Breaking
8 Apr 2026, Wed

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හොර ගුහාවක් වෙයි!සේවකයන්ගේ වැටුපත් හොරා කා සුදුසුකම් නැති නිළධාරි රට යවලා! අල්ලස් ලොක්කාට පැමිණිල්ලක්!

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයන්ගේ වැටුපෙන් අඩු කල මුදල් අයථා පරිහරණයට යෙදවීම සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ෂන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමුකර තිබේ.සුබසාධන අරමුදලෙන් පසුගිය 2025 නොවැම්බර් මස රු. ලක්ෂ 13 කට අධික මුදලක් සංගමයේ නිලධාරීන්ගේ හෝ සාමාජිකයින්ගේ අනුමැතියකින් තොරව සංගමයේ සභාපති හා භාණ්ඩාගාරික විසින් කාර්යාංශයේ නිලධාරීන් වන සඳරුවන් පතිරගේ හා නයෝමි නවරත්න යන අය වෙත ලබා දී ඇති බවත් එම මුදල් කුමන කාර්යයකට භාවිතා කළේ ද යන්න සුබසාධක සංගමයේ සාමාජිකයින් හට දැනුම් දි නැති බවද අදාළ පැමිණිල්ල හරහා පෙන්වා දි තිබේ.

මිට අමතරව කිසිවෙකුගේ බලපෑම මත විශේෂ පුහුණුවක් සදහා ජපානයට යැමට තොරාගත් නිළධාරින් 5 දෙනෙකු සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසමට දූෂණය යටතට ගැනෙන වරදක් පිළිබඳව දැනුම් දි තිබේ. අදාළ පැමිණිලි දෙකම පහත දක්වා තිබේ.

 

කොමසාරිස්

අල්ලස් හෝ දූෂණ වීමගන කොමිසම

නො.36, මලලසේකර මාවත

කොළඹ 07

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයන්ගේ වැටුපෙන් අඩු කල මුදල් අයථා පරිහරණයට යෙදවීම

1994 වර්ෂයේදී කාර්යාංශයේ සේවය කරන නිලධාරීන්ගේ සුබසාධන පහසුකම් වැඩිදියුණු කිරීමට කාර්යාංශය තුල සුබසාධන සංගමය පිහිටුවන ලදී. එම සංගමය මගින් කාර්යාංශයේ සුබසාධන පහුකම වශයෙන් සංගමයේ සාමාජිකයින් හට සාමාජිකයින්ගේ මරණයේදී යැපෙන්නන්හට හා යැපෙන්නන්ගේ මරණයේදී සාමාජිකයා හටද මරණ පාරිතෝෂික ලබාදීම සාමාජිකයින්ගේ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රධානය, සහන පොලි යටතේ සාමාජිකයින් හට ණය මුදල් ලබා දීම, යන සුබසාධන වැඩසටහන් ක්‍රියාත්ක කරන ලදි. ඒ සඳහා මූල්‍ය ශක්තිය ලබා ගන්නා ලද්දේ කාර්යාංශ නිලධාරීන්ගෙන් ලැබෙන සාමාජික මුදලෙනි. සාමාජික මුදල් අය කරනු ලබන්නේ සංගමයේ සාමාජිකත්වය ලබා ගත් අයගේ මාසික වැටුපෙන් සාමාජික මුදල් අඩු කොට සංගමයේ ගිනුමට බැර කරන අතර එමගින් සංගමයට මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන අතර එලෙස ලැබෙන සාමාජික මුදල් ආයෝජනය කරමින් සංගමය මගින් සුබසාධන අරමුදල තර කිරීමට කටයුතු කරනු ලැබේ. එසේම සංගමයේ පරිපාලන හා මූල්‍ය කටයුතු, නිලධාරි මණ්ඩලය පත් කිරීම වැනි කටයුතු සාමාජිකයින්ගේ එකගතාවය මත ඇතිකර ගත් ව්‍යවස්ථාවක් මගින් සිදු කරනු ලබයි.

මේ ආකාරයට සංගමයේ මගින් පවත්වාගෙන යන සුබසාධන අරමුදලෙන් පසුගිය 2025 නොවැම්බර් මස රු. ලක්ෂ 13 කට අධික මුදලක් සංගමයේ නිලධාරීන්ගේ හෝ සාමාජිකයින්ගේ අනුමැතියකින් තොරව සංගමයේ සභාපති හා භාණ්ඩාගාරික විසින් කාර්යාංශයේ නිලධාරීන් වන සඳරුවන් පතිරගේ හා නයෝමි නවරත්න යන අය වෙත ලබා දී ඇත. එසේ ලබාදුන් මුදල් කුමන කාර්යයකට භාවිතා කළේ ද යන්න සුබසාධක සංගමයේ සාමාජිකයින් වශයෙන් අප නොදන්නා අතර එසේ මුදල් ලබා දීමට හෝ ලබා ගැනීමට කිසිඳු නෛතික අයිතියක් අදාල පාර්ශව දෙකටම නොමැත.

අපෙ‌ගේ වැටුපෙන් අඩු කර ලබාදෙන සාමාජික මුදල් මගින් පව්තවාගෙන යන සුබසාධක සංගම් අරමුදලෙන් මෙසේ මුදල් සංගමයේ නිලධාරීන් නොවන අය අතට පත් කිරීම හා ඔවුනට එම මුදල් භාවිතයට අවසර ලබා දීම අපගේ වැටුපෙන් අවකරණය කරන ලද මුද අයථා පරිහරනයට ඉඩ හැරීමකි.

එබැවන් ගරු කොමසාරිස්තුමනි, මේ මුදල් අවභාවිතය අල්ලස් හෝ දූෂණ පනත යටතට ගැනෙන දුෂනයක් හෙයින් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කොට මුදල් අයථා පරිහරණයට ඉඩ ලබා දීම හා මුදල් අයථා පරිහරණයට කටයුතු කල සියල්ලන් හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී.

සේවක සුබසාධක සංගමයේ සාමාජිකයින්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

නො.234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල

 

අල්ලස් හා දූෂණ විමර්ෂන කොමිෂන් සභා පනත යටතේ දූෂණය යටතට ගැනෙන වරදක් පිළිබඳව දැනුම් දිගයි.

නියුක්ති කාර්යංශය හා GICA ආයතනය සමඟ 2025 ජනවාරි මස සිට ආරම්භ කරන ලදී. මෙය 2025 ජනවාරි මස සිට වසර 02 ක තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ අතර මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රමාණවත් තොරතුරු මත පදනම්ව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ජපානයට යැවීම ප්‍රවර්ධනය හා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ජපානයට යැවීමේ නියැලෙන පාර්ශව කරුවන් සම්බන්ධ කරගෙන යහපත් යාන්ත්‍රනයක් සාහිත කිරීමයි.

මෙම පුහුණුවේ අපේක්ෂිත ප්‍රතිඵලය වන්නේ පුහුණුව අවසානයේදී සියලුම සහභාගී වන්නන් ක්‍රියාකාරී සැලසුම් සකස් කර ව්‍යාතියට සහ GICA වෙත ඉදිරිපත් කල යුතුය. ඊට අමතරව ශ්‍රී ලංකාව ජපානයට සේවකයන් යැවීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වැඩකටයුතු වලට සාර්තකව මැදිහත් විය යුතුය.එම පුහුණුව 2026 මාර්තු 09 සිට මාර්තු 31 වන දින දක්වා ජපානයේදී පැවැත්වීමට කටයුතු කර තිබුණි.

පුහුණුවට සහභාගී වන්නන් තෝරා ගැනීමට JICA ආයතනය මගින් ක්‍රමවේදයක් සදහන් කර ඇත.එනම් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය, පුහුණු අංශය, රැකියා අනුමැතිය. අලෙවිකරණ අංශය යන අංශ වලින් හා කාර්යාංශයෙහි විගමනික සම්පත් මධ්‍යස්ථාන වල සේවය කරන මෙහෙයුම් කටයුතු  (Operational Level) සේවකයන්ගෙන් සමන්විය යුතු බව දන්වා ඇත.

එසේ වුවත් මෙම ක්‍රම වේදය පූර්ණ වශයෙන් පසකලා කාර්යර්යංශයෙ පටිපාටිය බාහිරව හා JICA ආයතනය මඟින් දන්වා ඇති අංශ වලින් පරිභාහිරව නිළදාරීන් තෝරා ගැනීම සිදුකර ඇත.මේ ආකාරයට කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවට ලැබුණු පුහුණු අවස්ථාවන් අවභාවිතයට ලක්කිරීම තු දුෂණය යන වරද මෙම නිළධාරීන් තෝරා ගැනීම තුළ සිදුකර ඇති බව දන්වා සිටීම

JICA මගින් තෝරා එවිය යුතු යැයි නම් කර ඇති අවෙලින් නිළධාරීන් නිළ තෝරා ගෙන ඇත.

1. යාලේගම මහතා -කාර්යාංශ නිළධාරියෙකු නොවේ. අමා අතිරේක ලේකම් විශ්‍රාම යාමට ආසන්න වයසේ පසුවන්නෙකි. මොහු මෙම වැඩසටහනට දායකත්වය දැක්විය හැක්කේකු නොවන අතර  01/201900 යෙදීමට නැති නිලධාරීන් විදේශ පුහුනුවක් සදහා සහභාගි කරවීමට නොහැක.

2. චමින්ද ප්‍රසාද් – ප්‍රධාන ගණකාදිකාරී අමාත්‍යාංශයේ කාර්ය නිලධාරියෙකු නොවේ. මෙම වැඩසටහනට කිසිදු සම්බන්දතාවයක් නොමැත.

5. පතිරගේ සදරුවන් මහතා – අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති

8. එම්.තිලිණි නවරත්නා මහත්මිය – අතිරේක සාමාන්‍යධිකාරී වරයාගේ කලමනාකරන නිළධාරී

10. පී. චලනි ගංගා මහත්මිය සභාපතිවරයාගේ අංශයෙ හි කළමනාකාරක සහකාර

මෙම නිළධාරීන් ගැනිම තුලින් කාර්යාංශය මගින්  01/2019 මුදල් අමාත්‍යංශ චක්‍ර ලේඛණය උල්ලංඝනය කරනාවා සේම JICA ආයතනය මඟින් දන්වා ඇති අංශ වල නිලධාරීන් සොරා ගැනීම තුලින් වැඩසටහන තුලින් බලාපොරොත්වන කිසිදු අරමුණක් සාර්ථක කර ගැනීමට ලෙස කිරීම තුලින් ශ්‍රී ලංකිකයන් හට ජපානයේ රැකියා පිටකිරීම ක්‍රමවේද ශක්තිමත් කිරීමට තිබූ අවස්ථාවක් පැහැර හැරීමට ලක් කර ඇති බැවින් නොමසාරිස්තුමනි මේ පිළිබඳව ඔබගේ අවධානය යා කොට සිදුකර ඇති දූෂණය පිළිබඳව පූර්ණ වීමෂණයක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටීම.

අගතියට පත් සේවකයා

 

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *