Anonymous Reporter

සිංහ කොඩියේ සිංහයා රණ බිම දෙවනත් කරමින් ඉදිරියට ඇදෙයි

හෙල ඉතිහාසයේ වීරවංශය.

2500 වසරක එදා මෙදාතුර ලක් ඉතිහාසයේ රට එක්සේසත් කිරීමට සමත් වූයේ පාලකයන් 9 දෙනෙකු පමනි.ලක්බිම අවසන් වරට එක්සේසත් කළේ 1448 දී හයවැනි පරාක‍්‍රමබාහු විසිනි. ඉනින් මතු තුන් හෙලය යලි එක්සේසත් කලේ රෝහනයෙන් පැමිනි මහින්දය.කරුනු එසේ වූ කල්හි මහින්ද රාජපක්ෂ චරිතය පෑහෙනුයේ ජේ.ආර්,පෙ‍්‍ර්මදාස, චන්ද්‍රිකා, සිරිසේන වැනි බොල් පිලිම සමඟ නොව පණ්ඩුකාභය, ගැමුණු, වලගම්බා, විජයබාහු, පරාක‍්‍රමබාහු වැනි යුග පුරුෂයන් සමගය.යුද්ධය කලේ මහින්ද නොව සොල්දාදුවන්යයි යමෙක් කී නම් රුවන්වැලිසෑය තැනුවේ දු‍ටුගැමුනු නොව මේසන් බාස්ලා යයි මහාවංශයේ ලියවිය යුතුය.

අපේ යුගයේ සිහිනය සෑබෑකල මිනිසා.

වසර 2005 මහින්ද රට බාර ගන්නා විට ලක් වැසියන් යුද්ධයෙන් හෙම්බත්ව සිටියහ. ඒකීය ශ්‍රිලංකාවක් පිලිබද බලාපොරොත්තු මියදෙමින් තිබුනි. ප්‍රභාකරන් යුද්ධයෙන් පරාජය කල නොහැකියයි මතයක් ගොඩනැගී තිබුනි.ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාවේ අධීක්ෂනය නොමැතිව කිසිවක් කල නොහැකි යයි සිතූහ. දැවෙන ජාතික ගැටලුවට එකම විසදුම සාකච්ඡා වටමේසයක යැයි කීහ. රාජ්‍ය විචාලීමට ජනතාව පත් කරන පාලකයන් ත්‍රස්තවාදීන් ඉදිරියේ දන නමන නිව‍ටුන් බවට පත් වී තිබුනි. නමුත් ඇලේ දොලේ සල්ලං වූ මැදමුලන මහින්දට වැල්වැටිතුරේ ප්‍රභාකරන් කෙරුමෙක් නොවීය. මාවිල් ආරුවේ ජලය මුදාහරිමින් පටන් ගත් මිලිටරි ව්‍යාපෘතිය නන්දිකඩාල් කලපුවෙන් විජයග්‍රාහීව අවසන් කලේය. මහින්ද, ඔබ අපේ යුගයේ සිහිනය සෑබෑ කලේය.

පලමුවද දෙවනුවද තෙවනුවද මව්බිම

ඊලාම් ව්‍යාපෘතියේ ආරම්භය චෙල්වනායගම්, අමිර්තලිංගම් හෝ ප්‍රභාකරන් නොව ඉතිහාසය පුරා දිව එන චෝල, පාන්ඩ්‍ය, වඩුග බල ආක්‍රමන හා සමපාත විෂ බීජයකි. තුන්වන ලෝකයේ සම්පත් කොල්ලය වෙනුවෙන් බිහිවූ සුද්දගේ නව යටත් විජිත ප්‍රතිපත්තිය බෙදුම්වාදයට අත්වැලකි. ප්‍රභාකරන් මියදුනද දෙමලාගේ ඊලාම් පිපාසය අහවර නොවන්නේය. බටහිරයන්ගේ රටබෙදීමේ මාර්ග සිතියම අකුලාගන්නේ නැත. නමුත්, පලමුවද දෙවනුවද තෙවනුවද මව්බිමට කැප මහින්ද සමග රට බෙදීම සිහිනයකි.මහින්දට හොරා යයි ලේබල් කොට ඉතිහාසයෙන් නෙරපීම ඉන්දියාව සහ ඇමෙරිකාව ප්‍රමුඛ පරයන්ගේ සැලසුම විය.අරක්කුයි පරක්කුයි මැඩම්ගේ ”ඇගේ වෛරය” දායක වූයේ මෙකී කුමන්ත්‍රනයටය.

තුන් සිංහලය අවදියෙන්

ඉතිහාසය පුරාවට රෝහනයෙන් බිහිවු නායකයන් සේනා සංවිධානය කොට ලක් මව එක්සේසත් කලෝය.පන්ඩුකාභය, ගැමුනු, විජයබාහු පැමිනියේ රෝහනයෙනි.එසේම ලේවැල්ල, බලන, රන්දෙනිවෙල, ගන්නෝරු රණබිම් ඉතිහාසයට එක් කලේ උඩ‍රැටියන්ය.උඩරට යටත් කරගැනීමට ලුණු සැපයුම නැවැත්වූ කල්හි, ඔවුන් ලුණු නැතිව බත් කෑ වා මිස යටත් නොවූහ. අසාවෙදෝ, කොන්ස්‌ටන්ටයින් ද සා, ඩියෝගෝ ද මැලෝ වැනි රණශූරයන්ගේ බෙලි කපා බන්දේසි වල තැබුයේ ඔවුන්ය . එකී තුන් සිංහලයම අද එකම හඩින් අවදිව ඇත. උන්ඩයට උන්ඩයෙන් , ඡන්දයට ඡන්දයෙන්, කුමන්ත්‍රනයට ප්‍රතිවිප්ලවයෙන් පිලිතුරු දීමට ඔවුන් පෙලගැසී ඇත.මක්නිසාදයත් 2015 ජනාධිපතිවරනය ප්‍රතිඵලය මහින්දගේ පරාජයක් නොව රටට එරෙහි කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් බව හෙලිවී හමාරය.

ප්‍රතිවිප්ලවය

ජනපතිවරනයේදී වූ මුලාව තේරුම් ගත් ජනයා ප්‍රතිවිප්ලවය මෙහෙයවීමට ස්ථාන ගතවී ඇත . මහින්ද වෙත දිගු වූ දෑත් සුපුරුදු ලෙන්ගතුකමින් ඔහු වැලදගත්තේය. කුමන්ත්‍රනකරුවන්ගේ බලකො‍ටු උඩු යටිකුරු කරමින් මහින්ද සුලග හමා ගියේය . ලබැදි ජනයාගේ මුහුනුවල වූ අපේක්ෂා මහින්දගේ හදවතේ ගැඹුරින්ම සටහන් වූයේය. ජනතා අපේක්ෂා මල් ඵල ගන්වන බවට ඔහු ශපත කලේය. සිදුවූ අතපසුවීම් සහ වැරදි හඳුනා හදුනා ගත්තේය.සමාව ගත යුතු තැනදී සමාව ගත්තේය.මව්බිම වෙනුවෙන් නැගී සිටීම වෙනුවෙන් ලැබෙන දඬුවමව අභිමානයක් බව කීය.රට ජාතිය වෙනුවෙන් කවර භූමිකාවක් වුවද උපරිම ශක්ති ප‍්‍රමාණයෙන් ඉටු කිරීමට පොරොන්දු වූයේය.

ජය සක් මැදින් ඉදිරියට ඇදෙන සේනාව

ගැමුනු, විජයබා රජ දවස පටන් මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් දේශප්‍රේමීන් හෙලූ රුහිරයට අප ණය ගැතිය. මාතෘභූමියේ උරුමය මතු පරපුරට රක්ෂා කලේ ඔවුන්ය. දේශය අනාරක්ෂිත නම් එහි පලමු වින්දිතයන් අන් කිසිවෙකු නොව අපේ ආදරනීය දුවා දරුවන්ය. දූ පුතුගේ හෙට දවසේ මුහුනුවල සිනහව සු‍රැකීමට නම් අද දවසේ අප ක්‍රියාත්මක විය යුතුව ඇත. මාතෘ භූමිය සු‍රැකීමේ යුතුකම අත් හල නොහැකි වගකීමකි. මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන් වෙනුවෙන් යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යා යුතුව ඇත . ජය සක් මැදින් ගල උඩ සටනට ඉදිරියට ඇදෙන දේශප්‍රේමී සේනාව හා ඔබ එක් විය යුතු නොවේද?

තුන් සිංහලයයේ අභිමානය උරගා බලන තීරනාත්මක හෝරාව තව සුලු මොහොතකින් එලඹෙනු ඇත. පරයන් ඉදිරියේ දනින් වැටෙන රාජ්‍යක නිව‍ටුන් ලෙස නොව සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් වැලදගත යුතු නිමේශය එලඹ ඇත. ජාතියේ දූ පුතුන්ගේ හෙට දවසේ සුභ සිහින සෑබෑ කල යුතු යුතු නොවේද ?

හෙලයන්ගේ දේශානුරාගය සුද්දන්ගේ ඩොලර් වලින් මිල කල නොහැක. සතුරු බලකො‍ටු බිමට සමතලා කරන හෙල සේනාව අධිරාජ්‍යවාදීන්ගේ රේඩාර් වලට හසු කල නොහැක.මාතෘ භූමියේ ප්‍රතාපවත් හඩ යලි ජාතිය අවදි කොට ඇත. සිංහ කොඩියේ සිංහයා රණ බිම දෙවනත් කරමින් ඉදිරියට ඇදෙයි..

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක.

Top