Anonymous Reporter

නාගදිපේ හාමුදුරුවෝ රනිල්ගේ රෙදි ගලවයි….. උතුරේ මොනවාද වෙන්නේ(Video)

උතුරු පළාත තුල රාජපක්ෂ මහතා දිනාදුන් නිදහස සාමය අද වන විට බිද වැටෙමින් පවතින බවත් යාපනයට පැමිණෙන වන්දනා නඩවලටද පහර දෙන තත්ත්වයක් උදා වී ඇති බවත් ආරක්ෂාව බරපතල ලෙස බිද වැටෙමින් පවතින බවත් මෙන්ම යාපනයේ සිංහල ව්‍යාපාරිකයන් විවිධ තර්ජනවලට මුහුණ පෑමට සිදුව ඇති බවත් යාපනය නාග විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියෝ පවසති.

තිස් වසරක් පුර කුරිරු ත‍්‍රස්තවාදයේ අත්දැකීම්වලට තමන් තරම් මුහුණ දුන් වෙනත් භික්ෂූන් වහන්සේ නමක් යාපනයේ නැති බවද කී එ හිමියෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොමැති වෙන්නට සියලූ දෙනා තවමත් එල්.ටී.ටී.ඊ යේ ගොදුරු බවද පැවැසූහ.

මේ දිනවද නොයෙක් නායකයන් උතුරට පැමිණ උතුරේ දෙමළ නායකයන් සමග සාකච්ඡ කරන බවත් පැවසූ උන් වහන්සේ මේ තත්වය මත රටේ අනාගතය අදුරකට ඇද වැටෙමින් තිබෙන බවත් පැවසූහ.

 නාගදිපේ හාමුදුරුවෝ රනිල්ගේ රෙදි ගලවයි…..( must watch )යාපනය හා උතුරු පෙදෙස මේ වන විට ඇති වී ඇති තත්වය උන්වහන්සේ පැහැදිලි කරයි.

Posted by සියපත on Monday, August 3, 2015

Top