Featured

ඇමති මණ්ඩල සාකච්ඡාව අවුලක් වේ,චන්ද්‍රිකා-රනිල්-මෛත්‍රී සාකච්ඡා මඟ නතරකර යන්න යයි

ඊනියා ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් පත්කිරිම සම්බන්ධයෙන් ඊයේ(24) සවස පැවති සාකච්ඡා අවසානයේ චන්ද්‍රිකා-රනිල්-මෛත්‍රී අතර තද වචන හුවමාරුවක් සිදුවු බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.අවසානයේ තිදෙනාම සාකච්ඡා නතරකර දමා ඉවත්ව ගොස් ඇති අතර ඒ හේතුවෙන් අද දිනයේ දිවුරුම් දිමට සුදානම් කර තිබු සියල්ල බ්‍රහස්පතින්දා (27 වැනිදා) දක්වා කල් තබා තිබේ.

මෙම ගැටුමට මුලිකවම හේතු වි ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව වන අතර මෛත්‍රීපාල සිරිසේන එම අමාත්‍යංශයට තමන් කැමති අයෙකු පත් කිරිමට අවශ්‍ය බව පවසමින් එම අමාත්‍යංශය තමන්ගේ යටතට පත්කරන් ලෙස ඉල්ලා තිබේ. නමුත් අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලිම එකහෙළාම ප්‍රතිකේෂ්ප කර ඇති අතර චන්ද්‍රිකා එම ප්‍රශ්ණයට මැදිහත් නොවි සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.ජනමාධ්‍ය ඇමති අර්බුදය දැනගන්න කියවන්න –ජනමාධ්‍ය ඇමතිකමට රනිල්-මෛත්‍රී සටනක්!-කීලී ආණ්ඩුවට කෙලවන ලකුණු

මේ අතර චන්ද්‍රිකාගේ හුරතල් කොලුවා වන අර්ජුන රණතුංගට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය ලබාදිය යුතු බව තරයේම පවසා ඇති අතර රනිල් පවසා ඇත්තේ එම අමාත්‍යංශය රවුෆ් හකීම් මහතාට ලබාදිමට තමන් පොරොන්දු වි ඇති බවයි.

නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යධුර හතරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාරයේ තබාගත යුතු බවද චන්ද්‍රිකා පවසා ඇති අතර රනිල් වික්‍රමසිංහ එම යොජනාවට දැඩිලෙස විරුද්ධත්වය පලකර තිබේ.

තමන් කැබිනට් මණ්ඩලයට අලුතින් මලික් සමරවික්‍රම, හරින් ප්‍රනාන්දු, දයා ගමගේ, සාගල රත්නායක ඇතුළත් කිරීමටත් කටයුතු කරන බවත් මලික් සමරවික්‍රමට ප්‍රබල අමාත්‍යංශයක් ලබාදිමට තමන් යොජනා කර තිබේන බවත් වාර්තා වේ.

Top