මහත් මතබේදයට තුඩුදෙන බාල ගල් අඟුරු සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව අවුල් කිරිම සදහා ජනාධිපතිවරයා පුමුඛ මාලිමා ආණ්ඩුව කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්න විසින් සකස් කරන ලද Special Audit Report on the Coal Purchase Process by Lanka Coal Company for the Lakvijaya Power Plant and the Coal Procurement for the Season of 2025/2026 වාර්තාව හේතුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු මාලිමා ආණ්ඩුව ගිණීගෙන ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ මෙය ඉතාම භයානක වාර්තාවක් බවයි. මේම වාර්තාව පදනම් කරගනිමින් ආණ්ඩුවට අභියෝග කල හැකි බවත් ඒ හේතුවෙන් අවසානයේ සිරබත් කැම දක්වා ගමන් කිරිම නතරකල නොහැකි බවද ඔහු පෙන්වා දි තිබේ.
” මේ වාර්තාව අපිට ඉතාම අහිතකර එකක්… අපිට බලය නැති දවසක මේක ඇදෙනවා. මගෙ ඉදල හැමෝටම හිරේ යන්න වෙන කේස් එකක් මේ …”
මේ අතර (සිකුරාදා) පැවැත්වෙන බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග විවාදය අවුල් කිරිම අරමුනෙන් හෙට පැවැත්වෙන් කෝප් කමිටු හමුවේදී ලංකා ගල් අඟුරු නිලධාරීන් දැඩි ලෙස කමිටුව ප්‍රශ්ණ කිරිමේ සුදානමක් තිබේන බව අනාවරණය වුනා.ඒ හරහ කෝප් කමිටුව අවුල් කිරිම මෙහි ප්‍රධාන අරමුණයි. ඒ සදහා පසුගිය කාලයේ සිදුවු ගල් අගුරු වංචා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටද නියමිතය.ඒ සියල්ල හරහා විශ්වාසභංග විවාදය හරහා ඇත්ත සමාජගත් විම වලක්වා ගැනිම මුලික අරමුණ වි තිබේ.කෙසේවෙතත් සීමාසහිත ලංකා ගල් අඟුරු පෞද්ගලික සමාගමේ උසස් නිලධාරීන්ට ද රජයෙන් බලපෑමක් සිදුකර ඇති අතර නමුත් ඔවුන් පවසා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ නඩු තීන්දුව සහ මෙහි යම් සමානකමක් ඇති බැවින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමට ඔවුනට අවශ්‍ය නැති බවයි .
මේ අතර කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර අද දිනයේ විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්න අමතා ඉල්ලා ඇත්තේ මීට පෙර සිදුවූ ගල් අඟුරු වංචාවන් ගැන ඇමනුමක් විගණකාධිපති වාර්තාවක් ලෙස නිකුත් කරන ලෙසයි. ඇය එයට පැහැදිලි ප්‍රතිචාරයක් මේ දක්වා නැති බවද වාර්තා වේ.කොප් කමිටුව හමුවේ ලංකා ගල් අඟුරු සමාගමේ නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරිමටද නියමිත බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.
ගල් අගුරු ගෙවිමට කටයුතු කරන Trident Chemphar Limited සමාගමේ දේශීය නියෝජිතයන් අතර සිටින සමාගමේ අධ්යක්ෂවරයෙක් ලෙස හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ පසුගිය දිනවල නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ සහ සීමසහිත ලංකා ගල් අඟුරු පෞද්ගලික සමාගමට පැමින වැදගත් ලියවිලි රැසක පිටපත් ලබාගත් බව අප කොළඹ වාර්තාකරු පැවසීය. දේශීය නියෝජිතයන් ගැන දැනගන්න කියවන්න – කළු අඟුරු සුදුකල කුප්‍රකට චෞරයන් මෙන්න! ආණ්ඩුව ගැලවෙනවාද? බිලි වෙනවාද? තීරණය! · Lanka News Network
විගණකාධිපති සමුදිකා ජයරත්න විසින් සකස් කරන ලද Special Audit Report on the Coal Purchase Process by Lanka Coal Company for the Lakvijaya Power Plant and the Coal Procurement for the Season of 2025/2026 වාර්තාව
