Breaking
13 Mar 2026, Fri

ඩිල් පිට ඩිල් …  බාල ගල් අඟුරු ගෙන්වූ සමාගමට ගල් අඟුරු ටෙන්ඩරයක්! ටෙන්ඩර් පිරිවිතයන් වෙනස් කරලා…!

මේ වනවිට ගාප විදුලි ජනනයේදී නියමිත ප්‍රමිතිය නොමැති ගල් අඟුරු ගෙන්වා අර්බුදයක් ඇතිකර ඇති ‘ට්‍රයිඩෙන්ට් කෙම්ෆර්’ නමැති ඉන්දියානු සමාගමට හදිසි ගල් අඟුරු සැපයුමක් සඳහා ටෙන්ඩර් ලබාදීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරන අකාරයට බාල ගල්අඟුරු සැපයීමට වගකිව යුතු සමාගමට යළිත් ගල් අඟුරු සැපයුම් ටෙන්ඩරයක් ලබාගත හැකිවන ලෙස මාර්තු 11 වෙනිදා ආණ්ඩුව අමතර ගල් අඟුරු නැව් පහක් සඳහා හදිසි ස්ථානීය ටෙන්ඩරයක් කැඳවා ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් අද (12) දින සිදු කළ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ …

” අපි ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ ඉඳලම ආණ්ඩුවට අනතුරු හැඟවීම් කළා ගල් අඟුරු ටෙන්ඩර් ප්‍රශ්නය නිසා ලංකාව බරපතළ බලශක්ති අර්බුදයකට යන්න නියමිතයි කියලා. හැබැයි අපි කියපු කතා එකක්වත් ගණං නොගෙන ආණ්ඩුව හිතුමනාපෙට වැඩ කරගෙන ගියා. දැන් ඒවගෙ ප්‍රතිඵල මේ රටේ ජනතාවට අත්විඳින්න වෙලා. ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් කියන ඉන්දියානු සමාගමට ටෙන්ඩරය දෙන්න යද්දිම තමයි අපි කිව්වේ ඔය සමාගමට මේ ටෙන්ඩරය දෙන්න එපා කියලා. මොකද ඒ සමාගමට එහෙම රටකට ගල් අඟුරු සපයලා අත්දැකීමක් නැහැ. දැන් මේ සමාගම ලංකාවට ගෙන්නපු ගල් අඟුරු නැව් 10කම තිබුණේ බාල ගල් අඟුරු කියලා ඔප්පු වෙලා ඉවරයි. ආණ්ඩුව දඩ ගහනවා කියලා කිව්වට මේකෙන් රජයට වෙච්ච අලාභය දඩ ගහලා විතරක් පියවගන්න පුලුවන් කමක් නැහැ.  දැන් මේ ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම බාල ගල් අඟුරු ගෙන්නුවා මදිවට  ඔවුන්ට නියමිත කාලයට අවශ්‍ය ගල් ඇඟුරු තොග සපයන්නත් බැරිවෙලා තියනවා. දැන් අප්‍රේල් මාසේ වාරකන් පටන් ගන්නවා. හැබැයි තාම මේගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ ගල් අඟුරු නැව් 12යි. ඒ නැව්වලිනුත් 10කම තිබුණේ බාල ගල් අඟුරු. ඒ නිසා දැන් හදිසි ස්ථානීය මිලදී ගැනීමක් කරන්න මිල ගණන් කැඳවලා.”

ටෙන්ඩර් පිරිවිතයන් වෙනස් කරලා…!

“අපිට සැකයක් තියනවා අඩුම ටෙන්ඩරේ අඩුම ටෙන්ඩරේ කියලා මේකත් ඒ සමාගමටම දෙන්න ආණ්ඩුව ලෑස්ති වෙනවද කියලා. ඒ විතරක් නෙවෙයි බාල ගල් අඟුරු මගඩිය වහන්න ආණ්ඩුව ටෙන්ඩර් පිරිවිතයන් වෙනස් කරන්නත් කටයුතු කරලා. අපි හොඳටම දන්නවා ලංකාවට බාරගත්ත ගල් අඟුරුවලට නියමිත ප්‍රමිතියක් තිබුණා. අපි කිලෝ කැලරි 5900ට අඩු ගල් අඟුරු ගත්තෙ නැහැ ඒවා Reject Value විදිහට තමයි සැලකුවේ. නමෙන්ම කියන විදිහට ඒවා ප්‍රතික්ෂේප කරන අගය. හැබැයි දැන් Reject Value කියන නම වෙනුවට ආණ්ඩුව අවම අගය Minimum Value කියලා ටෙන්ඩර් පිරිවිතයන්වල නම් වෙනස් කරලා තියනවා. මොකක්ද ඒකට හේතුව ? ආණ්ඩුව මේ ලෑස්ති වෙන්නේ මේ තක්ක්කඩි කම වචන හරඹයකින් යට ගහන්නද කියන සැකය අපිට මේකෙන් මතුවෙනවා.”

රෑට රෑට ඩීසල්වලින් බලශක්ති හිඟය පුරවනවා..!

“අපි මේ ගල් අඟුරු ප්‍රශ්නය ආව පළවෙනි වෙලාවෙ ඉඳලම ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් විකල්ප යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. හැබැයි ආණ්ඩුව කලේ ඒ සියල්ලටම පයින් ගහපු එක. දැන් අන්න රෑට රෑට ඩීසල්වලින් තමයි බලශක්ති හිඟය පුරවන්නේ. දැන් ඉස්සරහට ලෝක දේශපානලන තත්වය එක්ක ලංකාවට තෙල් සපයන්න බැරි වෙයි කියලා ටෙන්ඩර් බාර ගත්ත සමාගම් අනතුරු හඟවල තියනවා. මොකද චීනෙ වගේ රටවල් මේ වෙද්දිත් ඉන්ධන අපනයනය නවත්තලා තියෙන්නේ. දැනට රට ඇතුළේ තියෙන තෙල් ටික මේගොල්ලො විදුලි නිෂ්පාදනයට යොදවනවා කියන්නේ ඉස්සරහට ලංකාවේ ළමයින්ගේ ඉස්කූල් බස් එකක් දුවාගන්න, ඉස්පිරිතාලෙක ඇම්බියුලන්ස් එකක් දුවා ගන්නවත් තෙල් ටිකක් නැතිවෙන එක. අපි මීට කලිනුත් ආණ්ඩුවට කිව්වා බලශක්ති අර්බුදයක් එන්න නියමිතයි ඒ නිසා වහලමත සවි කරන සූර්‍ය පැනල දිරිමත් කරලා ඒකට සූදානම් වෙන්න කියලා. හැබැයි අදානිලව පිනවන්න ආණ්ඩුව සූර්‍ය පැනලවලටත් වල කැපුවා. ඉදිරි කාලේ නියඟයක් ආවොත් ජලාශවල වතුරත් නැතුව යනවා. එහෙම වුණොත් රටේ ජනතාවට වෙන්නේ ලොකු බලශක්ති අර්බුදයකට මුහුණ දෙන්න. මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක් තමයි දැන් ජනතාවට වෙලා තියෙන්නේ.”

හොර ජාවරම්කාර සමාගමයි,කාවෙ නඩයයි රකින ආණ්ඩුව..!

“මෙච්චර අර්බුදයක් තියෙද්දිත් ආණ්ඩුව මේ හොර ජාවරම්කාර සමාගමයි ඒ සමාගමට කත් ඇදපු ලංකාවෙ නඩයයි රකින්න යනවනනම් ඒක බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ප්‍රශ්නගත සමාගමට, බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, බලශක්ති අමාත්‍යවරයා කියන මේ සියලු දෙනාටම එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මෙතන බරපතළ මහජන මුදල් නාස්තියක් වෙලා තියනවා. ඒ පාඩුවත් ජනතාවගේ කරපිට පටවන්නෙ නැතුව වහාම මේ සමාගෙමෙන් සහ මේකට වග කිව යුතු අයගෙන් මේ පාඩුව අය කරගන්න ඕන. හැබැයි එහෙම නොකර හදිසි ස්ථානීය ටෙන්ඩරයත් මේ හොර සමාගමටම දෙන්න ආණ්ඩුව සූදානම් වුනොත් ඒක ආණ්ඩුව කරගන්න බරපතළ වැරද්දක්. ඒ නිසා අපි ජනාධිපතිවරයාට අනතුරු හඟවනවා වහාම මේකට මැදිහත් වෙන්න කියලා.”

කළු අඟුරු සුදුකල කුප්‍රකට චෞරයන් මෙන්න! ආණ්ඩුව ගැලවෙනවාද? බිලි වෙනවාද? තීරණය!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *