Featured

මෛත්‍රී-චන්ද්‍රිකා ඇතුලු හොර නඩය කුමන්ත්‍රණයක

ලබන 18 වැනිදාට එලිවෙනකොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකත්වය මෛත්‍රී-චන්ද්‍රිකා හොර නඩයට අහිමිවන බව දන්න බැවින් මේ අවසාන සති දෙක තුල විවිධ කුමන්ත්‍රණ දියත් කිරිමට  මෛත්‍රී-චන්ද්‍රිකා ඇතුලු බත් බැලයන් කටයුතු කරනු ඇති බව ශ්‍රිලනීප මධ්‍යම කාරක සභිකයෙකු මෙන්ම මෙම මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු අප සම්ග ස්කයිප් ඔස්සේ එකතු වෙමින් කියා සිටියා.

මහා මැතිවරණ කාලසිමාව පුරාවටම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිමට තියා රනිල් වැනි පරාජිතයෙකුට…බෙදුම්වාදීයෙකුට උදවු නොකර සිටිමට මෛත්‍රී-චන්ද්‍රිකා අසමත් වුවා පමණක් නොව මේ වනවිට ජාත්‍යන්තර මුදල් හා විවිධ වරප්‍රසාදයන්ට යටවි රට පාවාදිම සදහා කටයුතු කරමින් සිටින බවද ඔහු සදහන් කළා.

දිනෙන් දින පරාජයේ සිමාවේ උපරිමයට තල්ලුවෙමින් සිටින බෙදුම්වාදී හොර නඩය අවසාන් මොහොත දක්වා පක්ෂය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටිමට තරම් පහත් නින්දිත ක්‍රියාමාර්ග තොරමින් සිටින බවත් අවස්ථා ගණනාවකදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලූවද බලයට ඇති කැදරකමට සහ රනිල් ඇතුලු බෙදුම්වාදීන්ට ඇති භිය හේතුවෙන් එය කැදවිමට ජනාධිපතිවරයා දෙපැත්තට වැනෙන බවයි.

මේ අතර යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දැරූ ශ‍්‍රීලනිප සියළු සාමාජිකයන් සිය ධුරවලින් ඉල්ලා අස් වීමට අද  තීරණය කළා.මේ සම්බන්ධයෙන් තීරණක් ගැනීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කලද ඔහු එම ඉල්ලිමද නොසලකා හරිමින් කටයුතු කර තිබේ.

බල උමතූවෙන්, සාවද්‍ය මිථ්‍යාවන් වපුරමින්, සමාජය ත්‍රස්ත කරන විසකූරු බලවේග පරාජය කිරීම රටේ අනාගතය වෙනුවෙන් අවශය  බව තමා විශ්වාස කරන්නේ යයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හෙවත් යහපාලන වට්ටි අම්මා  නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.ඇය කියන් පරිදි නම් සැබෑවටම යහපාලන ආණ්ඩුව ජුන්ටාව පරාද කල යුතුය.මන්ද බල උමතූවෙන්, සාවද්‍ය මිථ්‍යාවන් වපුරමින්, සමාජය ත්‍රස්ත කරන විසකූරු බලවේග පරාජය කිරීම රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍යම නිසාය.

 

Top