LNN SPY

රනිල් ටොයියට අගමැති අල්ලස දුන් සිරිසේන වහාම අල්ලනු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් රට හමුවේ සිදුවු දැවැන්තම අල්ලස හෙවත් පිංගුතරයෙකුට පක්ෂය පාවා දෙමින් අගමැති කමක් ලබාදිමට කටයුතු කල රට බෙදුම්වාදීන් ඉදිරියේ දණ ගැස්සු මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටියා.

ජනපතිවරණයට පෙර 2014 නොවැම්බර් 21 වැනිදා මාධ්‍ය  හමුවකදී බෙදුම්වාදීපිළ නියෝජනය කල මෛත්‍රීපාල සිරිසේන වන තමන් ජනපති වුවහොත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන බවට කල ප්‍රකාශයයි.

1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපති මැතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට තනතුරු පොරොන්දු වීම, තනතුරු ලබාදීම මෙන්ම තනතුරු බාර ගැනීම ද අල්ලස් වරදක් වන නිසා මේ ගැන පරීක්ෂණයක් කළ යුතු බව ඔහු එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

නව රජයේ දින 100 අවසන් බවත්, දැන් එළඹ ඇත්තේ අපේ දින 100 බවත්, එහිදී කියා සිටි ගම්මන්පිල මහතා මෙතැන් සිට සතිපතා අල්ලස් කොමිසමට ඇවිත් පසුගිය කාලයේදී සිදුවූ දූෂණ ගැන පැමිණිලි කරන බවද කියා සිටියා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top