Featured

වල් අලියාගේ අලි ටොම් පචය

මහා මැතිවරණයේ තීරණාත්මකම සාධකය බවට රටෙ එකීය භාවය පෙරමුණ ගෙන ඇති බැවින් රටේ ඒකිය භාවය දිවි හිමියෙන් රකින බවට එකම සහතිකය දි තිබේන සහ ඉතිහාසය පුරාවටම එය ඔප්පුකර පෙන්වු මහින්ද රාජපක්ෂ මහතා වටා නතරකල නොහැකි බලයක් ගොඩනැගි ඇති බැවින් එය මේ මැතිවරණයේ එජාපයට අන්ත පරාජයක් අත්කර දිම නතර කිරිමට නොහැකි හෙයින් යම් තරමක හෝ ජාම බේරාගැනිම සදහා ඒකීය භාවයෙන් මිදුනු වෙනත් ක්‍රමයක් සම්බන්ධයෙන් කටයුතු නොකරන බවට ජනතාව ඇන්දිම සදහා අවසාන සති දෙක තුල එජාපය ප්‍රමුඛ යහපාලන ටොයියන් සුදානම් වන බව අප  LNW  ඔත්තුකරුවන් අනාවරණය කළා.

[box type=”warning” ]Major parties reject TNA’s demand for federalism Major political parties in Sri Lanka have flatly rejected the Tamil National Alliance (TNA)’s demand for federalism.The Sri Lanka Freedom Party (SLFP)-led United People’s Freedom Alliance (UPFA); United National Party (UNP)-led United National Front for Good Governance and the Janatha Vimukthi Perumana (JVP) have, in unison, said the demand, if accepted, would lead to division of the country. [/box]

යනුවෙන් අද සිංහල ඉංග්‍රීසි ජාතික මෙන්ම ජාත්‍යන්තර පුවත් පත්වල මෙම පුවත් පලකිරිම හරහා එක්සත් ජාතික පක්ෂය හොරාගේ අම්මාගෙන් පේණ අසා තිබේ. මන්ද රටේ ඒකිය භාවය දිවිහිමියෙන් සුරකින බවට ජනතාව හමුවේ විවෘත පොරොන්දුවක් ලබාදි ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් වන අතර ජනතා විමුක්ති පෙරමුණ වැනි වර්තමානයේ ජාතියක් ජම්මයක් නැති පක්ෂයක් ඒ වැනි ප්‍රකාශයක් කලද එය ගානකට ගතයුතු නැත.

නමුත් ඇත්තටම සිදුව ඇති දේ අනාවරණය කරන්නට අපි කල්මරමින් සිටියේ එජාපය නටන්නට යන නාඩගම කුමක්ද යන්න හරියටම හදුනා ගැනිම සදහාය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන් ෆෙඩරල් ක්‍රමය නොව ඉන් එහාට ගොස් ඔනෑම බලය බෙදිමකට රනිල් වික්‍රමසිංහ මෙන්ම ඔහු සමග යහපාලන මල් වට්ටියට අතගැසු චන්ද්‍රිකා,රාජිත,පාඪළී,අනුර මෙන්ම ආණ්ඩුවක ඔනෑම ඇමතිකමක් වෙනුවෙන් එකතුවන මන්ත්‍රිවරුන් සුදානම් බව අමතුවෙන් කිව යුතු නැත.

එසේනම් මේ නාඩගම රටේ ජනතාව නිවැරදිව දැනගත යුතුය මේ මැතිවරණයේ තීරණාත්මක සාධකය  වන ඒකීය භාවය රකින් බවට තමන්ද බොරුවට ජනතාව හමුවේ ප්‍රකාශයන් නිකුත් කරන බවත් එම ප්‍රකාශයන් ගණනකට නොගෙන සිටින ලෙස මේ බෙදුම්වාදීන් එකඟතාවයක් ඇති කර ගෙන තිබේ. ඒ අනුව අවසාන දින කිහිපය තුල ජනතාව ගොනාට අන්දවා රට බිල්ලට දිම මෙම හිවල් යහපාලනයේ කපටිකම බව අප..ඔබ සැම මතක තබාගත යුතුය.

 

Top