Anonymous Reporter

මහින්දගේ නායකත්වයෙන් “මවුබිම සුරකින” ව්‍යාපාරයක්

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මවුබිම සුරැකිම සදහා නව දේශපාලන ව්‍යාපාරයක්  ආරම්භ කිරිම සදහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබේ.රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් නිසැකවම උතුරේ බෙදුම්වාදීන්ට ස්වයං පාලනයක් සහිත ෆෙඩරල් ක්‍රමයක් ලබාදිමට විරුද්ධව පාර්ලිමේන්තුව තුල ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරිම මෙහි ප්‍රධාන අරමුණ වි තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොයෙකුත් අභියෝග මධ්‍යයේ ලැබූ මෙම ප‍්‍රතිඵලය මම නිහතමානීව පිළිගන්නා බවත් මේ ලැබූ ජනවරමට අනුකූලව මම දේශපාලනයේ දිගටම නිරත වන බවත්, පාර්ලිමේන්තුවේ අසුන්ගෙන මා මෙතෙක් රට ජාතිය වෙනුවෙන් කළ සේවය දිගටම කරගෙන යන බවත් මේ අවස්ථාවේදී ප‍්‍රකාශකර සිටීමට කැමැත්තෙමි යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මේ අතර මෙම මැතිවරණයේදී අප සන්ධානයට ඡන්දය දුන් සියලූම ආදරණීය ඡන්ද දායකයින්ටත්, ඡන්ද ව්‍යාපාරයේ දිවා රෑ නොබලා වෙහෙසුණු අපේ පාක්‍ෂිකයන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකරන බවද මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනය මගින් දන්වා තිබේ.

 

Top