Anonymous Reporter

රනිල්ගේ මඩ බලකායේ ප්‍රධානින් 5ක් දේශපාලන රැකවරණය ඉල්ලලා

එක්සත් ජාතික පක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක මුදල් මත යැපෙමින් මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර විවිධ අභූත චොදනා සහ මඩ ගැසිම් කර 5 දෙනෙකු රටින් පිටව යැමට දේශපාලන රැකවරණය ඉල්ලා ස්විස්ටර්ලන්ත තානාපති කාර්‍යාලයෙන් ඉල්ලිමක් කර තිබේන බව තානාපති කාර්‍යාල නියෝජනය කරන  LNW  ඔත්තුකරුවන් අනාවරණය කර සිටි.

මෙම මඩකරියන් 5 දෙනා සිය ඉල්ලිම සමග අග්‍රාමාත්‍ය කාර්‍යාල ප්‍රධානී සාගල රත්නායකගේ අත්සන සහ නිල මුද්‍රාව  සහිතව අමාත්‍යංශ ලිපි ශිර්ෂය හරහා ලිපියක්ද යොමුකර තිබේ.පසුගිය ජනාධිපතිවරණ කාලසිමාවේද මෙම මඩ කණ්ඩායම ක්‍රියාකාරිව කටයුතු කල අතර මැතිවරණයට ආසන්න දිනකදි සිංගප්පුරුව බලාගොස් සිට නැවත රනිල් අගමැති වෙමින් පසුව දියිනට පැමිණ තිබේ.

නමුත් මේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබන අන්ත පරාජය හමුවේ යලිත් මේ දිවයිනේ වාසය කිරිමට තරම් ආත්ම විශ්වාසයක් නොමැති මෙම මඩකරියන් මේ ආකරයට දේශපාලන රැකවරණය ඉල්ලා තිබේ.

මේ අතර වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ලා ලෙස තමන් විසින්ම හදුන්වාදෙමින් අනුන්ගේ නිවුස් වලට ජාතකය කියන වෙබ් මාධ්‍යවේදීන් යැයි කියාගත් තිදෙනෙකු මහින්ද රාජපක්ෂ මහතා හමුවිම සදහා වෙලාවක් ඉල්ලා තිබේ.මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පුද්ගලයෙකු හරහා මෙම ඉල්ලිම කර ඇති අතර එම ඉල්ලිම මහින්දට දැනුම් දුන් අවස්ථාවෙ මහින්ද රාජපක්ෂ් පවසා ඇත්තේ 17 වැනිදායින් පසුව තමන් හමුවිමට අවස්ථාව උදාවනු ඇති බවයි.

Top