Featured

මහා ප්‍රඥයාය,(ඌ කියන විදියට)නිස්සංක සේනාධිපති සල්ලි වලින් ඡන්ද කරපු හැටි

කොළඹ මනාප සටනින් යන්තම් විජේදාස රාජපක්‍ෂ මනාප 81,758 ලබාගනිමින් 8 වැනියාට පත්වුවාට ඒ සදහා දරා ඇති වියදම රනිල්,රවි සහ සුජිව දැරු වියදමට නොදැවෙනි බව දැන් අනාවරණය වෙමින් තිබේ. සමාජය හමුවේ මහා ප්‍රඥයායයි කියා ගත්තද ප්‍රඥයා (බුරුවන්ට කියන තවත් නමක්)කෙසේවෙතත් ඩිල්පිට ඩිල් ගහගන ඩිල් පප්පෙක් බවනම් දැන් අනාවරණය වි හමාරය.

ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් යැයි කියමින් යහපාලකයන් සන්නි නැටු ඇවන්ඩ් ගාර්ඩ් ආයතනයේ සභාපති නිස්සංක සේනාධිපති සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අතර කිසියම් සම්බන්ධයක් පවතින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක  මීට ඉහතදී අනාවරණය කල අතර පසුව එම අනාවරණය නිසා අනුර කුමාර ලක්ෂ 25කට විකුණුනු පුවත පවා එලියට එමෙන් අනුරද කුජිත වුනා.

තත්වය මෙසේ තිබියදී මෙවර මහ මැතිවරණයේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහයුම් කාර්යාලයක් ලෙස පවත්වාගෙන යනු ලබන නාවල පිහිටි තට්ටු ගොඩනැගිල්ලේ සම හිමිකාරිත්වය පවතින්නේ මෙම නිස්සංක සේනාධිපති හා විජේදාස රාජපක්ෂට බව අනාවරණය වුනා.

THILINA_RA

රඛිත රාජපක්ෂ සහ තිලින සුරංජිත(මහින්දට පසුපසින්)

මෙම ගොඩනැගිල්ලේ යටි මහලේ ඩයලොග් ආයතනයේ කාර්යාලයක් පවතින අතර ඉතිරි මහල් සියල්ලම මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා ස්තාපිත කොට ඇත්තේ විජේදාස මහතාගේ වැඩිමහල් පුත් රකිත රාජපක්ෂ විසිනි. සයිබර් අවකාශයේ විපක්ෂයේ පිරිස් වෙත හා තම පක්ෂයේම ක්‍රියාකාරී දේශපාලන චරිතයන් අමු අමුවේ ඝාතනය කිරීමේ නින්දිත ක්‍රියාවේ යෙදී සිටින මොහු ඒ සදහා මෙම ස්ථානයේ පිරිස් හසුරවන බවටද තොරතුරු දැන් වනවිට අනාවරණය වි හමාරය.

මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර මුදාහැරි මහා පරිමාණයේ සියලු මඩ ප්‍රහාරයන් මෙම ස්ථානයේ නිර්මාණය කල එවා බව එම ස්ථානයේ ඡන්දය අවසන් වනතෙක් බලහත්කාරයෙන් රඳවා ගනිමින් වැඩගත් තරුණයෙකු අප සමග පවසා සිටියා.

මේ සදහා මුල්‍යමය ප්‍රතිපාදන සලසා ගනු ලබන්නේ පසුගිය රජයේ ප්‍රබල ආධාරකරුවෙකුවුණු Access ආයතනයේ හිමිකරු සුමල් පෙරේරා මගිනි. මෙම සබදතාවය ගොඩනගාගනු ලබන්නේ වත්මන් ජනාධිපතිතුමන් චීනයේ සංචාරය කරන අතරතුරදී සුමල්ගේ මැදිහත්වීමෙන් මෙම රකිත ඇතුළු පිරිසට චීන සංචාරය සදහා අනුග්‍රාහකත්වය ලබාගැනිමෙන්ය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති පුත් හා බෑණා සමග සමීප ඇසුරක් ගොඩ නගාගන්නා මොහු, ජනාධිපතිතුමාගේ මාධ්‍ය ලේකම් තනතුරක් ලබාගන්නේ මාධ්‍ය පිළිබද කිසිදු අවබෝධයක් නැතිවය. සිය මාමණ්ඩිය මෙන්ම මෙගාඩීල් අඩි පාරේ යන ආරක්ෂක අමාත්‍ය අංශයේ රෙදි සෝදන මෛත්‍රීගේ දුවගේ මිනිහා වන තිලින සුරංජිත්ද මෙම කුමන්ත්‍රණ පසුපස සිටින බව අමුතුවෙන් කිවයුතු නැත.

Top