අවසන් ඉරිදා සවස ජනාධිපති සිරිසේන මහතා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ජනාධිපති මන්දිරයත් ජනාධිපති ලේකම් කාර්යාලයත් නොවන එක් ස්ථානයක් වෙත කැඳවා ඇත. එය හිටපු ජනාධිපතිවරයා විසින්ද එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි තීරනාත්මක යුධ මෙහෙයුම් සඳහා භාවිතා කළ ස්ථානයකි. රාජ්‍ය ආරක්ෂාවට ඍජුවම බලපාන බැවින් අපි එම ස්ථානය අනාවරණය නොකරමු. මෙම හමුවේදී තමන් ගේ හමුදා බුද්ධි අංශ වලින් කරණ ලද අවසන් මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ සමීක්ෂණ වාර්තා ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් ජනාධිපතිතුමන් වෙත ලබාදී ඇත. පොලිස්පතිවරයා විසින් මීට දින දෙකකට පෙර රාජ්‍ය බුද්ධි අංශය විසින් සකස්කරණ ලද අවසන් මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ වාර්තාව ජනාධිපතිතුමන් වෙත භාරදී තිබිණි.
මේ සියලු වාර්තා වලින් පැහැදිලිව පෙන්වා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 113ක් ඉක්මවා පැහැදිළි පාර්ලිමේන්තු බහුතරයක් ලබන බවය. රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවට අනුව එජනිසය ලබන ආසන සංඛ්‍යාව 117 කි. යුධ හමුදා බුද්ධි අංශ වාර්තාව අනුව එජනිසය ලබන ආසන සංඛ්‍යාව 119 කි. නාවික හමුදා බුද්ධි අංශ වාර්තාවට අනුව එජනිසය ආසන 118 ක් ලබන අතර ගුවන් හමුදා බුද්ධි අංශ වාර්තාවට අනුව එජනිසය ලබන ආසන ගණන 115 කි.
මේ අවසන් වාර්තාවන්හි නිගමනයන්ට එළඹීම සඳහා එක් එක් හමුදා බුද්ධි අංශ විසින් භාවිතා කළ නියැදීන් (samples), ඇගයුම් ක්‍රමවේදයන් (quantification methods) සහ දත්ත විශ්ලේෂණ න්‍යායයන් (theories for analyzing data) පිලිබඳ කෙටි නමුත් ඉතා පරිපූර්ණ විග්‍රහයක් ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරණ ලදුව එය ජනාධිපති සිරිසේන මහතාගේ මහත් ඇගයීමකට ලක්විය. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් මේ හා සමාන විග්‍රහයක් මීට දින දෙකකට පෙර රාජ්‍ය බුද්ධි අංශය විසින් සකස්කරණ ලද අවසන් මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ වාර්තාව ජනාධිපතිතුමන් වෙත භාරදෙන අවස්ථාවේදී කරතිබිනි. ජනාධිපති සිරිසේන මහතා මේ අවස්ථාවේදී පොලිස්පතිතුමා විසින් දින දෙකකට පෙර තමන් වෙත ගෙනහැර දැක්වූ විග්රහයද නැවත වරක් අගය කිරීමද ජනාධිපති සිරිසේන මහතාට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුමය.ඉතා සුහද වාතාවරණයක් යටතේ පැවති මේ සාකච්චාව අවසානයේදී පැවත්වුනේ උණු උණු හැලප, ඉදී පිපිරීමට හදන සුවඳ හමන කෝලිකුට්ටු සහ දුම් දමන කෝපි වලින් සමන්විත සංග්‍රහයකි.
ජනාධිපති සිරිසේන මහතාගේ කණිටු දියණිය වන, නමුත් බොහෝ අවස්ථාවන්හිදී ප්‍රසිද්ධියේ පෙනී නොසිටින තම මව මෙන්ම ඉතා නිරහංකාර තැනැත්තියක් වන ධරණී සිරිසේන මහත්මියගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ මෙම සංග්‍රහය සිදුවීම මෙහි විශේෂත්වයයි. මෙහි වූ තවත් විශේෂත්වයක් වූයේ ඉහත සාකච්චාවට සහභාගී නොවූ ආරක්ෂක ලේකම් ධම්මික බස්නායක මහතාද ජනාධිපති සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සහ හිටපු එජාප පළාත්සභා මන්ත්‍රී ලේකම් ශිරාල් ලක්තිලක මහතාද මේ සංග්‍රහයට සහභාගී වීමයි.
විහිලුවට මෙන් ශිරාල් ලක්තිලක මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා හමුවේ ප්‍රකාශ කර සිටියේ ත්‍රිවිධ හමුදාපතිවරුන් පත්කිරීම සහ ඉවත් කිරීම මෙන්ම අගමැතිවරයා පත්කිරීමද ඉවත් කිරීමද ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව සිදුකළ හැකි බවත් 19 වන ව්‍යවස්ථා සංශෝදනය නිසා පොලිස්පතිවරයා පමණක් එසේ පත් කළ නොහැකි බවත්ය.
මෙයට ප්‍රතිචාර ලෙස පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා වෙතින් ශිරාල් ලක්තිලක මහතා වෙත ලැබී ඇත්තේ අනපේක්ෂිත ප්රතිචාරයකි. පොලිස්පතිතුමන් විසින් ඉතා සාවඥ සහ දැඩි ස්වරයෙන් යුතුව ශිරාල් ලක්තිලක මහතා වෙත පවසා ඇත්තේ බහුතර ජනතා කැමැත්තට එරෙහිව ක්‍රියාත්මක කළහැකි පරම ආඥාදායක බලයක් කිසිදු පුද්ගලයෙක් වෙත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ සහ දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ගෙන් නොලැබෙන බවත් යම් හෙයකින් බහුතර ජනතා කැමැත්තට ඕනෑම පාලකයකු විසින් ගනු ලබන අත්තනෝමතික සහ අසාධාරණ තීරණයන්ට විරුද්ධව ජනතාව වීදි බසිමින් දැවැන්ත අරගලයක නිරතවනු ඇති බවත්ය.
ත්‍රිවිධ හමුදාපතිවරුන් ගේද පූර්ණ එකඟතාවය මැද සහ ඉලංගකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එවන් සාධාරණ සහ සාමකාමී අරගලයක් මර්ධනය කිරීමේ වුවමනාවක් හෝ හැකියාවක් තමන්ට නොමැති බවය. මෙය ත්‍රිවිධ හමුදාපතිවරුන් ද ඉහලින්ම අනුමත කර ඇති අතර ඉලංගකෝන් මහතා වෙත නැවත ශිරාල් ලක්තිලක මහතා වෙතින් පිළිතුරු ලැබීමද ජනාධිපති සිරිසේන මහතා විසින් වලකමින් ලක්තිලක මහතාව මෙම සාකච්චාවෙන් පිටමං කර ඇත.
තතුදත් ආරංචි මාර්ග පවසනුයේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා මේ සිද්ධිය පිළබඳව රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති අතර වික්‍රමසිංහ මහතාද දරනුයේ පොලිස්පතිවරයාගේ ස්ථාවරයට සමාන ස්ථාවරයක් බවයි.
මේ වනවිට ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ පොලිස්පතිවරයාගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි කර ඇති බවද ත්‍රිවිධ හමුදාපතිවරුන් ලඟට ඊළඟ බලතල හිමි යුධ, නාවික සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන්ද (chief of staff) පොලිස්පතිවරයා ලඟට ඊළඟ බලතල හිමි පරිපාලනය පිලිබඳ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද ඇතුලු ත්‍රිවිධ හමුදා සහ පොළිස් ජේෂ්ඨ නිලධාරීන්ටද ත්‍රිවිධ හමුදාපතිවරුන් හෝ පොලිස්පතිවරයා වෙත තම සේවා ගිණි අවිය සමග හමුවීමේ අවස්ථාව ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ පොලිස්පතිවරයාගේ හදිසි නියෝගයකින් අවලංගු කර ඇත.