Featured

අතුරුදහන් වු “ආමි සම්පත්” ජාතික රෝහලේදි මරුට-ඝාතකයා රවී!

ඊයේ දිවයිනෙන් පැන ගැනිමට නොහැකි වු පසුගියදා රවී කරුණානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදි සිටියදි ගැටුමක් ඇතිකරගත් කුඩුලාල්ගේ ප්‍රධානතම ගොලයා වන “ආමී සම්පත්” නැමති පාතාල සමාජිකයා අද උදැසන කොළඹ ජාතික රෝහලේදි ජිවිතක්ෂයට පත්ව තිබේ.

එජාප කොළඹ අපේක්‍ෂක මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ මැතිවණ ප‍්‍රචාරයේ යෙදී සිටියදී කොටහේන බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ‘බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත්’ හෙවත් ‘ආමි සම්පත්’ අද අලූයම මියගොස් තිබේන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කර සිටි.

පසුගිය 31 වැනිදා සිදුවු මෙම වෙඩි ප්‍රහාරයෙන් “ආමි සම්පත්” තුවාල ලැබු බවත් පසුව ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ බවත් අප එම අවස්ථාවේදිම අනාවරණය කළා.

[box type=”warning” ]කුඩු ලාල්ගේ ප්‍රධානම ගොලයා වන “ආමි සම්පත්” සහ මධුෂංක මෙම රවිගේ මැතිවරණ ව්‍යපාරයේ යෙදි සිට ඇති අතර ඔහුන් දෙදෙනා ඉලක්ක කර වෙඩි තබා තිබේ.මේ වනවිට “ආමි සම්පත්”බරපතල ලෙස තුවාල ලබා පෞද්ගලික රොහලකට රැගෙන ගොස් තිබේන බවද අප LNW ඔත්තුකරු අනාවරණය කළා.[/box]

නමුත් පැය කිහිපයක් තුල කල ආනාවරණයෙන් පසුව “ආමි සම්පත්” එම පෞද්ගලික රෝහලෙන් රැගෙන ගිය බවද අප වාර්තාකරුවන් අනාවරණය කළා.අනික් අතට “ආමි සම්පත්” නැමත්තාට වෙඩි වැදි තිබුනේ උදර ප්‍රදේශයට සහ දකුණු කළවා ප්‍රදේශයට බවද පෞද්ගලික රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර තිබුනා.එවා මාරාන්තික තුවාල නොවන බවයි අප වාර්තාකරුවන්ගේ අදහස වන්නේ.

මිට අමතරව පොලිසියද එය පිළිගෙන තිබුනා 31 වැනිදා මධ්‍යම රාත්‍රීයේ අප කල අනාවරණය –Exclusive:කොටහේන හොල්ලා රවී කරකවා අතහැරිය කුඩුලාල් හා “ප්‍රින්ස්” පාතාල ගැටුම

[box type=”warning” ]වෙඩි වැදිමෙන් “ආමි සම්පත්” ද බරපතල ලෙස තුවාල ලබා පෞද්ගලික රොහලකට රැගෙන ගොස් තිබේන බවද අප LNW ඔත්තුකරු අනාවරණය කළා.කොළඹ කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ දි ආමි සම්පත් තුවාල ලැබුවේ නම් ඔහු සෙයා ගැනීමට පොලිසිය වෙහෙස වෙන බව පොලිසිය වාර්තාකර තිබේ.

බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ මෙහෙයුමක් සිදු කළ නමුත් ඔහු ගැන තොරතුරක් නැති බවත් ඔහු තුවාල ලැබුවේ ද බේරුණේ ද පොලිසියට ප්‍රශ්නයක් බවද වාර්තා කර තිබේ.(ඔහු අද ගැටුමෙන් පසුව නවලෝක රෝහලට ඇතුල්කර ඇති අතර පසුව පැය ගණනක් යැමට මත්තෙන් සියල්ල අනාවරණය වු පසු ඔහු එම රෝහලෙන් රැගෙන ගොස් තිබේ.)[/box]

ඒ අනුව අතුරුදහන්ව සිටි “ආමි සම්පත්” අද අලුයම  3.50ට පමණ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන්නේ කෙසේද? ඒ අනුව ඉතා පැහැදිලි ලෙසම “ආමි සම්පත්” ඊයේ රාත්‍රීයේ රහසේම යලිත් ජාතික රෝහලට ඇතුලත් කිරිමට රවී කටයුතු රඇති බවයි  LNW  ඔත්තුකරුවන් අනාවරණය කළේ.

බ්ලූමැන්ඩල් ගැටුම සම්බන්ධයෙන් රටේ වගකියන ප්‍රගතිශීලි මාධ්‍ය හරහා නිරන්තර කරන ලද අනාවරණ හේතුවෙන් අවසානයේ “ආමි සම්පත්”ගේ ජිවිතයට වගකියා රවී යන්තම් ෂේප් පාරක් දමා ගැනිමට මේ කුමන්ත්‍රණය හරහා කටයුතු කර තිබේ.“ආමි සම්පත්” බුද්ධි අංශ මගින් අත් අඩංගුවට ගත්තේ නම් තත්ත්වය මිට වඩා වෙනස් විමට තිබුනි.

 

Top