Featured

අලී කණ් කඩා වැටේ…එජාප අපේක්ෂකයන් “මහින්දගේ” සහයට

අමුතු ජාතියේ කොල්ලන්ට ලොකු හැදිවලින් බෙදා අනිත් අයට කං හැන්දේන් බෙදන රනිල්ගේ ප්‍රතිපත්තිය ගැන උරණව සිටින මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් රැසක්ම ඉදිරි දින 2ක තුල මහින්ද රාජපක්ෂ මහතාට සහයදිම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකතු විමට නියමිතයි.

කුරුණෑගල දිස්ත්‍රික් පළාත් සභා,ප්‍රාදේශිය සභා,නගර සභා එජාපය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 50ක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවි සාකච්ඡා කර තිබේන බව අප විශේෂ වාර්තාකරු ජුලි 14 වැනිදා අනාවරණය කළා.

එම පුවත මෙතනින් බලන්න – කුරුණෑගල එජාප ජනතා නියෝජිතයෝ 50ක් මහින්ද හමුවේ-අපේක්ෂකයන් දෙදෙනෙකු රනිල් අත්හරී!

මිට අමතරව මැතිවරණයෙන් ජයගෙන මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්විමට තින්දු කල කිහිප දෙනෙකුම සිටින බවද අප වාර්තාකරු අනාවරණය කළා.විශේෂයෙන්ම ප්‍රචාරක කටයුතු අවසන් විමත් සමග එජාපය අතහැර මහින්දට සහය දැක්විමට එන කණ්ඩායක් එකතු කිරිමටද මේ වනවිට කටයුතු යොදා තිබේ.

Top