Political

ගෝලීය දෙමළ සංසදය රනිල්ට,මෛත්‍රීට සුභ පතයි- යහපාලන කොටි නිරුවත මෙන්න

රාජපක්ෂ ආණ්ඩුව සමයේ මරනවෝ..කපනවෝ..යනුවෙන් කෑ මොර දුන් ගෝලීය දෙමළ සංසදය දැන් රනිල් සහ මෛත්‍රී ආණ්ඩුවට සුභ පැතුම් පත් එවමින් සිටි.19 වන ව්‍යවස්ථා සංශෝධන සම්මතවීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ජනපති මෛත්‍රීපාල සිරිසේනට ගෝලීය දෙමළ සංසදය සුභ පැතුම් පළකර තිබේ.

ගෝලීය දෙමළ සංසදය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්  උතුර සහ නැගෙනහිර පළාත් වල හමුදා ආණ්ඩුකාරවරු ඉවත් කර සිවිල් නිලධාරින් පත්කිරීම, ඉඩම් වල අයිතිකරුවන්ට එවා භාරදීම, දේශපාලන රැඳවියන්, සරණාගත දෙමළ පුද්ගලයින් නිදහස් කිරීම, ආයතන වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීම යනාදීයට ස්තුතියද පලකර තිබේ.

“19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන තවත් එක් පියවරක් ඉදිරියට ගොස් ඇත. එනමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ අවාසනාවන්ත දේශපාලන සංස්කෘති සහ පුරුදු පිළිගන්නා ලදි. අළුතින් ඇති වී ඇති මෙම ප්‍රගතිශීලි වෙනස්කම්, පසුගිය ආණ්ඩුව තුලින් සකස් කළ ගමන් මඟ අවලංගු කර අනාගතයේදී අර්ථවත් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉලක්ක කර කටයුතු කිරීම සඳහා වන සුදුසු වේලාව මෙයයි. 

රජයේ දින 100 යේ වැසටහන තුලින් ක්‍රියාවට නැංවූ සියල්ල සක්‍රීය කළ නොහැකිය. නමුත් අප අවධානයෙන්ම සිටියෙමු. එය පිළිගත් ස්වරූපය 19 වන ව්‍යවස්ථා සංශෝධනය වන නමුත් ජනතාවගේ මානසිකත්වයේ වෙනසක් සහ නව දේශපාලන පරිසරය පුදුම කරවන අතර ශ්‍රී ලංකාවේ තත්වය නව පිබිදීමක් ඇති කරයි. එවන් තත්වයකදී ජනතාවට තවදුරටත් සංවර්ධනය, වෙනත් හදිසි ගැටළු විසඳුම් දැකිය හැකිය යන විශ්වාසය ඇති කරයි.

දෙමළ ජනතාවගේ කණගාටුව සම්බන්ධයෙන් රජය ගන්නා කඩිනම් ක්‍රියාමාර්ග අප පිළිගන්නෙමු. උතුර සහ නැගෙනහිර පළාත් වල හමුදා ආණ්ඩුකාරවරු ඉවත් කර සිවිල් නිලධාරින් පත්කිරීම, ඉඩම් වල අයිතිකරුවන්ට එවා භාරදීම, දේශපාලන රැඳවියන්, සරණාගත දෙමළ පුද්ගලයින් නිදහස් කිරීම, ආයතන වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීම යනාදීය අවම කටයුතු වුවද, මේවා සියල්ල වැදගත් ඒවාය.

එනමුත් පෞද්ගලික ඉඩම් වලින් වැඩි කොටසක් තවමත් හමුදාව නීති විරෝධිව ආක්‍රමණය කරගෙන සිටියි. හමුදා භඨයින් විශාල පිරිසක් තවමත් උතුරු නැගෙනහිර රැඳීසිටියි. තර්ජන සහ අත්තනෝමතික අත් අ‍ඩංගුවට ගැනීම් තවමත් සිදුවේ. 

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ එදිනෙදා කටයුතු වලට හමුදාව මැදිහත් වේ. යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් බවට පත් ලක්‍ෂ ගණනක් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව සිදුවේ. 

උතුරු නැගෙනහිර කාන්තාවන් සහ පිරිමි තවමත් බියෙන් ජීවත් වේ. සිය ගණනක් දේශපාලන රැඳවියන් තවමත් චෝදනා නොමැතිව රඳවා තබානෙ සිටියි. ත්‍රස්ත මර්ධන පනත තවමත් පූර්ණ ලෙස ඉවත් කර නැත. සියල්ලට වඩා දෙමළ ජාතික ගැටළුව විසඳා නොමැතිව පවතී. 

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම මාර්ගයෙන් දෙමළ ජනතාවට අවම සහන ලබාදීමට වෙනත් සමහර අවංක උත්සාහයන් ගැනීම සිදුවේ. ශ්‍රී ලංකාව තුල දීර්ඝ කාලයක් පවතින ජාතික ගැටළුව විසඳීමට වැඩිදුර සංවර්ධන කටයුතු කළ යුතුය. මෙම තත්වයේදී රජය මෙවන් උත්සාහයන් ක්‍රියාත්මක කල යුතුය යන්න වැදගත් සහ ගැටළු වලට පූර්ණ අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතු ‍එල්ලවී ඇති යුද අපරාධ, යුක්තිය අවශ්‍යය, දේශපාලන යෝජනාව සහ සංහිඳියාව යාවත්කාලීන කළ යුතුය. තවද, ගෝලීය දෙමළ සංසදය තම දායකත්වයට සත්‍යයන් කිරීමට තම නිසි සහයෝගය ලබාදෙනු ඇත” යනුවෙන් එම නි‍වේදනයේ සඳහන්ය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top