Featured

යහපාලන වට්ටි අම්මාගෙන් කණේ පාර කෑ කොලුවා අලුත් වැඩක

මහ මැතිවරණය පැවැත්වෙන දිනයේදී ගම්පහ සන්ධාන පාක්ෂිකයන් ඡන්ද පොළට යාම වැළක්වීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කිරිමට එජාප කුමන්ත්‍රණකාරීන් සුදානමින් සිටින වට තොරතුරු ඇති බව  බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග අනාවරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ සියලූම මැතිවරණ බල ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමේ උත්සාහයක් ඇති බවයි.

ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ හිටපු නායිකාවක් මෙවර මහ මැතිවරණයේදී තමන්ගේ ඡන්දය එක්සත් ජාතික පක්‍ෂයට ලබා දෙන ලෙස සන්ධාන පාක්ෂිකයන්ට බලපෑම් කරන බවත්, එලෙස එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ලබා දීමට නොහැකි නම් ඡන්ද පොළට නොගිහින් සිටින ලෙස පාක්ෂිකයන්ට තර්ජනය කරන කරන බවටත් තොරතුරු ලැබී ඇතැයි රණතුංග මහතා කියයි. අත්තනගල්ල මැතිවරණ බල ප‍්‍රදේශයේ මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ඇතැයි ද රණතුංග මහතා කියයි.

එළැබෙන 17 වනදා ගම්පහ දිස්ති‍්‍රක්කයේ සන්ධානය අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබන බව තහවුරු වීමත් සමග වියරු වැටී ඇති මෙම නායිකාව සහ මෑතකදී එක්සත් ජාතික පක්‍ෂට එක්වූ අපේක්ෂකයෙකු මෙම ඉල්ලීම සිදු කරන බවත්, අත්තනගල්ල ආසනයේ ඡන්ද අඩු කිරීම සදහා මෙලෙස බලපෑම් කරන බවත් රණතුංග මහතාගේ අදහසයි. ලැබෙන නියත පරාජය හමුවේ ඔවුන් වියරු වැටී ඇති බැවින් ඉදිරියේදී මීට වඩා වෙනත් උපක‍්‍රම ඔවුන් විසින් කි‍්‍රයාත්මක කිරීමට ඉඩ ඇති බවත් ඔවුන්ගේ එකම අපේක්‍ෂාව වන්නේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ නියත ජයග‍්‍රහණය කිසියම් පසුබෑමකට ලක් කිරීමට බවත් රණතුංග මහතාගේ අදහසයි.

එළැබෙන මහ මැතිවරණයේදී ගම්පහ දිස්ති‍්‍රක්කයේ සමස්ත ප‍්‍රතිඵලය රටේ සමස්ත දිස්ති‍්‍රක්ක ප‍්‍රතිඵලයට ඉතා තීරණාත්මකය. එය මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට සෘජුව බලපාන කරුණකි.

මොවුන් මෙලෙස බලපෑම් කරන්නේ ඒ බව හොදින් වටහා ගෙන ඇති නිසා බව පැහැදිලිය. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂ උගුලේ වැට්ටවීම ඔවුන්ගේ උත්සාහයකි. එය පිළිකුල් සහගතය. එවැන්නකට කිසිසේත් ඉඩ දිය නොහැක. එබැවින් මෙවැනි පටු බොළද දේශපාලන උපක‍්‍රම වලට හසු නොවන ලෙස ගම්පහ එක්සත් ජනතා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් බලපෑම් වලට හසු නොවී 17 වනදා බුලත් කොළය ඉදිරියෙන් ඡන්දය ලකුණු කිරීම සදහා උදෑසනම ඡන්දපොළට යන ලෙසත් බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී.

මෙකත් කියවලා යන්න –අනියම් පෙම බිඳවැටුන නිසා -අර්ජුනගේ කණ රත්වෙන්න ගහලා චන්ද්‍රිකා රටින් යයි

Top