විශේෂාංග

මේ සිංහල අපගෙ රටයි – අප වනසා ගන්න රටයි

මහින්ද රාජපක්ෂ ඡන්දයකට පෙර කිසිවිටක ප්‍රතිවාදීන් දඩයම් නොකලේය. ඔහු මුහුනට මුහුනලා කරන චන්ද සටන්වලට බියවී ප්‍රතිවාදන් තරඟයෙන් ඉවත් කරන්නට උත්සාහ කරන නපුංසකයෙකු නොව නිර්භීත තරඟකරුවෙකු විය.

බලය පාවිච්චි කරමින් එක චන්දයක් මංකොල්ල නොකා දකුනු ආසියාවේ කිසිදු රටක දක්නට නොලැබෙන ආකාරයේ අති පිරිසිදු ජනාධිපතිවරණයක් පැවත්වීය.

සමස්ථ යුද යන්ත්‍රනයම සිය පාලනය තුල ඇති නිසා ලෙහෙසියෙන් බලය අත නොහරින  එකාධිපතියෙකු යැය් විරුද්ධ වාදීන් පුන පුනා කී කතා බොරු කරමින් චන්ද ප්‍රතිපල නිකුත් වී අවසන් වන්නටත් පෙර මහජන මතයට ගරුකරමින් අරලිය මැදුරින් සාමකාමීව පිටව ගියේය.

කෝටි ගනනින් මුදල් කොල්ල කෑවා යැය් විරුද්ධවාදීන් චෝදනා කලත් ලෝකයේ ඔහුව සමකරන ලද ගඩාෆි, සදාම් මුබාරක් වැනි අන් බලගතු  පාලකයන්ට මෙන් අත්පත් කරගත් හෝ ගොඩනැගූ දේපලක් ඔහු සතුව ලංකාවේ කිසිතැනක නොතිබුනු නිසා චන්දය පැරදුන පසු  අතීතයේ සිටි විජයානන්ද දහනයක් වැනි නිර්ව්‍යාජ නායකයන්ට මෙන්ම මහින්ද රාජපක්ෂටද ආපසු යන්නට තිබුනේ තම  තංගල්ලේ පිහිටි අබලන්වූ මුල්නිවස පමනි.

ත්‍රස්තවාදයෙන් තැති ගැනී හෙටක් ගැන සිතන්නට නොහැකිව සිටි අපට රටක් නැවත ලබාදුන්, ඒ නිසා බටහර දඩබල්ලන් විසින් නිරන්තරයෙන් දඩයම් කරනු ලබන මේ සිංහල නායකයා පක්ෂ දේශපාලණයකින් තොරව රැක ගැනීමට ඔහුට සදා ණයගැති සිංහල ජාතිය ඉදිරිපත් වනු ඇතැය් එදා රටවෙනුවෙන් නිර්භීත තීරණ ගනිද්දී මහින්ද රාජපක්ෂ සිතන්නට ඇත. එහෙත් ඔහුට වැරදුනි. සිංහලයා වෙනස් වී නැත.  බවත්, එදා මෙන්ම අදත් සිංහල ජාතිය අදූරදර්ශී, ගුනමකු, කුහක ජාතියක් බව අප රට වැසියන්ගෙන් හරි අඩකගේ හැසිරීමෙන්  හා කතාවෙන් නොපෙනේද ?

රටේ නයකයන් විදේශිකයන්ට පාවා දීම හා එම පවාදීම් වලට සුදු හුනු ගෑම ලංකා ඉතිහාසය පුරාම ඔඩු දුවන සත්‍යයකි.  විභීෂන   ලංකා ද්වීපයෙ අසමසම් මහරජ රාවණා විදේශිකයෙකු වන රාමාට පවා දුන් අතර අප පාසැල් වල ඉගනගන්නේ වීර රාමා ගුනයහපත් විභීෂන ගැන හා දුෂ්ට රාවණා ගැනය. ඇහැලියගොඩ ඇතුලු සිංහල නිලමේලා සින්හලයේ අන්තිම රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ  සුද්දාට පවාදුන් නමුත් අප ඉතිහාසයේ පෙන්වන්නේ දුෂ්ට රාජසිංහයෙකු හා අසාධාරණයට ලක්වූ නිලමේලා ගැනය. අනාගතයේ රට බේරා ගත් මහින්දා රාජපක්ෂ හා ඔහුව විදෙස් බලවේගයන්ට පාවා දුන් මෛත්‍රී රනිල් චන්ද්‍රිකා චම්පික අනුර කුමාර සෝබිත රතන කල්ලිය ගැනද ඉතිහාසය මේ අයුරින් උඩුයටිකුරු කර ලියවෙනු ඇත.

සිංහල වර්ගයාගේ පියා ලෙස සැලකෙන විජය තමන්ට උදව් කල කුවේනීව දරු දෙදෙනා සමග එලවා දැමූ පසු සිය නෑදැයන්ගෙන් මැරුම් කුවේනී අවසන් හුස්ම හෙලන්නට පෙර සිංහල ජාතියට කිසි දිනෙක සැනසිල්ලේ සිටින්නට බැරි වෙන්නැය් සාප කලා කියා අප අසා ඇත. එදා පටන් අද වන තුරු විදේශ ආක්‍රමනයන්ගෙන් මිදුනු අක ශත වර්ශයක් අපේ ඉතිහාස පොතේ නැත.  මහින්ද උදාකර දුන් සාමය පවත්වාගෙන යන්නට පින නැතුව අපිම අපේ වල කපා ගන්නේ මේ කුවේනීගේ සාපය නිසාද ?

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top