Anonymous Reporter

මාස 60න් මව්බිම පොළවට සමතලා කිරීමේ පෙරනිමිති සහ යහපාලන සිරාලා

සැබෑ දේශප්‍රේමින් ලෙස පෙනි සිටීමට උත්සහ කරන යහපාලන සිරාලා ටික දැන් දැන් රටේ බහුතර ජනයා බත් කන හරකුන් බවට පත්කරමින් දිනා ගත් දේශය වළලා දැමීමට විලි ලැජ්ජාවක් නැතිවම කටයුතු කරමින් සිටී.මේ ඡායාරූපය දෙස ඔබේ අවධාණය යොමු කරන්න.අවුරුදු 30ක් පුරාවට මෙරට පැවති ත්‍රස්තවාදයේ ගිනි දැල් ඔබට තවමත් අමතකවී නැතැයි අප විශ්වාස කරන්නෙමු.

LTTE_UNP_LNWනමුත් යළිත් රට දෙකඩ කිරීමට කෙප්ප රනිල් රජා බහුතර ජනයා ඉදිරියේ කටයුතු කරනු ලබන්නේ රට කෑලි කෑලි වලට කඩා මාස 60ක් ඇතුළත මව්බිම මහ පොළව මත වළලා දමන්නටයි.එය තහවුරු කිරීමට පහත ඡායාරූපය ප්‍රමාණවත්ය .

ඉදිරි මහ මැතිවරණයට උතුරේ දිස්ත‍්‍රික්ක සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ වදින ඇතැම් අපේක්‍ෂකයින් එවකට කොටි සංවිධානය විසින් ඊළාම් රාජ්‍යයේ සිතියම ලෙස භාවිතා කරන ලද ප‍්‍රදේශය මතු කර දක්වමින් සිය ප‍්‍රචාරණ කටයුතුවල යෙදෙන ආකාරය මෙයින් සනාත වෙනවා.රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිණි විජයකලා මහේෂ්වරන් සිය ප‍්‍රචාරක කටයුතු සිදු කිරීමට ඊළාම් සිතියම භාවිතා කර ඇති අයුරු හා රනිල් වික‍්‍රමසිංහ එහි සිටින ආකාරය මෙයින් පෙනෙනු ඇත.

එපමණක් නොව දිනූ දේශය පාවා දෙමින් කෙප්ප රනිල් මේ උත්සහ කරනු ලබන්නේ රාජපක්ෂවරුන් වළලා දමා යහපාලන රෙද්දට මුවාවී රට යළි ලේ විලක් බවට පත් කිරීමටයි.රට දිනා දුන් නායකයා හොරා වනවිට මේ සක්කිලියන්ට ප්‍රභාකරන් මැතිතුමා වනු ඇත.මව් බිම කෑලි කෑලිවලට කඩා ඊලමේ කොඩිය එසවීමට මේ අවජාතකයන් පිරිස උත්සහ කරනු ලබන්නේ රටේ ජනතාවගේ ඇස් පනා පිටමයි.

ඊයේ යාපනයේ පැවති ජන රැලියකදීද අදහස් දක්වමින් ඇමිතිණි විජයකලා කට පූරා සිනාසෙමින් මහත් අභිමානයෙන් කියා සිටියේ ,දෙමළ ජනතාවගේ නායකයා රනිල් වික්‍රමසිංහ බවයි.දෙමළ ජනතාවටම සෙත සැලසීමට මේ හැතිකරයට අවශ්‍ය වනවා නම් ඊළමේ ප්‍රදේශ ඇතුළත් කරගනිමින් මුන් ජනතාවට අගවන්නට උත්සහ කරන්නේ බෙදුම්වාදයේ පෙරනිමිති සහ මාස 60 මව්බිම පොළවට සමතලා කිරීමේ පෙරනිමිති බව සටහන් කිරීමට කැමැත්තෙමු.

විශේෂ ලියුම්කාරිණියක විසිනි  

LTTE_UNP

Top