Featured

“රනිල්” කොළඹත් පරාදයි-රවී කපාගෙන සේමසිංහ 2 තැනට-ෆෙරෝසා දොට්ට

කොළඹ ජයග්‍රහණය කිරිමට එක්සත් ජාතික පක්ෂය තබා තිබු බලාපොරොත්තුවද ඊයේ වනවිට බිඳවැටීමට ලක්ව තිබේන බව ඊයේ රාත්‍රී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රධානින් සහ එජාප නායකත්වය අතර පැවති හමුවේදි අනාවරණය කර තිබේ.දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රතිපල පිළිබඳව ඊයේ රාත්‍රීයේ කල අනාවරණයන්ට අනුව පසුගියදා කොටහෙන ප්‍රදේශයේ ඇතිවු රවී කරුණානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ පාතාල ගැටුම සහ කොළඹ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන මධ්‍යම ප්‍රාන්තික බහුතරයක් මහා බැංකු කොල්ලය සම්බන්ධයෙන් කතාකරන බවද මෙම හමුවේදි අනාවරණය කර තිබේ.මීට අමතරව  සන්ධාන කොළඹ අපේක්ෂක කණ්ඩායම ඉතා ඉහල ජනතා ප්‍රාසාදයක් දිනාගැනිමද මේ තත්වයට මුලිකව හේතුවි ඇති බව ඔහුන් අනාවරණය කර තිබේ.

මෙම සාකච්ඡාව අතරතුර රවී කරුණානායක සම්බන්ධයෙන් විරෝධතා රැසක් මතුවුවද රනිල් වික්‍රමසිංහ එවාට පිලිතුරු නොදෙමින් මගහැර සිටි තිබේ.

ඒ අනුව සියයට 50ක ජයග්‍රහණයක් සහිත තිබුණු දිස්ත්‍රික්ක අතුරින් කොළඹ දිස්ත්‍රික්කය පරාජය විම නියත බවද  මැතිවරණ ප්‍රධානින් පෙන්වා දි ඇති අතර කොළඹ එජාප මනාප ලැයිස්තු වලද විශාල වෙනසක් සිදුවන බවද ඔහුන් පෙන්වා දි තිබේ.

[box type=”success” ]2010 මහා මැතිවරණයේදි කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය නතුවු අතර ඡන්ද 480,896 ලබාගත් අතර ප්‍රතිශතය 51.19%ක් වන අතර ආසන 10ක් හිමිකර ගත්තා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 339,750 ලබාගත් අතර ප්‍රතිශතය 36.17%ක් වන අතර ආසන 7ක් හිමිකර ගත්තා. සරත් ෆොන්සේකා සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණ තරග කල අතර එහිදි ඡන්ද 110,683 ලබාගත් අතර ප්‍රතිශතය 11.78%ක් වන අතර ආසන 2ක් හිමිකර ගත්තා. නමුත් මෙවර සරත් ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙනම තරග වැදි සිටි.[/box]

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවන තැනට සුජිව සේමසිංහ මනාප ලබා ගනිමින් පැමිණිය හැකි බවත් පසුගියදා අවදානම් කළාපයේ රදවා සිටි සන්නස්ගල ෆෙරෝසා මුසම්මිල් ඉවතට දමමින් ඉදිරියට පැමිණිය හැකි බවද අනාවරණය වි තිබේ.

ජුලි 30 වැනිදා වාර්තාව –එජාප පරාජය තහවුරු වේ-පාඨලී,සන්නස්ගල අවදානම් කළාපයට

Top