සහ තවත් ඉරාන නෞකාවක් මාර්තු 9 සිට 13 දක්වා වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබුණි. මාර්තු 4 වන දින අලුයම, මාර්ක් 48 ටෝර්පිඩෝවක් භාවිතා කරමින් එක්සත් ජනපද නාවික හමුදාවේ SSN එකක් විසින් Dena නෞකාව ගාල්ල වෙරළට ඔබ්බෙන් ගිල්වන ලදී. ඉන්පසු මාර්තු 4 වන දින සහ 5 යන දිනවල කොළඹ වරායට ඇතුළු වීමට Busheh අවසර ඉල්ලා සිටි අතර, පසුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය එහි ඉරාන සහකරු සමඟ සාකච්ඡා කළේය. බුෂෙර්ගේ එක් එන්ජිමකට හානි සිදුවී ඇති බව වාර්තා විය. ඉරානය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු නෞකාව වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය විය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *