Breaking
20 Apr 2025, Sun

නැගෙනහිර වෙරළබඩ පරිපාලන එකකයක්-රිෂාඩ් බදියුදීන්

නැගෙනහිර පළාත සඳහා අලුතින් වෙරළබඩ පරිපාලන ඒකකයක්‌ පිහිටුවිය යුතුබවත් ඒ වෙනුවෙන් තමා මෙවර මැතිවරණයෙන් බලයට පත්වන නව රජයට සහ නව අගමැතිවරයාට බලපෑම් කරන බවත් සමස්‌ත ලංකා මහජන කොංග්‍රස්‌ නායක හා කර්මාන්ත සහ වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

නැගෙනහිර වෙරළබඩ පරිපාලන ඒකකයක්‌ අලුතින් ආරම්භ කිරීමෙන් නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාවට විශාල සහනයක්‌ ලැබෙන බවත් ඔවුන්ගේ අපේක්‍ෂාවන්ට තම පක්‍ෂය නිරතුරුවම ගරුකරන බවත් ඒ මහතා පැවසුවේ සම්මන්තුරේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායකයාව සිටි අභාවප්‍රාප්ත ඒ. එච්. එම්. අෂ්රෝෆ් මහතාද මීට පෙර නැගෙනහිර පළාතේ දෙමළ කතාකරන ජනතාව සඳහා වෙනම පරිපාලන කලාපයක්‌ ඉල්ලා තිබුණා. එහෙත් මුස්‌ලිම් කොංග්‍රසයේ වර්තමාන නායකයන් එම ඉල්ලීම යටපත් කරමින් මුස්‌ලිම් ජනතාව රවටනවා යෑයි ද රීෂාඩ් බදියුදීන් මහතා මෙහිදී සඳහන් කළේය.

නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට තමන්ගේ අවශ්‍යතා සඳහා බොහෝදුරක්‌ ගෙවා දැන් අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය වෙත යැමට සිදුවී ඇති බවත් ඔවුන්ගේ කටයුතු පහසුකර ගැනීම සඳහා නැගෙනහිර වෙනම පරිපාලන ඒකකයක්‌ පිහිටුවීම අත්‍යවශ්‍ය බවත් පැවැසූ ඒ මහතා මේ ගැන තමා ඉදිරියේදී බලයට පත්වන ආණ්‌ඩුවට සහ ඇමැතිවරයාට දිගින් දිගටම බලපෑම් කිරීමට බලාපොරොත්තු වන බවත් කීය.

මෙවර මැතිවරණය සඳහා තම පක්‍ෂය අපේක්‍ෂකයන් 10 දෙනකු එක්‌සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරිපත් කොට ඇති අතර අම්පාර දිස්‌ත්‍රික්‌කයට තනිවම තරග කරන බවද බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ සමස්‌ත ලංකා මහජන කොංග්‍රස්‌ අපේක්‍ෂක එස්‌. එම්. එම්. ඉස්‌මයිල් මහතාද මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි විය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.