Breaking
14 Jun 2026, Sun

ශානී අධිකරණය නොමඟ යවලා! සලේට එරෙහිව ප්‍රංශයේ දී හොර සාක්ෂි හැදුවේ චමින්ද උඩවත්ත!

හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරල් සුරේෂ් සලේ අත් අඩංගුට ගැනීම සදහා බොරු සාක්ෂි ලාබා දුන් අසාත් මවුලානා නම් ශ්‍රී ලංකාවේ වීවෘත වරෙන්තු මත සිටින පුද්ගලයාගෙන් හොර සාක්ෂි ලබා ගැනීමට ශානී අබේසේකරට සහය වි ඇත්තේ ප්‍රංශයේ ශ්‍රිලංකා තානාපති කාර්යාලයේ ඩිෆෙන්ස් ඇටැචි -Defence attaché ලෙස කටයුතු කරන ලුතිතන් කර්නල් චමින්ද උඩවත්ත යන අයෙක් සහ ප්‍රංශයේ ශ්‍රි ලංකා වැඩ බලන තානාපති ලෙස කටයුතු කරන සංජු දිසානායක නම් අයෙකු බව වාර්තා වේ.

ප්‍රංශයට ගිය ශානි අබේසේකර ප්‍රංශයේ තානාපති නිල නිවසේදී අසාත් මවුලානාගේ සාක්ෂිය සටහන් කල බව උසාවියට දැන්වූවත් එය සිදුකර ඇත්තේ තානාපති නිල නිවසේ නොවන බව වාර්තා වේ. දැනට තානාපති නිල නිවස වසා දමා ඇති බව අනාවරණය වි තිබේ. හිටපු තානාපති මනේෂා ගුනසේකර සේවා කාලය අවසන් කල පසු නිල නිවස වසා දමා තිබේ.දැනට වාඩ බලන තානාපති ලෙස තටයුතු කරන්නේ සංජු දිසානායක නම් අයෙකි.ඇය ජනතා විමුක්ති පෙරමුන සහ සම්බන්ධ කාන්තාවක් වන අතර කැලනිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි.

ඒ අනුව අපගේ විශේෂ වාර්තාකරු අනාවරණය කලේ ප්‍රංශ සංචාරය අතරතුර ශානී අසාත් මවුලානා හමුවුයේ නම් එය එලියේ කොතනක හෝ සිදුවිය යුතු බවය. නමුත් ඇතැම්විට ශානී කිසිවිටෙකත් අසාත් මවුලානා හමුනොවි ඔහු විසින් ලියා දෙන ලද කරුණු පාදක කරගනිමින් සකස් කරන ලද කට උත්තරයක් ලබාදි අධිකරණය නොමග යැවිමට කටයුතු කර ඇති බවටද දැන් සැක පලවි තිබේ. මෙම පාහර අසික්කිත මොහයුම සිදුකිරීම වෙනුවෙන් ලුතිතන් කර්නල් චමින්ද උඩවත්ත නම් අයට ප්‍රංශයේ ඩිෆෙන්ස් ඇටෑචි සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

කවුද මේ චමින්ද උඩවත්ත.. නීලකාස හොරෙකි; නාරිමාංශ ලෝලියෙකි..

චමින්ද උඩවත්ත යනු හමුදාව තුළ විවිධ වංචා ගණනාවක් සිදු කොට චෝදනා වලට ලක් වූ නීලකාස හොරෙකි. ඊට අමතරව ඔහු නාරිමාංශ ලෝලියෙකු ලෙස ද හමුදාව තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ අයෙකි.  මොහු ත්‍රිකුණාමලයේ 7 වැනි බුද්ධි බළකායේ දෙවන අණ දෙන නිලධාරියා ලෙස සේවයේ යෙදී සිටියදී, සෙබලුන් ගේ සලාක මුදල් සොරකම් කිරීමේ චෝදනාවට ලක් වී විමර්ශනයකට මුහුණ දුන් අයෙකි. මේ සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව දැනටත් යුධ හමුදා මූලස්ථානයේ තිබේ.චමින්ද උඩවත්ත 51 වැනි සේනාංකයේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියා ලෙස යාපනයේ රාජකාරීවල යෙදී සිටියදී, සෙබලුන් ගෙන් මුදල් එකතූ කොට පුද්ගලික පරිහරණය සඳහා පරිඝණක මිළදී ගත් පුද්ගලයෙකි.

කසාද බඳින්න කලින් ගස් බැන්දා..

යුධ හමුදාව තුළ නාරිමාංශ ලෝලියෙකු ලෙස ප්‍රචලිත මොහුගේ හැසිරීම සම්බන්ධයෙන් හොඳම උදාහරණය ලෙස දැක්විය හැක්කේ, මොහුගේ විවාහය සිදු වී ඇති ආකාරය ය. මොහු මින්නේරියේ රාජකාරී කළ සමයේ යුධ හමුදා නිලධාරිනියක් සමඟ සබඳතා පවත්වා ඇති අතර, ඒ නිවසට යෑමේ ඒමේ දී එම නිලධාරිනියගේ නැඟණිය සමඟ ද සම්බන්ධකම් පවත්වා තිබේ. මේ අතර තුර යුධ හමුදා නිලධාරිනිය ගැබ් ගෙන ඇති අතර, ඊට පසු ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මොහුව ගස් බැඳ, ඒ වන විට ගැබ් ගෙන තිබූ නිලධාරිනියට බලහත්කාරයෙන් විවාහ කර දී ඇත.

මස්සිනා ඝාතනයට සම්බන්ධයි

මොහුගේ විවාහක බිරිඳගේ නැගණියගේ සැමියාව, බිරිඳගේ පියා සහ නිවසේ පිරිස එක්ව ඝාතනය කර ඇති අතර, එම ඝාතනය සම්බන්ධයෙන් මොහුගේ සහ මොහුගේ බිරිඳගේ නම් ඈඳී ඇත. මෙය යුධ හමුදා බුද්ධි අංශයේ පරීක්ෂාවට ලක් වූ කරුණකි.

යුධ හමුදාවේ සේවයේ නියුතු සිටි උක්වත්තට සහ බිරිදට විදෙස්ගත වන්නේ නම්, ඊට පෙර ඒ සඳහා වූ නිෂ්කාශන දෙකක් ලබාගත යුතුව තිබිනි. එක් නිෂ්කාශනයක් ලබාගත යුත්තේ රාජ්‍ය බුද්ධි සේවයෙන් ය. අනෙක ලබාගත යුත්තේ යුධ හමුදා බුද්ධි සේවයෙනි. එහෙත් මොහුට සහ මොහුගේ බිරිඳට ඇති චෝදනා අනුව මෙම නිෂ්කාශන සහතික මොවුන්ට ලබා ගැනීමට නොහැක. එහෙත් ඔවුන් මෙම තනතුරට එවනු ලැබුවේ එම නිශ්කාෂණය රජය මගින් ලබා දීමෙන් අනතුරුවය

ලුතිනන් කර්නල් චමින්ද උඩවත්ත සුපිරිසිදු චරිතයක් බවට පත්කොට යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානීන් සහ ආරක්ෂක අමාත්‍යංශය බලධාරීන් නොමඟ යවා හොර රහසේම ප්‍රංශයට යැවීමේ කුමන්ත්‍රණයේ විශාලතම කාර්ය භාරය සිදු කලේ සිටින්නේ කර්නල් නෙවිල් අත්තනායක ය. ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන මස 15 වැනිදා ප්‍රංශයේ සංචාරයක නිරත විමට සුදානමින් සිටි.හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා සේම අනුරගේ සංචාරය අතර තුර තවත් බොහෝ දේ අනාවරණය විමට ඉඩ තිබේ.

ශානි සහ අසාත් මවුලානා හොර සාක්ෂි නාඩගම මේ තිදෙනාගේ සැලසුමක් වන අතර අනාගතයේ දිනෙක මේ සම්බන්ධ සියලු සාක්ෂි එලිකිරීමට අප සූදානම් බව සැලකර සිටිමු

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *