Anonymous Reporter

ජවිපෙ මහා පිපුරුමක් අත ලඟ!

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය තවත් උග්‍ර අතට හැරෙමින් ඇති අතර මහා මැතිවරණයට පෙර තවත් මහා පිපුරුමක් සිදුවිමට නියමිත බව ඒම පක්ෂයේ දේශපාලන  මණ්ඩලය නියෝජනය කරන සමාජිකයෙකු අප සමග Skype ඔස්සේ සම්බන්ධ වෙමින් සදහන් කළා.මහා මැතිවරණයට පසුව මෙම මහා පිපුරුම සිදුවිමට බොහෝ විට ඉඩ ඇති අතර එහි කුඩා ප්‍රමාණයේ පිපුරුම් රැසක් මැතිවරණයට පෙර සිදු විම අනිවාර්ය බවද ඔහු අනාවරණය කළා.

[box type=”info” ]ජනපතිවරයාත්, විපක්ෂ නායකත් දැන් එකම පක්ෂයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා එකතුවී කටයුතු කරන බැවින් ජෝන් අමරතුංග අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සිදුවේයැයි තමා නොසිතන බවට කල ප්‍රකාශයත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා සමෘද්ධි අමාත්‍ය, සජිත් ප්‍රේමදාසට මඩ ගැසිමත් ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන්ට මඩ ගෑසිම හැර ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායකට වෙනත් වැඩක් නැති බව වාර්තා වේ.[/box]

පෙබරවාරි 12දා කළ අනාවරණය –මෙගා ඩීල් අනුරව පන්නනවා – JVP සගයා LNWට කතා කරයි 

පසුව පක්ෂ අභ්‍යන්තරයේ කැරලි ගසමින් පක්ෂයෙන් ඉවත් ව එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකතු විමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම රටේ වෘත්තීය සමිති රැසකට නායකත්වය දෙන කේ.ඞී. ලාල්කාන්ත සුදානම් වෙමින් සිටි අතර ඒ සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඔහුට ලැබි තිබුනු අවස්ථාව අවසන් මොහොතේ මඟ හැරි යැම සහ අනුර උප්‍රකමිකව ලාල්කාන්තට එජාපය හරහා විවිධ වරප්‍රසාදයන් ලබාදිම හරහා ඔහුව නතර කර ගැනිමට සමත්ව තිබේ.

පෙබරවාරි 8 වැනිදා අප කල අනාවරණය – ලාල්කාන්ත සීනුව අතහරි! 

අවසානයේ අභ්‍යන්තර කැරැල්ලට නායකත්වය දුන් හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේන් ඉවත් වු  අතර පසුව ඔහු සමග ඉවත් විමටද ලාල්කාන්ත ඇතුලු පිරිසක් උත්සහ කලද ජනමතය ගොඩනැගිම නොහැකිවිම මත එම උත්සහයද අතහැර දැමුවා

මාර්තු 29 අප කල අනාවරණය –JVP යලි දෙකඩ වේ 

[box type=”warning” ]පසුගිය පෙබරවාරියේ අප අනාවරණය කල පරිදිම ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදයේ තවත් පිපිරීමකින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම වත්මන් ජාත්‍යන්තර කටයුතු භාරව සිටි සෝමවශ අමරසිංහ මහතා අද ජනතා විමුක්ති පෙරමුණේන් ඉල්ලා අස් වුනා. අද සවස පැලවත්ත ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කර ඇත්තේ තමන් නිවැරදි මග ගත් නව පක්ෂයක් ආරම්භ කරන බවටත් ඉඟියක් පලකර තිබේ.[/box]

LNW.Today කී පරිදිම ජවිපෙ යලි දෙකඩ වේ- ජවිපෙ ප්‍රබලයා හිටපු නායක සෝමවශ අමරසිංහ පක්ෂය අත්හරී

Top