Breaking
20 Apr 2025, Sun

අෂ්රොප් ඝාතනය පසුපස චන්ද්‍රිකා-විමර්ශන වාර්තාවට මොනවාද වුනේ

මීට වසර ගණනාවකට පෙර මහත් ආන්දෝලනයක්‌ ඇති කරමින් හෙළිකොප්ටර් අනතුරකින් මියගිය අෂ්රොප් මහතාගේ මිය යැම සම්බන්ධයෙන් එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොමිසමක්‌ අභියාචනා විනිසුරු වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ බවත් එහි පරීක්‍ෂණ සඳහා තමාද මැදිහත් වී මාස හයක විමර්ශන වාර්තාව ජනාධිපතිනියට බාර දුන්නත් එම වාර්තාව අද වන තෙක්‌ රටට හෙළි  නොකලේ ඝාතනය පසුපස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිටින නිසා බව  මුස්‌ලිම් හඬ සංවිධානයේ සභාපති නීතිඥ එන්. එම්. සහීර් මහතා පවසනවා.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මාස හයක්‌ යනතෙක්‌ කථා නොකළ  පොලිසිය මහ මැතිවරණයට සතියක්‌ තියා එම සිරුර ගොඩගත්තේ බංකොළොත් දේශපාලන පක්‍ෂ පිනවීමටදැයි සැකයක්‌ මතුවන බවද හිටපු ජනාධිපතිනිය එම වාර්තාව හංගා ගැනීම මගින් අෂ්රොප් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක්‌ රටට හෙළිකිරීම වෙනුවට අෂ්රොප් මහතාගේ බිරිඳට වන්දි මුදලක්‌ පමණක්‌ ලබාදීමට කටයුතු කළ බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.

රගර් ක්‍රීඩක ඝාතනයට ලක්‌ව තාජුඩීන් මහතා සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක්‌ ඇතිවී තිබෙන බවත්, ඉන් තාජුඩීන් මහතාගේ පවුලට මහත් අසාධාරණයක්‌ සිදුවී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (10 වැනිදා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

තාජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් උද්ඝෝෂණ කර රටපුරා පෝස්‌ටර් අලවා බංකොළොත් දේශපාලන පක්‍ෂ දේශපාලන වාසි ගැනීම හෙළා දකින බව ද ඔහු කීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් බලධාරීන් කළ යුත්තේ ඝාතනයට ලක්‌ව තාජුඩීන්ගේ ඡායාරූප රට පුරා ප්‍රදර්ශනය කිරීම නොව ඝාතකයන් අල්ලාගෙන ඔවුන්ගේ ඡායාරූප රටපුරා ප්‍රදර්ශනය කිරීම යෑයි ද හෙතෙම පැවැසීය.

මේ වනවිට එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වී සිටින මුස්‌ලිම් ජාතියට එරෙහිව කටයුතු කළ පිරිස්‌වලට එරෙහිව මුස්‌ලිම් ජනතාව කටයුතු කරන බව දන්නා පිරිස්‌ මුස්‌ලිම් ජනතාව දිනාගැනීම සඳහා තාජුඩීන්ගේ සිරුර හරහා බලයට ඒමට උත්සාහ දරන බවත් ඒ බව මුස්‌ලිම් ජනතාව අවධියෙන් සිට කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති නිසා අවබෝධයෙන් කටයුතු කරන ලෙසද ඔහු මුස්‌ලිම් ජාතියෙන් ඉල්ලා සිටියේය.

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මළ සිරුර ගොඩගැනීම මුල් කරගෙන බංකොලොත් දේශපාලන පක්‍ෂ බලයට ඒමේ උත්සාහය තරයේ හෙළා දකින බව මුස්‌ලිම් හඬ සංවිධානයේ සම්බන්ධීකාරක ආචාර්ය රොෂාන් හෂීම් මහතා ප්‍රකාශ කළේය. වසීම් තාජුඩීන් තරුණයා දේශපාලනඥයකු නොවන බවත් රගර් ක්‍රීඩකයකුවූ ඔහුගේ …මරණය සම්බන්ධයෙන් අධිකරණයෙන් තීරණයක්‌ දෙන තෙක්‌ මෙය දේශපාලන අවියක්‌ කර නොගන්නා ලෙසත් හෂීම් මහතා ඉල්ලා සිටියේය.

 

වසීම් තාජුඩීන් තරුණයාගේ මරණය පිළිබඳව පරීක්‍ෂණ මේ වන විටත් සිදුකෙරෙති. අපි මේකට බාධා කරන්නේ නෑ. අධිකරණය අපිට සාධාරණයක්‌ ඉටු කරාවි කියල අපි විශ්වාස කරනවා. නමුත් බංකොලොත් දේශපාලන පක්‍ෂ මේ වන විට තාජුඩීන්ගේ මරණය විකුණමින් බලයට එන්න හදනවා. මෙය ඒ පවුලට විශාල කරදරයක්‌.

මේ වන විට මැතිවරණ සිද්ධීන් හේතුවෙන් මුස්‌ලිම් සහෝදරයින් හතර දෙනෙක්‌ මිය ගොස්‌ සිටිනවා. ඒ ගැන මුස්‌ලිම් නායකයෝ හෝ වෙන කව්රුත් කතා කරන්නේ නෑ. අපි තවත් නිහඬව සිටියොත් බංකොලොත් දේශපාලකයෝ අපේ ජාතිය ඔවුන්ගේ ඉත්තන් කර ගනීවි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.