LNN SPY

ණයට කැස්ස සුනිල්ට මෛත්‍රීගෙන් ආතල් තනතුරක්

රාජ්‍ය නොවන සංවිධාන වල ඩොලර් කුට්ටි වලට ගිජුවි තමන්ගේ රට පමණක් නොව අවශ්‍ය නම තමන්ගේ බිරිඳ,දරුවන් හෝ ඔනෑම අයෙකුට උගස් තැබිමට දෙවරක් නොසිතන නමුත් මහා දේශප්‍රේමින් ලෙස පොර ටොක්ස් දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යැයි කියන නමුත් තුන් හතර දෙනෙකුට වඩා නැති සංවිධානයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මාධ්‍ය නිදහසට පස්ස පෙන්වා යහපාලන සැප විදින්නට ගොස් තිබේ.

රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය තර්ජනය සාධාරණීකරණය කරමින් පසුගිය දින 100 රනිල්ට ආතල් දුන් සුනිල් ජයසේකරට ජහපාලක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ වරයා ලෙස පත්විමක් ලබාදි තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන යමින් පසුගිය සමයේ සුරසැප විදි සුනිල්ට මෙම තනතුර ලබාදිමට බලපෑම් කර ඇත්තේද ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top