Featured

එජාප මන්ත්‍රිවරුන් තිස්ස සරණ යයි…

එක්සත් ජාතික පක්ෂය ලබන නියත පරාජය හමුවේ 18 වැනිදා පිහිටුවන මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමග සම්බන්ධ විමට කැමැත්ත පලකරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් 7 දෙනෙකු අද තිස්ස අත්තනායක මහතාගේ දුරකතනය හරහා මහින්ද රාජපක්ෂ මහතාට අමතා තිබේ.

අද දහවල් මහින්ද රාජපක්ෂ මහතා තිස්ස අත්තනායක මහතා හමුවු අවස්ථාවේ සහ සවස කුරුණෑගල රැළිය අතරතුරදිද මෙම දුරකථන ඇමතුම් වලට මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිතුරු ලබාදි ඇති අතර අදාළ සම්බන්ධිකරණ කටයුතු තිස්ස අත්තනායක හරහා සිදුකරන ලෙසද අදාළ මන්ත්‍රිවරුන්ට මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ  මෙම කතාකල මන්ත්‍රීවරුන් අතර බස්නාහිර පළාත නියෝජනය කරන මන්ත්‍රිවරුන් 2 දෙදෙනෙක්,මධ්‍යම පළාත  නියෝජනය කරන මන්ත්‍රීවරුන්  3 සහ වයඹ නියෝජනය කරන මන්ත්‍රිවරුන්2 නෙකු සිටින බවයි.

[box type=”warning” ]මහ මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල අපේක්ෂකයන් 12දෙනෙකු කැමැත්ත පළකර ඇතැයි සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එසේ කැමැත්ත පළ කර ඇති කණ්ඩායමට සිංහල අපේක්ෂකයන් 08දෙනෙකු සහ සිංහල නොවන අපේක්ෂකයන් 04 දෙනෙකු වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.[/box]

එජාපයේ ප්‍රබලයන් 12 මහින්දගේ සහයට-අලියා කපෝති

Top