LNN SPY

යහපාලන අකිල ඔඩර් දෙයි -ජොන්ස්ටන් කූඩු කරන්න සූදානම්..

කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව ලබන පස්වැනිදා දිනයේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග වාර්තා කරයි.

එම දිස්ත‍්‍රික්කයම නියෝජනය කරන ඇමති අකිල් විරාජ් විසින් ආණ්ඩුවේ ඉහලම තැනකින් කරන ලද ඉල්ලීමක් මත මෙම කටයුතු වේගවත් වී ඇති බවත් කුරුණෑගල අටවැනිනිදා මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පැවැත්වෙන රැළියට ජොන්ස්ටන් සහභාගී වීම වැළැක්වීම මෙහි අරමුණක් බවද වාර්තා වේ.

දිස්ත‍්‍රික්කයේ එජාපය ජය ගැනීමට නම් අනිවාර්යෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉවත් කිරීම අත්‍යවශ්‍ය යයි අදාල ඇමතිවරයා සිය දේශපාලන බලවතා වෙත වාර්තා කර ඇත.

~~NSR~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top