Political

හොරාගේ අම්මගෙන්,හොරාගේ යාළුවගේ යාලුවන්ගෙන් පේන අහන ආණ්ඩුවක්

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ සිද්ධියට අදාලව විමර්ශන වාර්තාව නිකුත් වි තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු පුරවැසියෙක්. ඔහුව ලංකාවට ගෙනැවිත් පැය 24ක් තුළ පුරවැසි භාවය දුන්නා. ඔහුට මහ බැංකුවේ අධිපතිකමත් දුන්නා. 2002 දී රනිල් ඔහුව BOI සභාපතිකමටත් පත්කලා. 

ඔහුගේ බෑනා මහා බැංකුවේ රහස් දැනසිටි බව පැහැදිලියි. බිලියන හතක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව දැන සිටියේ ඔහුට අයත් සමාගමක් පමණයි. ඒ කෙසේද? ඒ සමාගමට 12.7% ක අධික පොලියක් ගෙව්වේ කොහොමද? මේ සම්බන්ධව පරික්ෂා කරන්න තිබෙන බාධාව අර්ජුන මහේන්ද්‍රන්ගේ ගජමිතුරු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බව අපි කිව්ව බව පෙසප ප්‍රාධාන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටි.

මේ ගැන සොයන්න පත්කළ කමිටුව රනිල්ගේ මිතුරන්ගෙන් සමන්විතයි. මහ බැංකුවේ අදාළ මණ්ඩලවල මහ බැංකු අධිපති සිටියේ නැති නිසා මේ සිද්ධියට ඔහු වගකිවයුතු නැතැයි අදාළ කමිටුව කියනවා. ඒත් සැක කටයුතු යමක් සිදුවී ඇතිබව කියනවා. මෙහි සිදුවී ඇත්තේ තමන්ගේ යාලුවා බේරා ගැනීම වෙනුවෙන් තමන්ගේ යාළුවො තිදෙනෙක් පත්කර ගැනීමයි. හරියට හොරාගේ අම්මගෙන් නොවේ හොරාගේ යාළුවගේ යාලුවන්ගෙන් පේන ඇසීමක් සිදුව තිබෙනවා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top