Featured

ඇමතිවරු අද 3යි-හෙට 80-ඉතුරු ටික සලාක ක්‍රමයට

ජනතාව ගොනාට අන්දමින් ඇතිකරගත් සභාග ආණ්ඩුවේ නව ඇමති මණ්ඩලය හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත අතර එහිදි කැබිනට් අමාත්‍යවරුන් 40ක් රාජ්‍ය අමාත්‍යවරැන් 10ක් හා නියෝජ්‍ය අමාත්‍යවරැන් 30 දෙනෙකු ඇතුලු 80 දෙනෙකු දිවුරුම් දෙන අතර ඉතිරි ඇමතිකම් සලාක ක්‍රමයට ලබාදිමට සුදානම් බව වාර්තා වේ. සමස්ත ආණ්ඩුවේ අමාත්‍ය සංඛ්‍යාව 112ක් වශයෙන් මේ වනවිටත් නම්කර අවසන් බව වාර්තා වේ.

අද දවස තුලදි කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු හදිසියේ දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර මුදල් ඇමති ධුරය තමන්ට ලබා නොදෙන්නේ නම් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවට රවි කරුණානායක බොරු ප්‍රචාර යවමින් සිටි.

නව ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස ආචාර්ය හර්ෂද සිල්වා මහතා පත් කිරීමට එක්සත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර ඇති අතර මෙතෙක් මුදල් ඇමති ධුරය දැරී රවි කරුණානායක මහතා මෙම තීරණය දැඩි විරෝධය පල කර ඇති අතර මේ සම්බන්දයෙන් වූ සාකච්චාවේදී කරුනානායක මහතා ඉගි පල කර ඇත්තේ තමනට මුදල් ඇමති ධුරය නොලැබුනහොත් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවයි.

 

Top