Anonymous Reporter

එජාප ඡන්ද 27.9%ට වැටේ-99.4%ක් මහින්ද අගමැති වන බව කියයි… පළමු විද්‍යාත්මක සමික්ෂණය

දිස්ත්‍රික්ක 15කින් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 1400ක් දෙනා වෙත යොමු කරන ලද ප්‍රශ්න මාලාවක් ඇසුරෙන් සකස්කරන ලද සමීක්ෂණ ප්‍රතිපලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සියයට 63.6ක ඡන්දය භාවිතාකරන බවට අනාවරණය වි තිබේ.

දිනය 23.07.2015 – 25.07.2015
දත්ත රැස්කෙරු දිස්ත්‍රික්ක: කොළඹ, කළුතර, ගාල්ල, හම්බන්තොට, කෑගල්ල, බදුල්ල, නුවරඑලිය, ත්‍රිකුණාමලය, වවුනියා, අනුරාධපුර, මාතලේ, මහනුවර, රත්නපුර, කුරුනෑගල, අම්පාර
සමීක්ෂණ ප්‍රතිපල:
1. පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ ජන්දය පාවිච්චි කලේ කාටද?
මහින්ද රාජපක්ෂ – 46.1%
මෛත්‍රීපාල සිරිසේන – 53.9 %

2. පසුගිය මැතිවරණය හා එළඹෙන මැතිවරණය අතර තුරදී මහජන මතයේ වෙනසක් සිදුවූවායයි ඔබ සිතනවාද?
මහින්ද දෙසට වඩාත් බර වුවා – 72.3%
මයිත්‍රී දෙසට වඩාත් බරවුවා – 12.0%
ජවිපෙට වඩාත් බර වුවා – 15.7%

3. අවුරුදු දහයක රාජපක්ෂ පාලනය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?
ඉතා සතුටුදායකයි – 69.5%
ඉතා අසතුටුදායකයි – 24.5%
මධ්‍යස්තයි – 6.0%

4. මාස 6ක යහපාලනය පිලිබදව ඔබ සිතන්නේ කුමක්ද?
ඉතා සතුටුදායකයි – 2.2%
ඉතා අසතුටුදායකයි – 84.6%
මධ්‍යස්තයි – 13.4%

5. මහින්ද රාජපක්ෂගේ කලහකාරී හා ප්‍රචණ්ඩ හැසිරීම ඔබ දකින්නේ කෙසේද?
නායකයෙකුට සුදුසු නැහැ – 6.0%
වරදක් නැහැ – 94.0%

6. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන ප්‍රතිපත්ති ඔබ දකින්නේ කෙසේද?
ඉතා හොඳයි, ඔහු රැකගත යුතුයි – 2.8%
නරකයි – 97.2%

7. යහපාලනයට එල්ලවී ඇති බැඳුම්කර චෝදනා පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?
දුෂිතයන්ට විරුද්ධව ඔවුන් ක්‍රියාකළ ආකාරය හොඳයි – 18.9%
සෑහීමකට පත්වෙන්නට බැහැ – 81.1%

8. යහපාලනය තුලින් ජනවාර්ගික ප්‍රශ්නයක් නැවත මතුවේයයි ඔබ සිතනවාද?
ඔවු – 82.3%
නැහැ – 17.7%

9. එළඹෙන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත්වේයැයි ඔබ සිතනවාද?
ඔවු – 99.4%
නැහැ – 0.6%

10. එළඹෙන මැතිවරණයේදී ඔබේ ජන්දය පාවිච්චි කරන්නේ කුමන පක්ෂයටද?
එක්සත් ජාතික පෙරමුණ – 27.9%
නිදහස් සන්ධානය – 63.6%
ජනතා විමුක්ති පෙරමුණ – 8.5%

Top