Featured

රාජිතලාට පුලුවන්නම් ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාව රැස්කර පෙන්වන්න

ඉදිරි මහ මැතිවරණයේදි කුමන පක්ෂයක් බලයට පැමිණියත් බිහිවන්නේ ජාතික ආණ්ඩුවක් බවත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරන බවට සන්ධානයේ අය වහසි බස්‌ දෙඩෙව්වත් එය කළ නොහැකි බවත් තැන තැන කියමින්  යන රාජිතලාට හැකිනම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්කර බහුතරය මෛත්‍රීට තිබේන බව ඔප්පුකර පෙන්වන ලෙස තමන් තමන් අභියෝග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභිකයෙකු අභියෝගයක් කර සිටියා.

ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ සමග එක්වෙමින් සන්ධානයේ මධ්‍යම කාරක සභීකයා සදහන් කළේ ජනාධිපතිවරයාට නොව ඔනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවේදි අග්‍රාමාත්‍යවරයා ලෙස ඉදිරිපත් විය හැකි වුවද පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත දිනා ගන්නා කෙනා පමණක් අගමැති වනු ඇති බවයි.

ඒ නිසා පරාජයෙන් වියරුවැටි පිස්සන් මෙන් තැන තැන දුවමින් රාජිතලා කුණුකතා කිව්වද පිස්සන් කලබල වුවද දොස්තරලා කලබල නොවන බව රාජිත දැනගෙන සිටිම ඇගට ගුණ බවද ඔහු සදහන් කළා.

 

 

Top